අලුත විවාහ වුන කාන්තාවක් නොකළ යුතුම දේවල් 5 ක්

May 5, 2017
12,331
5 things newly married women should never do
කාන්තාවකට විවාහය කියන්නේ ඇගේ ජිවිතයේ සිදුවෙන විශාල වෙනස්වීමක්. මේ නිසා ඇය අතින් වෙන්න තියන අතපසුවීම් ප්‍රමාණය වැඩියි. එත් ඉතින් හැමෝම ඉන්නේ අලුත ගෙනාව මනමාලිය ගැන විමසිල්ලෙන්. මේ නිසා ඔබ අතින් වෙන පුංචි වැරද්දක් උනත් ලොකු ප්‍රශ්නයක් වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මේ නිසා තරුණියක් විවාහයෙන් පස්සේ කටයුතු කරන්න ඕනේ බොහොම පරිස්සමින්. මොකද ඔබ සබදතාවයක් පටන් ගත්තේ ඔබේ සැමියත් එක්ක විතරක් නොවෙයි. ඔහුගේ පවුලේ අයත් දැන් ඔබේ ජිවිතයේ කොටස් කාරයෝ. මේ නිසා ඔබ අතින් වැරද්දක් සිදු නොවෙන්න කටයුතු කරන එක තමයි වඩාත් හොද.

1. නිතරම ඔබේ පවුලේ අයට කතාබහ කරන එක

ඔබට ඔවුන් නැතුව හිතට පාළුවක් දුකක් දැනෙන බව ඇත්ත. නමුත් ඔබ එහෙම කියලා නිතරම ගෙදර අයත් සමග කතාබහ කර කර ඉන්න ගියොත් සැමියාගේ ගෙදර අයට මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ නිසා ඔබට සිදුවෙනවා ඔබව පාලනය කරගෙන සැමියාගේ ගෙදර අයත් සමග කටයුතු කරන්න පුරුදු වෙන්න.

2. නිතරම කාමරයට වී සිටීම

බොහෝ තරුණියන් විවාහ වුන අලුත නිතරම උත්සහ කරන්නේ කාමරයට වෙලා ඉන්න. මොකද මේ අය ටිකක් බයයි සැමියාගේ ගෙදර අයත් සමග කතාබහ කරන්න. ඒ වගේම සමහර තරුණියන් ලැජ්ජාව නිසාත් මෙහෙම ඉන්නවා. නමුත් දැන් ඔබ සැමියාගේ පවුලේ අයට වගේම ගෙදර වැඩ කටයුතු වලටත් උදවු උපකාර කල යුතුයි. ඔවුන් සමග හොද සබදතාවයක් ඇතිකර ගත යුතුයි. මේ නිසා ඔබ කාමරයට වී වැඩි කාලයක් ගත කිරීම සුදුසු දෙයක් නොවෙයි.

3. ඔබේ හිතුමනාපෙට වැඩ කිරීම

සමහර තරුණියන් තමන්ගේ නිවසේ කටයුතු කරපු විදිහටම සැමියාගේ නිවසෙත් කටයුතු කරන්න උත්සහ කරනවා. නමුත් ඔබේ නිවසේ වැඩ කටයුතු සිදුවුනාට වඩා වෙනස් විදිහකට වෙන්න පුළුවන් සැමියාගේ නිවසේ වැඩ කටයුතු සිදුවෙන්නේ. මේ නිසා ඔබේ හිතුමනාපෙට වැඩ කරන්නේ නැතුව නිවෙසේ ඉන්න වැඩිහිටියෙක් ගෙන් අහලා යමක් කරන්න.

4. නිතරම සැමියාත් සමගම සිටීමට උත්සහ කිරීම

ඔබට මේ අවස්ථාවේ ඉන්න සමීපම පුද්ගලයා වෙන්නේ ඔබේ සැමියා. නමුත් ඔහුටත් යම් නිදහසක් තිබිය යුතුයි පවුලේ අයත් සමග ඉන්න වගේම අදහස් හුවමාරු කරගන්න. මේ නිසා සැමියාගේ පසුපසටම වෙලා ඉන්නේ නැතුව, ඔහුට අවශ්‍ය නිදහස ලබාදෙන්න.

5. ඔබ දෙදෙනා හමුවීමට පැමිණෙන අයව මගහැරීම

සමහර තරුණියන් කැමති නැහැ ඔවුන්ව හමුවීමට නිවසට පැමිණෙන සැමියාගේ නෑදෑ හිතමිතුරන් හමුවෙන්න. මේ නිසා බොහෝ වෙලාවට ඔවුන් බොරු ලෙඩ පවසමින් ඔවුන්ව මගහරිනවා. නමුත් මෙය හොද දෙයක් නොවෙයි. ඔවුන් නිවසට පැමිණෙන්නේ ඔබ දෙදෙනාව හමුවෙන්න. මේ නිසා ඔවුන් හමුවී ඔවුන්ට හොදින් සත්කාර කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 257 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:41 AM
Script:/article/257/5-things-newly-married-women-should-never-do.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:41 AM
Script:/article/257/5-things-newly-married-women-should-never-do.html