මේ දේවල් නිසා ඔබටත් ජීවිතය එපා වෙලාද?

September 15, 2017
5,737
5 Things That Poison Your Life
අපි කැමති දේවල් වගේම අකමැති දේවලුත් අපේ ජීවිත වල සිද්ධවෙනවා. කැමති දේවල් අපිට ජීවත් වෙන්න බලාපොරොත්තු ඇති කරනකොට අකමැති දේවල් අපිට ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු නැති කරලා දාන්න හේතු වෙනවා. මේ විදිහට අපිට ජිවිතේ ගැන කලකිරීමක් ඇති කරවන ගොඩක් දේවල් අපේ ජීවිත වල සිද්ධවෙනවා හැබැයි අපිට පුළුවන් නම් මේ දේවල් සාමාන්‍ය දේවල් විදිහට බාර ගෙන ඒ දේවල් ගැන හිතින් වද විදින එක නතර කර ගන්න අපිට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවිතයට මුහුණ දෙන්න. ඒ නිසා අද අපි ඔබට කියන්නේ අපිට ජීවිතය එපා කරවන්න හේතු වෙන කාරණා කිහිපයක් ගැන සහ ඒ ඒ අවස්ථා වලදී අපිට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැන.

1. ඔබේ පෙනුම ඇඳුම් පැළඳුම් ගැන කරන විවේචන

අපි ගොඩක් අපහසුතාවයට පත්වෙන තැනක් තමයි මේක. කවුරු හරි අපේ පෙනුම ගැන විවේචනය කරනකොට අපිට ලැජ්ජාවක් වගේම කලකිරීමක් ඇති වෙනවා. හැබැයි ඔබ මතක තියාගන්න ඒ අය මේ දේවල් කියලා ඔබව අපහසුතාවයට පත් කරන්නේ ඇත්තටම ඒ අය ඔබට ඉරිසියා කරන නිසා සහ ඔවුන් තුල කිසිම විදිහක වැදගත් ගති ගුණයක් නැති නිසා. මේ නිසා මේ වගේ අවස්ථාවන් වල ඔබ ඔබ ගැනම කලකිරීමක් ඇති කර ගන්නේ නැතුව ඔවුන්ගේ පහත් ගතිගුණ වලට සමාව දෙන්න.

2. ඔබට පෞද්ගලික ජීවිතය හා වෘර්තිය ජීවිතය අතර තෝරා ගැනීමක් සිදු කිරීමට බලකරන විට

සමහර අවස්ථාවන් වල ඔබ රැකියාව කරන ස්ථානයෙන් ඔබට බලපෑමක් ඇති කරන්න පුළුවන් යම් කාර්යක් ඔබේ පෞද්ගලික ජීවිතය අමතක කර දමා සිදු කරන ලෙස. ඒ වගේම ඔබට පවුලෙන් උනත් බලපෑම් එන්න පුළුවන් රැකියා ජීවිතය අමතක කර යමක් සිදු කරන ලෙස. මේ වගේ අවස්ථාවන් වල ඔබ පත්වෙන්නේ ලේසි පහසු අපහසුතාවයකට නෙවෙයි. හැබැයි ඔබට පුළුවන් නම් මේ දෙකම කළමනාකරණය කරගෙන වැඩ කරන්න. ඔබට මේ ප්‍රශ්නය පහසුවෙන්ම විසදා ගන්න පුළුවන්.

3. අනිත් අය ඔබ වෙනුවෙන් තීරණ ගන්න විට

වැඩිහිටියන් ඔබට වඩා හොඳට ජීවිතය ගැන දන්නා බව ඇත්ත. හැබැයි එහෙම උනා කියලා ඔවුන්ට අයිතියක් නැහැ ඔබ වෙනුවෙන් දේවල් තීරණය කරන්න. හැබැයි ගොඩක් දුරට වෙන්නේ ළමයි කරන්න ඕනේ විෂයන්, රැකියාව, විවාහ වෙන්න ඕනේ කෙනා මේ වගේ ගොඩක් දේවල් ළමයි වෙනුවෙන් තීරණය කරන්නේ දෙමාපියන්. මේ නිසා ළමයි අපහසුතාවයට පත්වෙන අවස්ථාවන් ඕනේ තරම් තියෙනවා. මේ නිසා ඔවුන් ඔබ වෙනුවෙන් තීරණය කරන දේවල්ම කරන්න උත්සහ කරන්නේ නැතුව ඔබේ කැමැත්ත දිනාගන්න උත්සහ කරන්න.

4. කිසිම සතුටක් නැති ආදර සබදතා

මේක නම් කෙනෙක්ට ජීවිතය එපා කරවන්න බලපාන ප්‍රධානම හේතුවක්. මොකද ආදර සබදතා නිසා ජීවිතය එපා කරගන්න අය ඕනේ තරම් ඉන්නවා. හැබැයි කිසිම සතුටක් නැති ආදර සබදතාවයකදී ඔබ කරන්න ඕනේ ජීවිතය අත්හරින එක නෙවෙයි කිසිම තේරුමක් නැති සබදතාවය අත්හරින එකයි.

5. අනවශ්‍ය ලෙස ඔබව පාලනය කිරීම

දෙමාපියන්, යහළුවන්, සහකරුවා මේ ඕනෑම කෙනෙක් උත්සහ කරනවා නම් ඔබව අනවශ්‍ය ලෙස පාලනය කරන්න ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔවුන් ඔබව ආරක්ෂා කරගන්න උත්සහ කරනවා කියන එක. මේ නිසා හරි තැනදී ඔබ ඔබේ ස්වාධින බව වෙනුවෙන් කටයුතු කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 415 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:41 PM
Script:/article/415/5-things-that-poison-your-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:43:41 PM
Script:/article/415/5-things-that-poison-your-life.html