සමේ ඇති වන ආසාත්මිකතා සඳහා සාර්ථක නිවෙස් පිළියම් කිහිපයක් මෙන්න

August 5, 2020
6,738
Home remedies for skin allergies
ආසාත්මිකතාවයක් කියලා හඳුන්වනවට වඩා ඇලජික් එකක් කිව්වම තමයි මේ ගැන ගොඩක් දෙනෙක් දන්නේ. සමේ අසාත්මිකතාවයක් කියන්නේ ඔයාගේ සමට ආගන්තුක ද්‍රව්‍යයක්‌ ස්පර්ශ වෙනකොට ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට ප්‍රතිදේහ නිපදවනවා. බොහෝ වෙලාවට සමේ රතු පැහැති ලප ඇතිවීම, කැසීම, ඇස්‌ රතුවීම, කඳුළු ගැලීම, ඇස්‌ කැසීම වගේ ලක්‌ෂණ දක්නට ලැබෙන්නේ එතකොටයි.

ඔයා යමක් ස්පර්ශ කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන් පස්සේ සමේ දැවිල්ල හෝ කැක්කුමක් ඇති වෙනවා නම් ඒකෙන් අසාත්මිකතා ඇති වීමට ඉඩ තියෙනවා. සමේ ආසාත්මිකතාවන්ට එරෙහිව සටන් කිරීමට සහ කැසීම සමනය කිරීමට උපකාරී වන ස්වාභාවික විකල්ප ප්‍රතිකාර කිහිපයක් මෙම ලිපියෙන් අපි කියලා දෙන්නම්. 
 
හරි... දැන් බලමු ඔයාට ගෙදරදී මේකට මොනවද කරන්න පුළුවන් කියලා.

1. කෝමාරිකා
කෝමාරිකා ජෙල්  වලට ආසාත්මිකතා සුව කරන්න පුළුවන්. ඒවායින් ආසාත්මිකතාවය ඇති වූණු ප්‍රදේශය වේගයෙන් සුවපත් කරනවා විතරක් නෙමෙයි, ඉදිමුම සහ දැවිල්ල සමනය කරන අතර කැසීම සහ රතු පැහැය ද අඩු කරයි.

ඔයා කළ යුතු දේ

01. කෝමාරිකා කොළ වල තියන ජෙල් කොටස හොඳින් සෝදා අරගන්න. නැත්නම් කෝමාරිකා ජෙල් එකක් මිලදී ගන්න.
02. ගැටළුව සහිත ප්‍රදේශවල ආලේප කරලා විනාඩි 30 කට පසුව සෝදා හරින්න. මෙම සත්කාරය මගින් සාර්ථක ප්‍රථිපල ලබා ගන්න නම් ඒක දිනකට 3 වතාවක්ආලේප කරන්න.

2. බේකිං සෝඩා
බේකිං සෝඩා වලින් සමේ pH අගය අසමතුලිත වූ විට එනම් alkaline බලපෑමට ලක් වූණු ප්‍රදේශයේ pH අගය යථා තත්වයට පත් කිරීමට උපකාරී වන අතර කැසීම් සහ කුෂ්ඨ සුවපත් කරනවා. එය ආසාත්මිකතා වලට එරෙහිව සටන් කරලා ඔයාගේ සම ඉක්මණින් සුව  කරයි.

ඔයාට අවශ්‍ය වන්නේ 

බේකිං සෝඩා තේ හැඳි 1
ජලය අවශ්‍ය තරමට 

ඔයා කළ යුතු දේ
ඝන පේස්ට් එකක් සෑදීම සඳහා බේකිං සෝඩා තේ හැන්දකට වතුර බින්දු කිහිපයක් මිශ්‍ර කරන්න. පසුව ආසාත්මිකතාවය ඇති වූ තැනේ මෙම පේස්ට් එක ආලේප කරන්න.
මිනිත්තු 10 ක් පමණ තියලා සෝදා හරින්න.
ඉක්මන් ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා දිනකට කිහිප වතාවක් කරන්න.

3. පොල්තෙල්
පොල්තෙල් වල මොයිස්චරයිසින් ගුණ තියනවා. සමේ අසාත්මිකතාවන් නිසා ඇතිවන රතු පැහැයන් සහ කැසීම් අඩු කිරීමට ඒක උපකාරී වෙනවා.

ඔයා කළ යුතු දේ
100% ක් පිරිසිදු පොල්තෙල් ටිකක් අත්ලට අරන් අත්ල දෙක උණුසුම් වන තෙක් එකට අතුල්ලන්න.
බලපෑමට ලක් වූණු ප්‍රදේශයේ මේ තෙල් ආලේප කරලා හෙමීට මසාජ් කරන්න.
පසුව විනාඩි 20 හෝ 30ක් පමණ තබා සෝදා තුවායකින් තෙතමාත්තු කරන්න.
මෙම සත්කාරය දිනකට 3-4 වතාවක් දින කීපයක් කරන්න.
** පොල්තෙල් හැම වර්ගයේ සමකට ම සුදුසු නැති නිසා ආසාදනය නැති තැනක පොඩ්ඩක් ගාලා ටෙස්ට් කරලා බලලා පාවිච්චියට ගන්න.

04. පේර කොළ
පේර කොළ වලින් ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ගුණ සහිත එතනොලික් සාරය අඩංගු වෙනවා. මෙමඟින් සමේ අසාත්මිකතාවන් නිසා ඇතිවන කැසීම් සහ රතු පළු අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.

ඔයා කළ යුතු දේ
පේර කොළ ටික අඹරා ගන්න.
ඊට පස්සේ බලපෑමට ලක් වූණු සම මතට පේස්ට් එක ආලේප කරන්න.
මෙම සත්කාරය දිනකට 2 වතාවක් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

05. ඉඟුරු
ඉඟුරු වල ද ඉදිමුම සහ දැවිල්ල සමනය කරන ගුණ තියනවා. ඒ නිසා සමේ ආසාත්මිකතාවයකට ප්‍රතිකාර කිරීමට සහ ඒ හා සම්බන්ධ දැවිලි සහ කැසීම් සමනය කරන්නට ඉඟුරු හොඳ ප්‍රතිකර්මයක්.

ඔයාට අවශ්‍ය වන්නේ,
ඉඟුරු පෙත්තක්
වතුර කෝප්පයක්
කපු පුළුන් 

ඔයා කළ යුතු දේ
පොඩි භාජනයක් තුළට වතුර කෝප්පයක් සහ ඉඟුරු පෙත්තක් එක් කරලා විනාඩි 5 ක් පමණ රත් කරගන්න.
පසුව සිසිල් වීමට ඉඩ දෙන්න.
මෙම ඉඟුරු මිශ්‍රණයෙන් කපු පුළුං කැබැල්ලක් පොඟවලා අසාත්මිකතා ඇති ප්‍රදේශවලට ආලේප කරන්න.
මිනිත්තු 30 ත් 40 ත් අතර කාලයක් තියෙන්න ඇරලා සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1747 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:35 PM
Script:/article/1747/home-remedies-for-skin-allergies.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:19:35 PM
Script:/article/1747/home-remedies-for-skin-allergies.html