කළු කොණ්ඩයට මැච් වෙන විදිහට කෙස් කළඹ වර්ණ ගන්වමු

June 21, 2020
14,186
Matching colours to colour black hair
පසුගිය වසර කිහිපයේම හිසකෙස් වර්ණ ගැන්වීමට යුවතියන් අතර වැඩි ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. කළු හිසකෙස් ඕනෑම සමේ වර්ණයකට ගැලපෙන පරිදි යොදා ගත හැකි අතර කැපී පෙනෙන වර්ණ තෝරා ගැනීම අපහසුයි. නමුත් මේ විදිහට කෙස් කළඹ වර්ණ ගැන්වීමෙන් සරාගී හා නවීන පෙනුමක් ලබා ගන්න පුළුවන්.  රූපලාවණ්‍යාගාරයක් තුළ දී කැපී පෙනෙන උචිත වර්ණ ගැන්වීමෙන් මනරම් පෙනුමක් ලබා ගත හැක. මෙම ජනප්‍රිය කළු කොණ්ඩා වර්ණ ගැන්වීම් කිහිපය බලලා තීරණයක් ගමු.

1. Balayage (බලීයාජ්) කළු හිසකෙස්
ඔබේ හිස කෙස් පැසසුමට ලක් කිරීමේ ඇති හැකියාව නිසා Balayage වසර ගණනාවක් තිස්සේ හිසකෙස් වර්ණකය අපි අතර ප්‍රධාන තැනක් ගන්නවා. ඔයාට කළු හිසකෙස් ඇති විට, විලාසිතාව හා මානය ඉස්මතු කිරීම සඳහා ඔබේ මෝස්තර ශිල්පියාට balayage caramel වර්ණය භාවිතා කළ හැක. ස්වාභාවිකවම රැලි සහිත හිසකෙස් මතට මෙම වර්ණය වඩාත් ලස්සනයි.



2. දුඹුරු ඉස්මතු කරන කළු හිසකෙස්
කළු වර්ණයට උද්දීපනයක් එක් කිරීම සඳහා දුඹුරු වර්ණය භාවිතා කළ හැක. දුඹුරු සහ තඹ වැනි වර්ණ ඔයාගේ කළු කොණ්ඩය සමඟ ලස්සනට ක්‍රියා කරයි. ස්වාභාවික පෙනුමක් ඇති කිරීම සඳහා, ඔබේ කොණ්ඩා මෝස්තරය වැදගත් කාර්යයක් ඉටු කරනවා.



3. Blonde පැහැ ඉස්මතු කිරීම් සහිත කළු හිසකෙස්
කළු හිසකෙස් මතට Blonde පැහැ එක් කිරීමෙන් අසාමානය මානයක් එක් කරයි. ඔයා සැහැල්ලු වර්ණයක් අත්හදා බැලීමට බලාපොරොත්තු වන්නේ නම්, කළු වර්ණය සමග මී පැණි පැහැයට හුරු රන්වන් වර්ණයද යෝග්‍යයි. 



4. නිල් කළු හිසකෙස්
හිසකෙස් අඳුරු වර්ණයක් එකතු කිරීමට කැමති කාන්තාවන්ට නිල්-කළු හිසකෙස් වඩාත් හොඳ විකල්පයකි. නිල් වර්ණය කළු හිසකෙස් මතට තෝරාගැනීමේදී, වර්ණ ගැන්වීම සහ බැබළීම සහතික කිරීම සඳහා ඔයා high-gloss treatment එකක් කිරිමට වග බලා ගන්න.



5. කළු සහ රතු හිසකෙස්
කළු සහ රතු හිසකෙස් වඩාත් ජනප්‍රිය වර්ණ සංයෝජනයකි. එයට හේතුව එය කැපී පෙනෙන නමුත් සෑම දිනකම අලංකාරයක් එක් කරයි. සමූහයා වෙතින් කැපී පෙනෙන බව සහා දීප්තිමත් නිමාවක් සඳහා, රතු පැහැ තෝරා ගන්න. 



6. කළු දම් පැහැති හිසකෙස්
කළු-දම් පැහැති හිසකෙස් වලින් නවීන හැඟීම පවත්වා ගෙන යන නමුත් සියුම් පෙරළියක් එක් කරයි. ගැඹුරු සම ඇති අය සඳහාද එය හොඳින් ක්‍රියා කරයි.


Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1662 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:08:15 AM
Script:/article/1662/matching-colours-to-colour-black-hair.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:08:16 AM
Script:/article/1662/matching-colours-to-colour-black-hair.html