තරහ වෙලා කතා නොකර message නොකර ඉන්න පෙම්වතාව shape කර ගන්නේ මෙහෙමයි

February 20, 2017
17,591
How to Deal With an Angry Partner
අපි ආදරේ කරන අය අපිත් එක්ක තරහ වෙලා කතා කරන්නේ නැතුව අපිව මග හරිමින් ඉන්නවා නම් දැනෙන දුක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේ වෙලාවට අපි කලබල වෙලා කර ගන්නෙත් ප්‍රශ්නේ විසදගන්නවට වඩා තව ටිකක් අවුල් කර ගන්න එක. ඇත්තටම මේ වගේ වෙලාවට අපි කලබල වෙන්නේ නැතුව ටිකක් ඉවසීමෙන් වැඩ කරා නම් බොහොම ලේසියෙන්ම ඔහුව shape කරගෙන ප්‍රශ්නෙත් විසදගන්න පුළුවන්. ඔබටත් මේ වගේ දෙයක් උනොත් මේ ක්‍රම ටික try කරලම බලන්නකෝ.

1. ටික වෙලාවක් ඉවසන්න

ප්‍රශ්නයක් ඇතිවුන ගමන්ම පෙම්වතාට message කරන්න යන්නේ නැතුව ඔහු යථා තත්වයට පත්වන තුරු මද වෙලාවක් ඉවසන්න. එහෙම නැත්නම් වෙන්නේ පෙම්වතා තවත් තරහා ගන්න එක. මේ නිසා තමයි කියන්නේ කාලය හැම ප්‍රශ්නයකටම විසදුමක් කියලා. ඉවසීමෙන් ටික වෙලාවක් ඉදල පෙම්වතාට නැවතත් තරහ නොයන ලෙස message එකක් දාන්න.

2.එක දිගට message කරන්න යන්න එපා

පෙම්වතා ඔබ යැවූ පණිවිඩයට ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් ඔබ කලබල වී එක දිගට ඔහුට message කරන්න යන්න එපා. ඔහුගෙන් පිළිතුරක් ලැබෙන තුරු බල සිටින්න. එතකොට ටික වෙලාවක් යනකොට ඔහුටම ඔබ ගැන දුක හිතිලා ඔබට message කරාවි. නැත්නම් වෙන්නේ ඔහු තව ටිකක් ඔබට ගණන් උස්සන එක.

3.නැවත ඔබ අතර ඇතිවුන ගැටලුව ගැන කතා නොකර ඉන්න

ඔහු එක වරක් ඔබට ප්‍රතිචාර දැක්වුවහොත් නැවත කිසිම අවස්ථාවක ඔහු සමග ඇති උන ගැටළුව සම්බන්දයෙන් කතා කරන්න එපා. ඔහුත් සමග කිසිම දෙයක් සිදු නොවුණු ගානට වෙනද වගේම ආදරණිය ලෙස අදහස් හුවමාරු කර ගන්න.

4. ඔහුගෙන් උදවු ඉල්ලන්න

ඔහු කිසිම විදිහකින් ඔබට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔබ ඔහුගෙන් උදවුවක් ඉල්ලන්න. මොකද පිරිමි කැමතියි කාන්තාවන්ට නිතරම උදවු කරන්න. මේ නිසා ඔබට යම් උදවුවක් අවශ්‍ය බව පැවසුවහොත් අනිවාර්යෙන්ම ඔහු ඔබට ප්‍රතිචාර දක්වාවි. අනෙක් කාරණාව තමයි ඔහු ඔබට ඇත්තටම ආදරෙයි නම් ඔහුට කිසිසේත්ම ඔබට පිළිතුරු ලබා නොදී සිටීමට නොහැකි වේවි.

5.ඔහු facebook එකේ දාන post වලට like කරන්න coment කරන්න යන්න එපා

ඔබට ප්‍රතිචාර නොදක්වා ඔහු ඔබට පෙනෙන්නට facebook එකේ post දමනවා නම් ඔබ ඒවාට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඔබ ඒවා නොදැක්ක ගානට ඉන්න. ටික වෙලාවක් යනකොට ඔහුම ඔබට කතා කරවී.

6.ඔබ ඔබේ facebook ගිණුමේ ඔබේ post පල කරන්න

පෙම්වතා ඔබට ප්‍රතිචාර දක්වන්නේ නැත්නම් ඔබ එලියට ගිහින් කිසිම දෙයක් නොවුණු ගානට විනෝදයෙන් සිටින photo දෙක තුනක් ඔබේ facebook එකට post කරන්න. ඒවා දකින ඔබේ පෙම්වතා අනිවාර්යෙන්ම කල්පනා කරනවා ඇයි ඔබ මේ විදිහට හැසිරෙන්නේ කියලා. ඉන් පසු ඔහු අනිවාර්යෙන්ම ඔබට කතා කරනවා ඒ පිලිබදව දැන ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-28 00:00:00' and A.id <> 69 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:12:49 PM
Script:/article/69/how-to-deal-with-an-angry-partner.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Wednesday, October 29, 2025 at 8:12:49 PM
Script:/article/69/how-to-deal-with-an-angry-partner.html