ලස්සන වෙන්න දැන් වෙන මොකුත් ඕන නැහැ. බේකින් සෝඩා තිබුණ නම් ඇති

March 9, 2018
29,202
Beauty tips with baking soda
අපේ ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න සැලෝන් වලට යන අතරේ නිවසේදීත් පොඩි පොඩි රුපලාවන්‍ය සත්කාර අත්හදා බලනවනේ. ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ විදියට ඉතාමත් පහසුවෙන් ඔයාට ගෙදරදී try කරන්න පුළුවන් රුපලාවන්‍ය සත්කාර කිහිපයක් තමයි මේ. ඕන කරන්නේ පොඩි දේවල් ටිකක් විතරයි. බලන්නකෝ මේ දේවල් මොනතරම් පහසුයිද කියලා.

1. දෑත් වලට ස්වාභාවික ස්ක්‍රබ් එකක්

වියලි දෑත් වලට බේකින් සෝඩා හොඳ විසඳුමක්. බේකින් සෝඩා ස්වල්පයක් උණු වතුරට එකතු කර එයින් හොඳින් අත් අතුල්ලන්න. දෑත් වල මැරුණු සමත්, වියලි බවත් අවම කර ගන්න කදිම විසඳුමක්.

2. බේකින් සෝඩා වලින් කකුල් වලට සත්කාරයක්

කලින් මිශ්‍රනයම හොඳින් පිරිසිදු කර ගත් කකුල් වල අලේප කරන්න. විනාඩි 30ක් පමණ තිබෙන්නට හැර ඉවත් කරන්න. කකුල් නිතරම අපිරිසිදු වෙනවා, වැඩි පුර විෂ බිජ එක්ක ගැටෙනවා. ඒ විෂබීජ ඉවත් කර දෙපා පිරිසිදු කර ගන්න බේකින් සෝඩා වලින් ලොකු සහයක් ලැබෙනවා.

3. හිරු එලියට පිළිස්සුනු සම නැවත යතා තත්ත්වයට පත් කරන්න

ශරීරයේ අත්, කකුල්, කොන්ද ආදී ප්‍රදේශ නිතරම අව්වට පිළිස්සෙනවා. ඒ පිළිස්සුනු සම නැවත යතා තත්ත්වයට පත් කරන්න බේකින් සෝඩා යොදා ගන්න පුළුවන්.

බේකින් සෝඩා කෝප්ප භාගයක් සහ වතුර කෝප්ප භාගයක් එකතු කර මිශ්‍ර කර අවපැහැ වුනු සම මත අලේප කර විනාඩි 20කින් සෝදා ඉවත් කරන්න. සමේ අවපැහැ ඉවත් කරන්නත් අසාදන නිසා ඇති වන කැසීම් ආදිය සුව කරන්නත් උදව් වෙනවා.

4. නියපොතු වලට

බේකින් සෝඩා සහ වතුර ස්වල්පයක් මිශ්‍ර කර නිය පොතු වල ආලේප කරන්න. විනාඩි 10ක් පමණ වෙලා තිබෙන්නට හැර ඉවත් කරන්න. නියපොතු සම්බන්ධ ප්‍රශ්න වලට හොඳ විසඳුමක්

5. ස්වභාවික ඩියෝඩ්‍රන්ට් එකක්

බේකින් සෝඩා තේ හැන්දක් වතුර ස්වල්පයක මිශ්‍ර කර අත් යට අලේප කරන්න හොඳින් අතුල්ලන්න. විනාඩි 20කින් පමණ සෝදා ඉවත් කරන්න.

6. බේකින් සෝඩා ෆේෂ් වොෂ් එකක් විදියට භාවිතා කරන්නේ මෙහමයි

බේකින් සෝදා තේ හැඳි 2ක්
මද උණුසුම් වතුර තේ හැඳි 1ක්

දැන් හොඳින් ගන පල්පයක් වෙන විදියට මිශ්‍ර කර ගන්න. තෙමා ගත් මුහුණ මත ආලේප කර කවාකාරව සම්බාහනය කරන්න. පිරිසිදු වතුරින් සෝදා ඉවත් කරන්න. මෙය සතියට දින තුනක් පමණ කිරීමෙන් ඔයාට සතුටුදායක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මැරුණු සම ඉවත් කරන්නත් සමේ ph අගය සමබර කරන්නත් මෙයහෙතු වෙනවා.

7. ස්වභාවික ෂැම්පු එකක්

ෂැම්පු එකක් විදියට බේකින් සෝඩා ඉතා ප්‍රතිඵලදායකයි. එයින් හිස් කබලේ දුවිලි හා අනවශ්‍ය තෙල් සහිත බව ඉවත් කර ගන්න පුළුවන්. ජලය හා ලෙමන් යුෂ සමග බේකින් සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර තෙත හිස් කබලේ ආලේප කර විනාඩි කිහිපයක් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 693 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:04:04 AM
Script:/article/693/beauty-tips-with-baking-soda.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 10:04:04 AM
Script:/article/693/beauty-tips-with-baking-soda.html