try කරනවා නම් මෙන්න face mask

March 15, 2018
10,685
Here are some natural face masks
කාන්තා ඔබ අනිවාර්යෙන් හැමදාමත් ලස්සනට ඉන්න ඕන කියලා හිතන නිසා තමයි අපි හැමදාමත් ඔබේ සුන්දරත්වය වෙනුවෙන් විවිධ වූ ලිපි පළ කරන්නේ. අදත් කියන්නේ ඒ වගේම ඔබේ සුන්දරත්වය වැඩි කර ගන්න හා ආරක්ෂා කර ගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන. වෙළඳපොලෙන් මිලදී ගන්නා විවිධ කෘත්‍රිම ආලේපන වෙනුවට ඔබට මෙන්න මේ දේවල් අත්හදා බලන්න පුළුවන් නම් සැබෑම වෙනසක් දකින්න පුළුවන් වෙයි.

දීප්තිමත් සමක් සඳහා ගස්ලබු

ඉදුණු ගස්ලබු මදයට දෙහි යුෂ සහ මී පැණි තේ හැන්දක් මිශ්‍ර කර මුහුණේ ගල්වා විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

තෙල් සහිත සමකට

ඉදුණු ගස්ලබු මදයට දෙහි යුෂ හෝ දොඩම් යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර කර එය මුහුණේ ආලේප කර හොඳින් සම්භාහනය කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

කුරුලෑ සහිත සමක් සඳහා

ඉදුණු ගස්ලබු මදයට කලාදුරු අල කුඩු හෝ සුදු හඳුන් තේ හැන්දක් එකතු කර එයට මී පැණි බිංදු කිහිපයකුත් එකතු කරලා මුහුණේ ආලේප කරලා බලන්නකෝ.

අලිගැට පේර වලින් සුන්දරත්වය තව වැඩි කර ගන්න

පැහැපත් බව වර්ධනය කර ගන්නත් ලප කැළැල් වලින් තොර සමක් සඳහාත් ඉදුණු අලිගැට පේර මදයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කින් මද උණුසුම් වතුරින් සෝදා ඉවත් කරන්න.

ඇස් වටා කළු පැහැ වීමට ඉදුණු අලිගැට පේර මදයට එළකිරි හෝ යෝගට් මිශ්‍ර කර ඇස් වටා අලේප කරන්න. මෘදුව විනාඩි කිහිපයක් සම්භාහනය කොට සෝදා ඉවත් කරන්න.

කෙසෙල් කියන්නේ කැළැල් ඉවත් කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳ අමුද්‍රව්‍යක්. කෙසෙල් යෝගට් එක්ක මිශ්‍ර කර මුහුණේ ආලේප කර විනාඩි 20කට පසුව සෝදා ඉවත් කරන්න. අමු කෙසෙල් පෙති කිහිපයක් මුහුණේ ඇතිල්ලීමෙනුත් ලප කැළැල් ඉවත් කර ගන්න පුළුවන්.

අලිගැට පේර මුහුණේ සුන්දරත්වය වැඩි කර ගන්න වගේම හිස කෙස් අම්බන්ධ ගැටළු වලටත් හොඳ විසඳුමක්.

අකලට හිස කෙස් ගැලවී යාමට ඉදුණු අලිගැට පේර මදයට බිත්තර සුදු මදය, මී කිරි ස්වල්පයක් හා තල තෙල් මේස හැඳි 2ක් මිශ්‍ර කර හිසෙහි ගල්වා හොඳින් සම්භානය කරන්න. විනාඩි 30කින් හොඳින් ෂැම්පු කර සෝදා ඉවත් කරන්න.

හිසකෙස් වර්ධනය සඳහා අලිගැට පේර මදයට බිත්තර සුදු මදය හා ඔලිව් තෙල් මේස හැඳි 2ක් මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න එය හිස කෙස් වල මුල සිට අග දක්වා අලේප කරන්න. පසුව උණු වතුරින් පොඟවා ගත් තුවායකින් හිසකෙස් ආවරණය කරන්න. විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 701 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:23:43 AM
Script:/article/701/here-are-some-natural-face-masks.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 4:23:43 AM
Script:/article/701/here-are-some-natural-face-masks.html