ඔයත් සුදු වීමේ උන්මාදයෙන් පෙලෙන කෙනෙක්ද? එහෙනම් අනිවාර්යෙන් කියවන්න

November 30, 2017
9,726
Crazy of becoming fair? Read this
කාන්තා පිරිමි කියල විශේෂයක් නැතුව හැමෝම තමන්ගේ භාහිර පෙනුම ගැන උනන්දු වෙනවා. ඒක සාමාන්‍ය කාරණාවක්. මොකද හැමෝම කැමතියි තමන් ලස්සනයි කියල කියනවට. අනිත් අයගේ ආකර්ශනයද දිනා ගන්න, අනිත් අයට වඩා කැපිලා පේන්න. ඒ නිසාම හැමෝම තමන්ගේ භාහිර පෙනුම වැඩි කර ගන්න නොයෙකුත් දේවල් කරනවා. විශේෂයෙන් තමන්ගේ හමේ පැහැය. හැමෝටම ඕන සුදු වෙන්න. ඇයි එහෙම වෙන්නේ?එතකොට සුදු අය විතරද ලස්සන. නෑ.

එත් ගොඩාක් දෙනෙක් සුදු වීමේ උන්මාදයෙන් පෙළෙනවා. සුදු වෙන්න කියල නොකරන දෙයක් නැහැ. සමහර විට ඔයා දැනටමත් මේ උන්මාදයෙන් පෙළෙනවා ඇති. ඒ නිසාම මේ වන විටත් ඔයා වෙළඳපොලේ ඇති සුදු වීමේ ආලේපන හෙවත් බ්ලීචින් අඩංගු ක්‍රීම් ගණනාවක් අත්හදා බැලූ කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒවායින් ඔය ඔයාගේ පැහැය තිබුනටත් වඩා වෙනසක් ඇති කරගෙන ඉන්නවා වෙන්නත් පුළුවන්. එත් ඒකෙන් ඔයාට වෙන හානිය ගැන පොඩ්ඩක් වත් හිතුවද?

ලස්සන වෙනවා කියන්නේ සුදු වෙන එකට කියලා හිතාගෙන ඔයා සුදු වෙන්න උත්සාහ කරනවා නම් මුලින්ම ඔයා ඒ මානසිකත්වයෙන් මිදෙන්න. සුදු හැමෝම ලස්සන නැහැ. කළු හැමෝම අවලස්සනත් නැහැ. සුන්දර සමක් හිමි කර ගැනීම වෙනුවට ඔයාටත් ඕන කරන්නේ සුදු වෙන්න නම් ඔයාට කවදාවත් ඔයාගේ සැබෑ සුන්දරත්වය මතු කර ගන්න ලැබෙන්නේ නැහැ.

දකුණු ආසියාතික රටක ජීවත් වෙන පුද්ගලයන් වෙන අපිට ආවේනික වුනු සමේ පැහැයක් තිබෙනවා. ලංකාව කියන්නේ ඝර්ම කලාපිය රටක්. අපේ රටේ උෂ්ණත්වය අනිත් රට වලට වඩා තරමක් වැඩියි. ඒ උෂ්ණත්වයෙන් හා දැඩි හිරු රැස් වලින් සම රැක ගන්න සමේ මෙලනින් කියන වර්ණකය නිපදවෙනවා. ඒ නිසා තමයි අපේ සම තලෙළු හෝ කළු පැහැයක් ගන්නේ. ඒක අපිට ස්වභාවයෙන්ම උරුම වුණු දෙයක්.

ලංකාවේ ගොඩාක් අය සුදු නැහැ. බොහෝ දුරට එය තලෙළු වර්ණය කියල කිවුවොත් නිවැරදියි.ඒ නිසා අපි සිදු කළ යුතු වන්නේ ස්වභාවයෙන්ම අපිට උරුම වුණු සම නිරෝගීව සහ පැහැපත්ව තබා ගැනීම මිසක්, සම සුදු කර ගැනීමට වෙහෙසීම නෙවෙයි. සමට අහිතකර බ්ලිචින් අඩංගු ක්‍රීම් වර්ග වගේම එන්නත්කරණය මඟින් සමේ පැහැය සුදු කර ගන්න උත්සාහ කරන අතරේදීම එයින් ඔබට සිදු වන හානිය කොතෙක්ද යන්න ගැනත් අවබෝධයක් ඇති කර ගන්න.

පසු කාලීනව විවිධ ආසාදන, රෝගාබාධ හා පිළිකා තත්ත්වයන් ඇති කරන්න මේ සම සුදු කරන ආලේපන වලට පුළුවන්. විරංජන කුඩු හා අහිතකර රසායනිකයන් අඩංගු නොවන ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන ඕන තරම් වෙළඳපොලේ තියෙනවා. ඒ වගේ උසස් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බව අතින් ඉහල නිෂ්පාදන නිවැරදිව තෝරා ගන්න. සුදු වෙන්න ගිහින් ජිවිතේ අනතුරේ හෙලන්න එපා. ලස්සන වෙන්න, පැහැපත් වෙන්න ඔයාගේ ස්වභාවික සුන්දරත්වයට හානි නොවන විදිහට, ඔයාගේ සෞඛ්‍ය පිරිහෙන්නේ නැති විදිහට.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 550 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/550/crazy-of-becoming-fair-read-this.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:40:37 AM
Script:/article/550/crazy-of-becoming-fair-read-this.html