අත් යට කළු වීම වළක්වන හොඳම විසඳුම් 6 මෙන්න

October 29, 2017
12,024
6 solutions to get rid of dark under-arm
කාන්තා පිරිමි කියලා භේදයක් නැතුව ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටළුවක් විදියට අත් යට කළු වීම දක්වන්න පුළුවන්. සමහර විට ඔයාටත් මේ ප්‍රශ්නය තියෙනවා වෙන්නටත් පුළුවන්. ඒක ඔයාගේ පෙනුමට බාධාවක් කරනවා වගේම ගොඩක් අවස්ථා වලදී ඔයාව අපහසුතාවයට පත් කරන්නත් හේතු වෙනවා.

විශේෂයෙන් කාන්තා පාර්ශවයට ඇඳුමක් අදින්න ගියාමත් දෙපාරක් හිතන්න වෙනවා. අත් කපපු ඇඳුමක් අසාවට අඳින්න වෙන්නේ නැහැ. මොකද අත් යට කළු බව ඔයාගේ පෙනුමට හානි කරන නිසා. මේ ප්‍රශ්නෙට ඔයාට නිවසේදීම කරන්න පුළුවන් ප්‍රතිකාර කීපයක්ම තියෙනවා. ඒ වගේම ඔයාට පහසුවෙන්ම හොයා ගන්න පුළුවන් 100%ක් ස්වභාවික දේවල් තමයි මේ සඳහා ඕන කරන්නේ. අවශ්‍ය කරන්නේ ඔයා වෙනුවෙනුත් පොඩි වෙලාවක් හොයා ගන්න එක විතරයි.

1. කිරි

අත් යට ඇති අඳුරු පැහැය ඉවත් කිරිමට හැකි විටමින් හා විශේෂ අම්ලයන්ගෙන් කිරි සමන්විත වෙනවා. ඒ නිසා ඔයාගේ අත් යට ඇති අඳුරු පැහැය නැති කිරීමට කිරි උපකාරී වෙනවා. කිරි මුදවපු කිරිත් සමග මිශ්‍ර කර අත් යට ආලේප කිරීමෙන් වඩා හොද ප්‍රථිඵල ලබා ගන්න පුළුවන්. කිරි වල තියෙන ලැක්ටික් කියන අම්ලයට සම පැහැපත් කිරීමේ හැකියාව පවතිනවා

2. අර්තාපල්

අර්තාපල් කියන්නෙත් අත් යට අඳුරු පැහැය ඉවත් කරන්න යොදා ගන්න පුළුවන් ගොඩාක් හොද ප්‍රතිකාරයක්. අර්තාපල් වල තියෙන ස්වභාවික බ්ලීචින් ඒ සඳහා උපකාරී වෙනවා. සිහින් අර්තාපල් පෙත්තක් ගෙන අවපැහැ වුනු ප්‍රදේශ වල අතුල්ලා සිසිල් ඇල් ජලයෙන් සෝදා හරින්න. ක්‍රමානුකුලව දින කීපයක් මෙසේ කිරීමෙන් වඩා හොඳ ප්‍රථිපල ලබා ගන්න පුළුවන්.

3. බේකින් සෝඩා

බේකින් සෝඩා යොදා ගෙන කරන ප්‍රතිකාරයෙන් ඔයාට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර කර ගන්න. මිශ්‍රණය ඔබගේ අඳුරු පැහැ අත් යට ආලේප කරන්න. මිනිත්තු 10-15ත් අතර ප්‍රමාණයක් තබන්න. ඉන් පසු මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

4. පිපිඤ්ඤා

අර්තාපල් වල වගේම පිපිඤ්ඤා වලත් ස්වභාවික බ්ලිචින් අඩංගු වෙනවා. සිහින් පිපිඤ්ඤා පෙත්තක් ගෙන අත් යට අතුල්ලන්න. එහෙමත් නැත්තන් පිපිඤ්ඤා යුෂ අත් යට ආලේප කරන්න. ප්‍රතිඵල ලැබෙන තෙක් දිනපතා මේ සත්කාරය කරන්න.

පිපිඤ්ඤා යුෂ වලට කහ සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර අලේප කිරීමත් වඩා ප්‍රතිඵලදායකයි.

5. දොඩම් ලෙලි

දොඩම් ලෙලි අව්වේ හොඳින් වෙලා කුඩු කර ගන්න. කුඩු කර ගත් දොඩම් ලෙලි කුඩු තේ හැඳි 3කට රෝස වතුර තේ හැඳි 2ක් සහ කිරි තේ හැඳි 1ක් මිශ්‍ර කර පිරිසිදු කර ගත් අත් යට අලේප කරන්න. විනාඩි 15කින් පමණ සිසිල් ජලයෙන් සෝදා හරින්න. අත් යට සම පැහැපත් කරන්න දොඩම් ලෙලි සත්කාරයට පුළුවන්.

6. පොල් තෙල්

පොල් තෙල් අත් යට අඳුරු බව ඉවත් කරන්න තවත් හොඳ විකල්පයක්. පොල් තෙල් වල විටමින් E අඩංගු වන නිසා ස්වාභාවිකව සම පැහැපත් කරන්නත් උදවු වෙන අතරම ස්වාභාවික ඩියෝඩ්රන්ට් ලෙසත් කටයුතු කරනවා. අඳුරු වූ අත් යට පොල් තෙල් ආලේප කර විනාඩි 10 - 15 දක්වා තියෙන්නට හැර මෘදු සබන් යොදා සෝදාහරින්න.

හැබැයි ඔයා මේ මොන ප්‍රතිකර්මය කරත් ඊට කලින් අත් යට දහදිය හා කුණු දුවිලි ඉවත් වෙන විදියට හොඳින් පිරිසිදු කර ගත යුතුයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 483 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:37 PM
Script:/article/483/6-solutions-to-get-rid-of-dark-under-arm.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:38 PM
Script:/article/483/6-solutions-to-get-rid-of-dark-under-arm.html