නුවර රසට නියම පොලොස් ඇඹුල හදන්නේ මෙහෙමයි

June 21, 2018
13,866
How to make Polos the Kandy taste
පොලොස් ඇඹුලක් එක්ක බත් ටිකක් කන්න ලැබෙනවා කියන්නේ ඉතින් මාරම වාසනාවක්. හැබැයි ඉතිං ගොඩක් අය හරිම විදිහට පොලොස් ඇඹුලක් හදන්න දන්නේ නැහැ. ඒ වගේම ගොඩක් අය හිතන්නේ පොලොස් ඇඹුලක් හදන එක හරිම අමාරු වැඩක් කියලා. උඩරට පළාත ඉතින් කටට රසට හදන කෑම බීම වලට කොහොමත් ප්‍රසිද්ධයි නේ. ඒ කෑම බීම අතර තියෙන රසම කෑමක් තමයි පොලොස් ඇඹුල කියන්නේ. හදන්න බෑ කියලා හිතාගෙන ඉන්න අයට වගේම හරියට හදාගන්න බැරි අයටත් නුවර රසට නියම විදිහට පොලොස් ඇඹුල ලේසියෙන්ම හදාගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අද අපි ඔයාලට කියන්නේ.

01. පොලොස් ගෙඩිය තෝරාගෙන හරිම විදිහට කපන්නේ මෙහෙමයි

ලොකු ප්‍රමාණයේ පොලොස් ගෙඩි තෝර ගන්නේ නැතුව නිතරම ප්‍රමාණයෙන් කුඩා ගෙඩි තෝරාගන්න. මොකද ඒ පොලොස් ගෙඩි වල රසය වැඩියි. ඒ විදිහට තෝරගත්ත පොලොස් ගෙඩිය පොඩිවට කෑලි කපා ගන්න දැන් ඒ කෑලි වල පොත්ත තිබුණු පැත්තේ ගැඹුරට පිහියෙන් ඉරි ටිකක් ගහන්න කෑලි වෙන් නොවෙන්න. මෙහෙම කරාම කෑලි හොඳට තැම්බෙනවා වගේම කෑලි වලට හොඳට තුනපහ අහනවා.

02. අවශ්‍ය වෙන නියම කළමණා ටික

කපාගත්තා පොලොස් ටික උයාගන්න වළඳට නැතුව වෙන බාජනයකට දාල නුවර පොලොස් ඇඹුලට දාන නියම කළමනා ටික එකතු කරගන්න. ඕනේ වෙන්නේ මේ ටික තමයි බැදපු මිරිස්කුඩු, කළුකුඩු තේ හැඳි 2 ක්, ලුණු, කුඩු කරගත්ත කරදමුංගු ඇට කිහිපයක් සහ කුරුඳු කැබැල්ලක්, ගොරකා කෑලි 6 ක් 7ක්, කොච්චි කරල් 10 ක් 15 ක්, උම්බලකඩ කෑලි ටිකක්, රම්පෙ කෑල්ලක්, කරපිංචා කරන්න තියෙන්නේ මේ දේවල් ටික ඔක්කොම දාලා පොලොස් කෑලි ටිකත් එක්ක කවලම් කරලා ටික වෙලාවක් පැත්තකින් තියන්න ඕනේ තුනපහ හොඳට පොලොස් කෑලි වලට අල්ලන්න.

03. පොල් කිරි හරියටම හදාගන්නේ මෙහෙමයි

සාමාන්යෙන් පොල් ගෙඩි 1 1/2 විතර කිරි ප්‍රමාණවත් අමු පොල් ගෙඩියක කිරියි වේලුන පොල් ගෙඩියක බෑවකුයි ගත්තොත් නියමයි. මේ දෙකම ගලා ගන්න කිරි ටික උකුවට තමයි තියෙන්න ඕනේ. එතකොට පොලොස් ඇඹුල රසයි වගේම හොඳට තෙල් පෑදෙනවා. ඒ වගේම හරියටම තියෙන්න ඕනේ කිරි ප්‍රමාණය ගැන කියනවා නම් පොලොස් එකට කිරි ටික දැම්මට පස්සේ පොලොස් කෑලි වලින් උඩට කිරි තියෙන්න ඕනේ.

04. හරියටම හදන්නේ මෙහෙමයි

මතක තියාගන්න පොලොස් ඇඹුලට මැටි හට්ටියක් තමයි ගැලපෙන්නේ. දැන් පොලොස් එක හදන්න ගන්න මැටි හට්ටිය ලිපේ තියලා මේකට තෙල් ටිකක් දාලා පොඩිවට කපාගත්ත රතුළුණු ටිකක් රම්පේ කරපිංචා ටිකක් දාල ඒ ටික රන්වන් පාට වෙනකොට කහ ටිකක්, මිරිස් කුඩු ටිකක් දාලා හැන්දෙන් කලවම් කරලා කලින් හදාගෙන පැත්තකින් තියාගත්ත පොලොස් ටික දාන්න දැන් ගින්දර ටිකක් වැඩි කරලා හැන්දෙන් එහා මෙහා කරන ගමන් කිරි ටික එකතු කරන්න. දැන් කිරි ටික පැහෙන්න තියන්න.

05. දැන් තමයි වැදගත්ම වේලාව

කිරි ටික පැහෙනකොට ගින්දර අඩු කරන්න මද ගින්නේ තමයි මෙතන ඉදන් පොලොස් එක ඉදෙන්න ඕනේ. එතකොට තමයි පොලොස් හොඳට තැම්බෙන්නේ වගේම ලස්සනට තෙල් පෑදෙන්නේ. ගින්දර වැඩියෙන් තිබුනොත් ඉක්මනට කිරි ටික හිඳිලා ගිහින් පොලොස් එක සවුත්තු වෙනවා. මේ විදිහට අඩු ගින්දරේ පැය 3 ක් 4 ක් තැම්බෙන්න ඕනේ. මතක ඇතුව හට්ටිය හොලවලා සැරින් සැරේට පොලොස් එක පෙරලා ගන්න නැත්නම් අඩිය අල්ලන්න පුළුවන්. ඒ වගේම තමයි හැන්දෙන් පොලොස් එක පෙරලන්න යන්න එපා එහෙම උනොත් කෑලි කුඩු වෙනවා.

06. කන්න වගේම හදන්නත් හොඳ වේලාව

පොලොස් එක රෑට හදන එක තමයි හොඳ පහුවදාට කන්න එතකොට හොඳට රසට පොලොස් එක තැම්බිලා තියෙනවා විතරක් නෙවෙයි ලස්සනටත් තියෙනවා. ඒ වගේම රෑට හදනකොට නිදහසේ හදන්නත් පුළුවන්. ඒ නිසා රෑට පොලොස් එක හදලා පහුවදාට කාලා බලලා අපිටත් රස කියන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 899 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:13 AM
Script:/article/899/how-to-make-polos-the-kandy-taste.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:38:13 AM
Script:/article/899/how-to-make-polos-the-kandy-taste.html