මිනිත්තු දෙකෙන් කාන්තාවන්ට සිහින් පෙනුමක් ගෙන දෙන ක්‍රම

July 22, 2020
19,567
Get a slim look in two minuets
කාන්තාවෝ හැම වෙලාවකදීම ලස්සන ඇඳුම් ඇඳලා හැඩ බලන්න කැමතියි. ඒ වගේම අපි හිතන විදිහට සැමවිටම මනා හැඩයක් පවත්වා ගන්න එකත් අමාරුයි. නමුත් අපි හැමෝටම හොඳ පෙනුමක් අවශ්‍ය වනවා. ඉතිං අද හැඩකාරී අපි ඔයාට මිනිත්තු 2න් සිහින් පෙනුමක් ලබාගන්න හැටි මේ ලිපියෙන් කියලා දෙනවා. වඩාත් ඵලදායී උපක්‍රම කිහිපයක් මෙන්න.

සුව පහසු පාවහන් තෝරන්න

- සමේ වර්ණයට සමාන සපත්තු පැළඳින්න. ලා දුඹුරු, හෝ දුඹුරු පැහැයන් ඔයාගේ කකුල් වල වර්ණයට ආසන්නතම වර්ණයන් වන නිසා ඔයාගේ උසත් වැඩි කරලා පෙන්වනවා. 

- ඔයා කලිසමක් හෝ ටයිට් ගවුමක් ඇඳ සිටී නම්, ඒ ඇඳුමේ වර්ණයට සමාන සපත්තු දෙකක් තෝරන්න. මෙම ක්‍රමය මගින් උස වැඩි කරලා පෙන්වනවා.

- වළලුකර වටා පටියක් හෝ ගාංචුවක් සහිත සපත්තු පළදින්න එපා. මෙමගින් ඔයාගේ උස අඩු කරලා පෙන්වනවා.


ඉතා කුඩා හෝ විශාල ඇඳුම් ඇඳීමෙන් වළකින්න

ඔයාගේ සිරුරට වඩා කුඩා හෝ විශාල ප්‍රමාණයේ ඇඳුම් මිලදී ගන්න එපා. එවැනි ඇඳුම් වලින් ඔයාගේ අඩුපාඩු ඉස්මතු කරන අතර තරබාරු බවක් එකතු කරනවා . ඔයා අඳින ඇඳුම සිරුරට ගැළපෙන්න ඕනේ. එමගින් අඩුපාඩු සඟවා ගනිමින් ඔයාට අවශ්‍ය දේ ඉස්මතු කරයි.

සෑම විටම ඔයා කොන්ද කෙළින් තබා ගන්න

නිවැරදි ඉරියව් අනුගමනය කිරීමෙන් සැම කාන්තාවකටම විශ්මයජනක පෙනුමක් ලබා ගත හැකි අතර එමඟින් ඔයාගේ ඉණ හැඩ කරනවා. නරක පුරුදු නිසා ඔයාගේ උස අඩු කර පෙනෙනවා පමණක් නොව, සෞඛ්‍ය ගැටලු ද ඇති වෙනවා. මෙය වළක්වා ගැනීම සඳහා, සෑම විටම කොන්ද කෙළින් තබාගෙන ඇවිදින්න. 

නිවැරදි රෙදි තෝරා ගන්න

රළු රෙදි වලින් මසන ලද ඇඳුම් මිලදී ගන්න එපා. ඒ වගේම හතරැස් කරක් සහිත ඇදුම් වලින් වළකින්න. සුමට හා නම්‍යශීලී රෙදි වලින් සාදන ලද ඇඳුම් තෝරන්න.

නිවැරදි උපාංග තෝරන්න

බෙල්ලට තද වුණු ස්කාෆ් පළඳින්න එපා. ඔයාට ස්කාෆ් එකක් පැළදීමට අවශ්‍ය නම් ලිහිල් කර පළදින්න. වටකුරු හෝ V හැඩැති කරක් හොඳම තේරීමක්. 

ඔයාගේ ගැටළු සහිත ප්‍රදේශ වසන්න එපා

සමහර විට, ගැහැණු ළමයින් ගැටළු සහිත ප්‍රදේශයක් අධික ලෙස ආවරණය කිරීමට උත්සාහ කරනවා.  උදාහරණයක් ලෙස, ඔයාගේ ඉණ පෙනුමට ඔයා අකමැති නම්, විශාල සාක්කු සහිත ජීන්ස් පැළදිනවා. ඒ දෙවල් කරන්න එපා. ගැටළු සහිත ප්‍රදේශයකට ඔයා අඩු අවධානයක් යොමු කරන තරමට වඩා හොඳයි.

කොණ්ඩා මෝස්තර

විශාල හා පිම්බුනු කොණ්ඩා මෝස්තරයකින් ඔයාගේ පෙනුමට අසමතුලිතතාවයක් එක් කරනවා. මධ්‍යම ප්‍රමාණයේ හෝ උරහිස් ප්‍රමාණයට කොන්ඩය කැපීමෙන් කෙට්ටු පෙනුමක් ගන්න පුලුවන්. අනවශ්‍ය කොන්ඩා මෝස්තර ඔයාගේ මුහුණට තරබාරු පෙනුමක් එකතු කරනවා.

හැඩ ඇඳුම් අඳින්න

ඇඟේ හැඩය පෙන්වන ඇඳුම් ඔයාට මනා පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා. ඊට අමතරව, අධික තරබාරු කාන්තාවන්ට මෙය ප්‍රයෝජනවත් වෙනවා. නමුත් නිතර මෙවැනි ඇඳුම් අඳින්න එපා. විශේෂ අවස්ථා සඳහා පමණක් හැඩ ඇඳුම් භාවිතා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1719 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:16 AM
Script:/article/1719/get-a-slim-look-in-two-minuets.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:16 AM
Script:/article/1719/get-a-slim-look-in-two-minuets.html