තන්තු බහුල ආහාර නොලැබී යාම නිසා මේ රෝග වලට ගොදුරු වීමේ අවදානම ඉතා වැඩියි

December 7, 2017
7,252
Eat fibre to prevent these problems
සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නිසි ලෙස නොලැබී යාම නිසා විවිධ ගැටළු හා රෝගාබාධ වලට මුහුණ දෙන්න වෙනවා කියන එක ඔයාට අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ. අපි හැම වෙලාවකම සිරුරුරට අවශ්‍ය කරන සියලුම පෝෂණ කොටස් අඩංගු සමබර ආහාර වේලක් ලබා ගන්න උත්සාහ කරන්නෙත් ඒ නිසා. සිරුරට අවශ්‍ය පෝෂණය සපයන ආහාර අතරට අමතක නොකර තන්තු සහිත ආහාර එකතු කර ගත යුතුමයි.

පලතුරු, එළවළු, ධාන්‍ය වර්ග වලින් ප්‍රමාණවත් තරම් තන්තු සිරුරට ලබා ගත හැකි නිසා, එය අමාරු කාර්යක් නෙවෙයි. ඒත් බොහෝ දෙනෙකු තන්තු වල ඇති වැදගත්කම නොසලකා හැරීම නිසා විවිධ ගැටළු හා රෝගී තත්ත්වයන්ට ගොදුරු වෙනවා.

පෝෂණය අතින් ඉහල ආහාර වගේම අපේ සිරුරේ නිසි ක්‍රියාකාරිත්වයට නැතුවම බැරි තන්තු බහුල ආහාර නිසි පරිදි නොලැබී යාම නිසා ඇති වන මේ රෝගී තත්ත්වයන් ගැන ඔයාගේ වැඩි අවදානය ලබා දෙන්න. අවශ්‍ය ප්‍රමාණයට තන්තු සහිත ආහාර නොලැබී යද්දී ශරීරය විසින් ඒ ගැන සංඥා නිකුත් කරනවා. ඒ නිසා මේ තත්ත්වයන් ඇති වෙන්න කලින් හෝ දැනටමත් ඔයා මේ ගැටළු වලට මුහුණ දීලා ඉන්නවා නම් තන්තු බහුල ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කර ගන්න ප්‍රමාද වෙන්න එපා.

1. මලබද්දය

මලබද්ධය කියන්නේ බහුතරයක් දෙනෙක්ට පොදු ප්‍රශ්නයක් වෙලා තියෙන තත්ත්වයක්. ප්‍රමාණවත් තරම් කෙඳි සහිත ආහාර නොගන්නා විට ඇති වන රෝගී තත්ත්වයක් විදිහට මලබද්දය හඳුන්වන්න පුළුවන්. එය එකම හේතුව නොවුනත් කෙඳි සහිත ආහාර නොලැබී යාම එම කටයුතු අසීරු කරනවා. අවම වශයෙන් දිනකට දෙවරක් ගැටලුවකින් තොරව මල පිට වීම සිදු විය යුතුයි. නමුත් ඔබට ඒ සම්බන්ධව ගැටළු පවතිනවා නම් ඔබ දැනටමත් මලබද්දය ඇති වී තියෙන්නට පුළුවන්.

අපි ගන්නා ආහාර වල වගේම ජිවන රටාවේ පවතින වැරදි නිසා ඇති වන මේ තත්ත්වය විශේෂයෙන් තන්තුමය ආහාර ඉතා අවම වශයෙන් ආහාරයට ගැනීම නිසා මේ ක්‍රියාවලිය තවත් අමාරු කරනවා.


2. කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම

කොලෙස්ටරෝල් ඇති වෙන්න මූලික වෙන්නේ මේදය වුනත් කොලෙස්ටරෝල් මට්ටම ඉහල යන්න එක් හේතුවක්, අඩු කෙඳි ආහාර පරිභෝජනය වෙන්න පුළුවන්. ඇති වෙලා තියෙන කොලස්රරෝල් මට්ටම පාලනය කර ගන්න සහ ඇති වෙන්න තියෙන අවදානමෙන් මිදෙන්න තන්තුමය ආහාර බොහෝ ලෙස උදවු වෙනවා. සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලමින් හදවත සුරකින්නත් කිරීටක හෘද රෝගවල අවධානම අඩු කරන්නත් තන්තු සහිත ආහාර උදවු වෙනවා.

3. රුධිරගත සීනි මට්ටම ඉහල යාම

කෙඳි සහිත ආහාර නොලැබී යාම නිසා ඇති වන තවත් අහිතකර තත්ත්වයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා තන්තු බහුල ආහාර ආහාරයට ගැනීම ගැන අනිවාර්යෙන් අවදානය දිය යුතුයි. තන්තු මඟින් සීනි රුධිරයට අවශෝෂණය කර ගැනීම ප්‍රමාද කරවන නිසා දියවැඩියා රෝගය පාලනයට එය ඉතා වැදගත්.

4. බඩ පිපුම

වැරදි ආහාර රටාව සහ තන්තුමය ආහාර හිඟ වීම නිසා බඩ පිපුම ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන තන්තු නොලැබී යාම නිසා මෙවැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ආහාර හොඳින් දිරවිමටත් තන්තු උපකාරී වෙනවා. එය නොලැබී යාම මෙවැනි තත්ත්වයන් වලින් ඔබ අපහසුතාවයට පත් කරනවා.

5. කෑමෙන් සුළු වෙලාවකට පසුව නැවත ඇති වන කුසගින්න

තන්තු සහිත ආහාර ප්‍රමාණවත් තරම් නොලැබී යාම නිසා ඇති වන තවත් අපහසුතාවයක් විදියට මෙය හඳුන්වන්න පුළුවන්. නමුත් කෙඳි සහිත අහාර ඔබේ ඊළඟ කෑම වේලාව පැමිණෙන තුරු කුසගින්නක් ඇති නොවීමට උපකාරී වෙනවා. විශේෂයෙන් තන්තු වලින් පොහොසත් ආහාර ජලය අවශෝෂණය කරන අතර ඒ මඟින් නිතර නිතර කුසගින්න ඇති වීම වළක්වනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 567 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:45 PM
Script:/article/567/eat-fibre-to-prevent-these-problems.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:49:45 PM
Script:/article/567/eat-fibre-to-prevent-these-problems.html