මේ දවස තවමත් ඔබව අපහසුතාවයට පත් කරනවද?

April 25, 2018
8,984
Is this day still trouble you?
හැම කාන්තාවක්ම මසකට වරක් මුහුණ දෙන මාස්ශුද්ධිය කියන්නේ කාන්තාවට උරුම වුනු ස්වාභාවික සිදුවීමක්. ඒ වගේම ඔබ උත්තරීතර මව් පදවිය ලබන්න සුසුසු කාන්තාවක් බවට පත් වෙන්නේ මෙම ක්‍රියාවලියේ ආරම්භයත් එක්ක. ඒ වගේම මාසික ඔපස් වීම සම්බන්ධයෙන් හැම තරුණියක්ම, කාන්තාවක්ම අනිවාර්යෙන් දැනුවත් විය යුතු දේවල් කිහිපයක්ම තියෙනවා. ඔබගේ නිරෝගී භාවයටත් සනිපාරක්ෂාවටත් වැදගත් වන මේ දේවල් ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. 

මේ දින වලදී ඔබ වැඩිපුර වතුර පානය කරන්න ඕන කියන එක මතක තබා ගත යුතුයි. ඔපස් කාල සීමාවේදී ඇතැම් අය ගොඩක් වේදනාවට, අපහසුතාවයට පත් වෙනවා, ඒ තත්ත්වයෙන් ඔබව මුදවා ගන්න වගේම ඔබව විජලනයට පත් වීමෙන් වලක්වා ගන්නත්, ශක්තිය අවම වී ඔබව දුර්වල වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කරන්නත් වතුර පානය කරන එක ගොඩක් උදවු වෙනවා.

මේ කාලය අතර තුර ඔබ උදරයේ වේදනාව නිසා පිඩා විඳිනවා නම් ඒ ඇති වන වේදනාව අවම කරවා ගන්න තේ, කෝපි හෝ කොත්තමල්ලි පානය කරන්න. වේදනා නාශක බෙහෙත් වලට හුරු නොවී ස්වාභාවික ක්‍රම මඟින් සහනය ලබා ගැනීම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. වේදනා නාශක වලට හුරු විම පසුකාලීනව වෙනත් රෝගාබාධ ඇති කරන්න හේතු වෙනවා.

පෝෂ්‍යදායි ආහාර ලබා ගැනීම මේ කාලයේදී අතිශය වැදගත්. ගොඩක් දෙනෙක් මේ කාලය තුළ මස් වර්ග, බිත්තර, මේදය සහිත ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් හැම පෝෂ්‍ය පදාර්තයක්ම සම්පුර්ණ වෙන විදියට ආහාර ලබා ගන්න එක හරිම වැදගත්. මෙම දින කිහිපය තුළ ඔබේ ශරීරයෙන් අධික ලෙස රුධිරය ඉවත් වෙන නිසා සිරුරට ශක්තිය ලබා දෙන ආහාර ලබා ගත යුතුමයි. විශේෂයෙන් කුඩා කටු සහිත මාළු, මස්, බෝංචි, බිත්තර, නිවිති ඇතුළු පලා වර්ග අමතක කරන්නම එපා. 

විශේෂයෙන් යකඩ අඩංගු ආහාර වැඩිපුර ආහාර වේලට එකතු කර ගන්න. එයින් මේ දින වලදී ඔබව අපහසුතාවයට පත් කරන බොහෝ තත්ත්වයන් අවම කර ගන්න පුළුවන්. ඉක්මනින් දිරවිය හැකි ආහාර ලබා ගන්න. දිරවීමට අපහසු ආහාර ලබා ගැනීමෙන් ඔබ තවත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. 

මේ දින වලදී විවේකය හා නින්ද මඟ හරින්න එපා. එහෙම වුණොත් ඔබ ඉතා ඉක්මනින් තෙහෙට්ටුවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රමාණවත් තරම් නින්දක් ලබා ගන්න. ශරීරය වෙහෙසන දේවල් කිරීමෙන් වලකින්න.
 
මේ හැම දේකටම වඩා ඔබේ පිරිසිදුකමට මුල් තැන දෙන්න. මේ දිනයන් වලදී වෙනත් දිනයන්ට වඩා ඔබ ඔබේ පිරිසිදුකම ගැන සිතිය යුතුයි. පැය 4න් 4ට වත් සනීපාරක්ෂක තුවාය මාරු කරන්න. ඒ හැම අවස්ථාවකම ඒ ප්‍රදේශ හොඳින් සෝදා වියලිව තබා ගන්න. ඒ සඳහා මෘදු සබන් වර්ගයක් පාවිච්චි කරන්න. ඒ වගේම තත්ත්වයෙන් උසස් සනීපාරක්ෂක තුවායක් තෝරා ගන්න. එය ඔබව දිගු වෙලාවක් පහසුවෙන් තබන්න සමත් වෙන්නක් විය යුතුයි. 

ඔබ තෝරා ගන්නා සනීපාරක්ෂක තුවාය නිසි දිග, පලළ සහ හොඳින් තෙතමනය උරා ගන්නා සනීපාරක්ෂක තුවායක් වීම ඉතා වැදගත්. ඒ වගේම හොඳින් වාතාශ්‍රය ගමන් කරමින් මතුපිට වියළිව තැබීමත් ඔබේ පහසුවට ඉතා වැදගත්. රළු මතුපිට ස්ථරය සහිත ඔබව අපහසුතාවයට පත් කරන සනීපාරක්ෂක තුවායන් භාවිතයෙන් වලකින ගමන් ඔබට උපරිම සුව පහසුවක් ලබා දෙන සුපිරි උරාගැනීමක් සහිත Lily සනීපාරක්ෂක තුවා තෝරා ගන්න. රුධිරය හොඳින් උරා ගැනීම මෙන්ම නැවත මතුපිටට කාන්දුවීම් වලක්වන Lily සනීපාරක්ෂක තුවා මතුපිට නිතරම වියලි ස්වභාවක පවත්වා ගැනීමට උපකාරී වෙනවා.  

මේ දේවල් ගැන වැඩි අවදානයක් දෙනවා නම් ඔබව අපහසුතාවයට පත් කරන මේ දවස් කිහිපයත් කිසිම ගැටලුවකින් තොරව ගෙවන්න ඔබට පුළුවන්.

Powered by

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 791 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:22 PM
Script:/article/791/is-this-day-still-trouble-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:23:22 PM
Script:/article/791/is-this-day-still-trouble-you.html