තරහ වෙලා කතා නොකර message නොකර ඉන්න පෙම්වතාව shape කර ගන්නේ මෙහෙමයි

February 20, 2017
17,864
How to Deal With an Angry Partner
අපි ආදරේ කරන අය අපිත් එක්ක තරහ වෙලා කතා කරන්නේ නැතුව අපිව මග හරිමින් ඉන්නවා නම් දැනෙන දුක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ වෙලාවට අපි කලබල වෙලා කර ගන්නෙත් ප්‍රශ්නේ විසදගන්නවට වඩා තව ටිකක් අවුල් කර ගන්න එක. ඇත්තටම මේ වගේ වෙලාවට අපි කලබල වෙන්නේ නැතුව ටිකක් ඉවසීමෙන් වැඩ කරා නම් බොහොම ලේසියෙන්ම ඔහුව shape කරගෙන ප්‍රශ්නෙත් විසදගන්න පුළුවන්. ඔබටත් මේ වගේ දෙයක් උනොත් මේ ක්‍රම ටික try කරලම බලන්නකෝ.

1. ටික වෙලාවක් ඉවසන්න

ප්‍රශ්නයක් ඇතිවුන ගමන්ම පෙම්වතාට message කරන්න යන්නේ නැතුව ඔහු යථා තත්වයට පත්වන තුරු මද වෙලාවක් ඉවසන්න. එහෙම නැත්නම් වෙන්නේ පෙම්වතා තවත් තරහා ගන්න එක. මේ නිසා තමයි කියන්නේ කාලය හැම ප්‍රශ්නයකටම විසදුමක් කියලා. ඉවසීමෙන් ටික වෙලාවක් ඉදල පෙම්වතාට නැවතත් තරහ නොයන ලෙස message එකක් දාන්න.

2.එක දිගට message කරන්න යන්න එපා

පෙම්වතා ඔබ යැවූ පණිවිඩයට ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ඔබ කලබල වී එක දිගට ඔහුට message කරන්න යන්න එපා. ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තුරු බල සිටින්න. එතකොට ටික වෙලාවක් යනකොට ඔහුටම ඔබ ගැන දුක හිතිලා ඔබට message කරාවි. නැත්නම් වෙන්නේ ඔහු තව ටිකක් ඔබට ගණන් උස්සන එක.

3.නැවත ඔබ අතර ඇතිවුන ගැටලුව ගැන කතා නොකර ඉන්න

ඔහු එක වරක් ඔබට ප්‍රතිචාර දැක්වුවහොත් නැවත කිසිම අවස්ථාවක ඔහු සමග ඇති උන ගැටළුව සම්බන්දයෙන් කතා කරන්න එපා. ඔහුත් සමග කිසිම දෙයක් සිදු නොවුණු ගානට වෙනද වගේම ආදරණිය ලෙස අදහස් හුවමාරු කර ගන්න.

4. ඔහුගෙන් උදවු ඉල්ලන්න

ඔහු කිසිම විදිහකින් ඔබට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔබ ඔහුගෙන් උදවුවක් ඉල්ලන්න. මොකද පිරිමි කැමතියි කාන්තාවන්ට නිතරම උදවු කරන්න. මේ නිසා ඔබට යම් උදවුවක් අවශ්‍ය බව පැවසුවහොත් අනිවාර්යෙන්ම ඔහු ඔබට ප්‍රතිචාර දක්වාවි. අනෙක් කාරණාව තමයි ඔහු ඔබට ඇත්තටම ආදරෙයි නම් ඔහුට කිසිසේත්ම ඔබට පිළිතුරු ලබා නොදී සිටීමට නොහැකි වේවි.

5.ඔහු facebook එකේ දාන post වලට like කරන්න coment කරන්න යන්න එපා

ඔබට ප්‍රතිචාර නොදක්වා ඔහු ඔබට පෙනෙන්නට facebook එකේ post දමනවා නම් ඔබ ඒවාට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඔබ ඒවා නොදැක්ක ගානට ඉන්න. ටික වෙලාවක් යනකොට ඔහුම ඔබට කතා කරවී.

6.ඔබ ඔබේ facebook ගිණුමේ ඔබේ post පල කරන්න

පෙම්වතා ඔබට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔබ එලියට ගිහින් කිසිම දෙයක් නොවුණු ගානට විනෝදයෙන් සිටින photo දෙක තුනක් ඔබේ facebook එකට post කරන්න. ඒවා දකින ඔබේ පෙම්වතා අනිවාර්යෙන්ම කල්පනා කරනවා ඇයි ඔබ මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඉන් පසු ඔහු අනිවාර්යෙන්ම ඔබට කතා කරනවා ඒ පිලිබදව දැන ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Durian the fruit to improve virility
   7,166
   21

පුරුෂ ශක්තිය උත්තේජනය කරන දූරියන්

ඇතැමුන්ට මිහිරි පලතුරක් ලෙසින්ද, තවත් කෙනෙකුට අපුල දුර්ගන්ධය නිසා ඉවසිය නොහැකි අප්‍රසන්නත්වයක් ඇති කරන දුරියන් ගැන දැනගෙන කමු
Food to regulate your menstrual circle
   52,169
   17

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you sleepy always? It can be a sign if a problem in your body!
   19,671
   15

කොයි වෙලෙත් නිදි මතද? එහෙනම් ඒක භයානක රෝග ලක්ෂණයක් වෙන්නත් පුළුවන්!

අධික ලෙස නිදා ගැනීම සහ අධික වෙහෙසට පත්වීමට හේතුව සම්බන්ධයෙන් අද හැඩකාරී වෙතින් ඔයාට තොරතුරු සපයනවා
5 skin care tips for your neck
   67,687
   15

ඔබත් බෙල්ලේ සම අඳුරු වීම නිසා කණස්සල්ලෙන්ද? එසේ නම් මේ පියවර 5 අනුගමනය කර බලන්න

ඔබගේ මුහුණ තරම් ගෙල පෙදෙස ආශ්‍රිත සම දුර්වර්ණ ස්වභාවයක් ගන්නවා නම් බෙල්ල ආශ්‍රිත සමෙහි රැකවරණය සඳහා ඔබ අනුගමනය කළයුතු පියවර 5ක්
Ayurvedic treatments  for a glowing skin
   23,011
   14

සම පැහැපත් කරන, නිරෝගී කරන ආයුර්වේද ඖෂධ වලින් ඔබේ සුන්දරත්වය රැකගන්න කැමතිද?

ඔබේ සුන්දරත්වයේ පැවැත්ම රඳා පවතින්නේ ඔබ වෙනුවෙන් සිදු කරන සත්කාර වල ස්වභාවය අනුව තමයි

Latest Articles

Most Viwed