මූඩ් අප්සෙට් වෙලාවට ඇත්තටම මොකද කරන්න ඕනේ?

March 29, 2017
7,932
How to fix your mood
ගෙදර ඉන්නකොට, ඔෆිස් එකේ ඉන්නකොට අපි හිතන්නේ නැති වෙලාවට, හිතන්නේ නැති විදිහට අපේ මූඩ් අප්සෙට් වෙනවා. එහෙම වෙලාවට එක දිගට කරගෙන ගියපු වැඩ ටික කරගන්නත් බැරි වෙනවා. එහෙම එකදිගටම ඉන්නත් බෑ නේ. අප්සෙට් එක ෆික්ස් කරගන්න මොනවද කරන්න ඕනේ?

කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් කිහිපයක් ගැන අපි කියන්නම්.

01. ධනාත්මක චින්තනය ගැන උගත් අය කියලා තියෙන දේවල් තියෙන්නේ. එයින් කිහිපයක් හොයාගෙන කියවන්න. එතකොට හිත ශක්තිමත් කරගන්න පුළුවන් වෙනවා.

02. ඔෆිස් එකේ මේසය, ගෙදර කාමරය හැඩිවෙලා නම්, වෙලා අරගෙන ඒක අස් කරලා දාන්න. වෙලාවත් එක්කම හිතත් හරි යාවි.

03. වතුර ගොඩාක් පානය කරන්න. ශරීරය cool වෙනවා එතකොට.

04. ඉන්න තැනට හොඳට ආලෝකය ලබාගන්න. අපි ඉන්න පරිසරයේ ආලෝකය වැඩි වෙන තරමටම අපේ හැඟීමුත් ආලෝකමත් වෙනවා.

05. ඔබ හොඳ වැඩ්ඩෙක් කියලා ඔබට හිතෙන දෙයක්, මොකක්ම හරි කරන්න. එතකොට සිතට සතුටක් ඇති වෙනවා.

06. හයියෙන්, හොඳින් ගැඹුරු හුස්මවාර කිහිපයක් ගන්න. පුළුවන් නම් ඇස් දෙක පියාන ටිකක් භාවනා කරන්න.

07. ඔබ ඉන්න මානසිකත්වයෙන් ඔබට උඩට එන්න උදව්වක් තියේවි කියලා විශ්වාසවන්ත, ඔබව හොඳින් දන්නා යාලුවෙක්ට ටිකක් කතා කරන්න. කතාබහ අවසානෙදි ඔබ දන්නෙම නැතුව ඔබේ හිත හැදිලා තියේවි.

08. අදින්න ආසවෙන් හිටපු ඇඳුමක් හොයාගෙන ඇඳලා, ඔබේ හැඩ බලන්න.

09. ඔෆිස් එක ඇතුලෙම, කාමර ඇතුලෙම ඉන්නේ නැතුව, ටිකක් එලියට ගිහින් විනාඩි කිහිපයක් එළියේ පරිසරයේ ගත කරලා එන්න.

10. වේග රිද්ම, සතුටු හිතෙන සංගීතයට ඇහුම්කන් දෙන්න. සංගීතය ගොඩක් ගැටළු වලට ඔසුවක් කියනවනේ.

11. ඔබේ සනීපාරක්ෂාව සම්බන්ධ සියල්ල නියමිත පරිදිම තිබෙනවාදැයි බලන්න.

12. සාමාන්යයෙන් ඔබට සතුටු හිතෙන දෙයක් කරන්න.(ඔබ චිත්‍ර අඳින්න කැමති නම්,කාටුන් එකක් බලන්න කැමති නම්)

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 159 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:07 PM
Script:/article/159/how-to-fix-your-mood.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:16:07 PM
Script:/article/159/how-to-fix-your-mood.html