මොන ක්‍රීම් ගෑවත් ආයෙ ආයෙ වයස පෙනුම මතු වෙන්නේ ඇයි?

June 24, 2019
14,120
Why the old look come out though using beauty products?
රුව ලස්සන ඇතුව උපත ලැබුවත් එය ආරක්ෂා කර ගැනීමටත් අපේ උනන්දුව අවශ්‍ය වෙනවා. බාහිරව මොන සත්කාරය කළත් සමහර විට අපි නොදන්න හේතු නිසා අපේ ලස්සන නැති වෙන්න පුලුවන්. ඒ වගේ කරුණු කීපයකුයි මේ… සමහර විට ඔබ වුනත් නොදැන හෝ මේ විදිහට හැසිරෙනවා නම් ඔබේ ලස්සන නොදැනීම නැති වෙන්න පුලුවනි.

කුසගින්න…

අද තරුණ ගැහැණු ළමයින් මේ වැඩේට නම් හරිම දස්සයි. වේලාවට කෑම නොකා මොනවා හරි බයිට් පැකට්ටුවකින් වේල පිරිමසා ගැනීමේ වැරදි පුරුදු නිසාම ලසස්න නැති වෙන්න පුලුවනි. අපේ පැවැත්මට වගේම සමේ, ඇස්, දත්, කෙස් වැනි මෙකී නොකී හැම දෙයක් වෙනුවෙන්ම පෝෂණය‍ය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම උපයා ගන්නේ අපි ගන්නා ආහාර වලින් නිසා කුසගින්නේ සිටීම වෙනුවට තුන්වේලට අවශ්‍ය විදිහට කුසටත් සැලකීම වැදගත්. අනවශ්‍ය විදිහට බඩගින්නේ සිටීම නිසා ගැස්ට්‍රයිටිස් වගේම මුඛයේ දුගඳ ඇති වෙන්නත් පුලුවන්.

මේ ගැනත් අමතක කරන්න එපා… බඩිගින්නේ සිටින්න කැමැත්තක් දක්වන අන්තවාදී සිතුවිලි තියෙන ගැහැණු දරුවන් ඉන්නවා නම් ඒ ගැනත් ටිකක් අවධානය දක්වන්න. ඒ තත්වය එක්තරා ආකාරයක මානසික ආතති තත්වයක්. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ කුසගින්නේ සිටින්න. යම් විදිහකින් ආහාර හොඳින් ගත්තොත් තමන් මහත් වෙයි කියන බිය නිසා නිරන්තරවම බලන්නේ බඩගින්නේ සිටින්නයි.

සතුට..

වචනයටත් කියනවානේ “සතුටයි කිරුල අපේ” කියලා… වචනයෙන් කියනවා වගේම ඒක ඇත්ත. ඒ නිසා නිතරම සතුටින් සිටින්න උත්සාහ කරනන්. ඒ වුනාට අපි හිතන විදිහටම ජීවිතේ ගලා ගෙන යන්නේ නැහැ. දුකක් වේදනාවක් දැනුනොත් ඒවා හිර කරගෙන ඉන් දුක හිතේ හිර කරගෙන හිටියොත් ඒ තත්වය නොදැනීම මානසික පීඩනයක් බවට පත් වෙනවා. නිතරම ජීවිතය දිහා බලන්නේ බොහොම සෘන විදිහටයි. ආයේ ඉතින් මට ජීවිතයක් නැහැ… අනේ මටම තමයි සේරම වෙන්නේ… මේ විදිහට හිතන පතන මානසිකත්වය නිසා ජීවිතය නොදැනීම කඩා වැටෙනවා.

එතැනින් නවතින්නෙත් නැහැ.

හිතේ ලෙඩේට බෙහෙත් නැහැ කියනවා වගේ මේ හිතේ අසහනකාරී මානසිකත්වය නිසා සමේ රැලි වැටීම්, ඇස් ගිලා බැසීම, දත්මුල් දියවීම වැනි ලසස්න නැති කරන තත්වයන්ටත් නොදැනීම මුහුණ දෙන්න වෙනවා. ඉතින් වේදනාව නැති වෙන තෙක් අඬන්න අවසර තියෙනවා… ජපානයේ නම් මේ වෙනුවෙන්ම හදපු කාමර තියෙනවා. ඒ කාමරයකට ගිහින් තමන්ගේ දුක තුනී වෙන තෙක් අඬලා එන්න පුලුවනි. හැබැයි සල්ලිත් ගෙවලා..

අපෝ වතුර බීලා ඊට පස්සේ යන යන තැන….

ඔව් අද කාලයේ තරුණ ගැහැණු දරුවන්ගේ ට්‍රෙන්ඩ් එකක්.. පංති යනවා නම්.. වෙනත් ගමනක් යනවා නම් අපෝ… වතුර නම් බොන්න බැහැ… ඊට පස්සේ මග දිගට පැනිබීම නම් හා.. ඒත් ඔබ නොදැන සිටියට සිරුරට වතුර තරම් හොඳ පානයක් තවත් නැහැ. අද යාන්තම් වයස විස්සක් විසි එකක් වෙද්දී මුත්‍රා අමාරු එහෙම නැත්නම් මුත්‍රා ගල්… මේ සේරට හේතු සිරුරට අවශ්‍ය වතුර නැති කමයි..

ශාරිරික රෝග ඒ ගිනුමට එකතු වෙද්දී ලස්සනටත් මේ තත්වය බලපාන හැටි ඔබ දන්නවාද…? අපේ සිරුරට දිනකට වතුර ලීටර් තුනක් පමණ අවශ්‍ය වෙනවා. ඉතින් වතුරමත් නොවෙයි, කැඳ වර්ග, පළතුරු යුෂ වලිනුත් මේ ධාරිතාවය සම්පූර්ණ කර ගන්න කාගේවත් තහනමක් නැහැ. හැබැයි පැණිබීම මේ ලැයිස්තුවට එකතු කරන්න බැහැ. ඒවායේ සීනි, කෘතිම රස සහ වර්ණ කාරක නිසා සිරුරට අගුණයක් මිසක කිසිම ගුණයක් නැහැ. හොඳට ජලය පානය නොකලොත් ලසස්න නැති වෙන්නේ මෙහෙමයි. අපේ සම වියැලෙනවා… තොල් වේලිලා විතරක් නොවෙයි පැලෙන්නත් පටන් ගන්නවා. හිසකෙස්වල කිසිම සජීවි බවක් නැහැ. අනේ … ඔන්න ඔහේ වැසිකිලි ගියත් මොකද…? ආයේ නම් වතුර බොන්න ඕන… එමෙ හිතෙන්නේ නැද්ද…?

වැසිකිලි අපහසුව…

දැන් නම් ඉතින් අවශ්‍යම වේලාවට රුපියල් දහයක් විස්සක් වැය කරල හරි වැසිකිලි, කැසිකිලි පහසුකම් තිබෙනවා. ඒත් ඉතින් තරුණ දැරිවියන්ට නම් මේ තත්වයත් විසඳුමක් නොවයි… ඔවුන් මේ වේගයන් දරාගෙන සිටීම නිසා නොදැනීම තමන්ගේ ලස්සන නැති කර ගන්නවා. සමහර ගැහැණු දරුවන් ප්‍රතිපත්තියක් විදිහට වගේ අතන මෙතැන වැසිකිලි පාවිච්චි කරන්නේ නැහැ. ඒත් මේ වාත වේගයන් අපහසුවෙන් දරා ගෙන සිටීම නිසා සම සුදුමැලි වීමල කුරුලෑ ඇති වීම වගේම සම අවපැහැ ගැනීම වැනි ලසස්න නැති වෙන දේවල් බොහොමයක් වෙන්න පුලුවනි.

වෙහෙස සහ නිදිමත

දැන් කාලයේ නයිට් ඩේටා නිසා අපේ පරම්පරාවේ අයට රෑට නිදාගන්න විදිහක් නැහැ. ඒත් මේවායේ ආදීනව දන්නවා නම් ඩේටා වගෙයිද….? ලස්සන කියල හිතේවි. නිදිමැරීම නිසා ඇති වෙන අතුරු විපාක දන්නවාද…? ඇස් යට ගිලීමල දෑස් වටා කලු පැහැ ගැන්වීමල මුහුණේ වෙහෙසකාරී බව, සම දුර්වර්ණ වීම වැනි ලස්සන නැති කරන බොහෝ අකටයුතු ඔබ විසින්ම ගොඩ නගා ගන්නවා.

මේ සියල්ලේම අතුරු ප්‍රතිඵලය මොකක්ද…? අවුරුදු විස්සක් විසිපහක් වෙද්දී අවුරුදු හතලිහක පෙනුම ලැබුනොත්…? ඉතින් සොරිම තමයි..

එන්. ඒ. පි. සී

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1359 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:45 AM
Script:/article/1359/why-the-old-look-come-out-though-using-beauty-products.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:39:45 AM
Script:/article/1359/why-the-old-look-come-out-though-using-beauty-products.html