ඩෙනිම් කලිසම් අඳිනවා නේද? ඔයාට සෙට් වෙනම ඩෙනිම තෝරන්නේ මෙහෙමයි

August 5, 2018
30,177
How to find the perfect denim jeans
විලාසිතා කියන්නේ අද රැල්ලක්. අද තියෙන විලාසිතාව නෙමෙයි හෙට තියෙන්නේ. අද ඔයා ෂොප් එකකට ගිහින් බැලුවොත් තියෙන අඳුම නෙමෙයි ඊළග දවසේ තියෙන්නේ. මොකද ගෙවෙන හැම තප්පරයක සියලු නිෂ්පාදනයන් අතරේ ඇඳුම් විලාසිතාවත් සීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඔයා හොඳින්ම දන්න දෙයක් තමයි ගැහැණු ළමයි මේ එක එක විලාසිතා කරන්න දක්වන්නේ දැඩි කැමැත්තක්. සමරවිට ඔයත් විලාසිතාවලට ගිජු වුණු කෙනෙක් විය හැකියි. කොහොම වුණත් ඔයාගේ මේ විවිධ විලාසිතා අතරේ ඩෙනිම් විලාසිතාව හිමි වෙන්නේ සුවිශේෂි ස්ථානයක්. අද ඩෙනිම් කලිසමක් අඳින්නේ නැති ගැහැණු ළමයෙක් එහෙමත් නැත්තම් කාන්තාවක් හොයා ගන්න බැරි තරම්. ගොඩක් දෙනෙක් කියන්නේ ඩෙනිම සිරුරට පහසු ඇඳුමක් කියලා. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සිරුරේ ලාලිත්‍ය හැඩය මනාව ඉස්මතු කරලා පෙන්නන්න පුළුවන් විලාසිතාවක් තමයි ඩෙනිම් විලාසිතාව. ඉතිං ඔයා මෙව්චර කල් ඩෙනිම් ඇන්දේ විලාසිතාවක් විදිහට නෙමෙයිනේ. ඉතිං අද අපි ඩෙනිම් විලාසිතාව ගැන ඔයාට කරුණු කිහිපයක් Hadakari වෙතින් කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලම බලන්නකෝ .

ඔයා තෝරන ඩෙනිම් වර්ගය සිරුරේ ෂේප් එකට ගැළපෙනවාද බලන්න







ඔයා සිහින් සිරුරක හෝ තරමක් මහත සිරුරක් හිමි කෙනෙක්ද කියන එක ඔයා හොඳින්ම දන්නවානේ. ඉතිං ඔයාට ගැළපෙන වර්ගයේ ඩෙනිමකින් ඔයාගේ ඇගේ ෂේප් එක ඉස්මතු කරන්න පුළුවන්. Slim fit, Slim cut, Regular, Stretched ආදී වශයෙන් විවිධ වර්ගයේ ඩෙනිම් වර්ග වගේම High හෝ Law - waisted ආදී වෙළෙඳ පොළේ ඕනෑ තරම් ඩෙනිම් තියෙනවා. ඔයාට තියෙන්නේ මහත සිරුරක් නම් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න High-waisted වර්ගයේ ඩෙනිමක් ඇඳීම සුදුසුයි. මොකද එයින් ඔයාගේ ඉනේ හැඩය ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්.

පාට ගැන අවධානය යොමු කරන්න









ගොඩක් දෙනෙක් ඩෙනිම් කලිසම් තෝරා ගැනීමේදී අවධානය යොමු කරන්නේ සීමිත වර්ණවලට. ඒ කළු හෝ නිල්. ඔයාගේ සමට ගැළපෙන ආකාරයේ වර්ණවලින් ඕනෑ තරම් ඩෙනිම් වර්ග තියෙනවා අද වෙළෙඳපොළේ. ඔයා කිසියම් ආයතනයක එහෙමත් නැත්තම් රැකියාවක නියැලෙනවා නම් ගොඩක් දුරට කළු පැහැති වර්ණයේ ඩෙනිම් තෝරා ගැනීම තමයි වැදගත්. මොකද කළු පාට කලිසමකට ඕන පාටක ෂර්ට් එකක් හෝ බ්ලවුසයක් අඳින්න පුළුවන්. ඩෙනිම් කලිසම් සඳහා භාවිත කරලා තියෙන ෆැබ්රික් එකේ කල් පැවැත්ම වගේම වර්ණවල කල් පැවැත්ම ගැන අවධානය යොමු කරලා ඩෙනිමක් තෝරා ගන්න අමතක කරන්න එපා.

ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු වෙලා පේන ඩෙනිමක් තෝරා ගන්න





ඔයා ඩෙනිම් කලිසමක් හෝ වෙනත් වර්ගයේ ඕනෑම කලිසමක් අඳිනවා නම් ඔයාගේ සිරුරේ හැඩය ඉස්මතු වෙලා පේන විදිහේ කලිසමක් තෝරා ගැනීම ඉතාමත් වැදගත්. මොකද ඔයා විශාල මුදලක් වැය කරලා කුමන වර්ගයේ ඩෙනිමක් ඇන්දත් වැඩක් නෑ ඔයාගේ ඇඟේ හැඩය පේන්නේ නැත්තම්. ඔයා තෝරා ගන්න ඩෙනිම ඔයාට හරියටම හරියනවාද කියලා ඇඳලා බලන්න.

රෙදිවල ස්වභාව ගැනත් හිතන්න





ඔයා වැඩි මුදලක් වැය කරලා ඩෙනිමක් මිලදි ගන්නේ අද ඇඳලා හෙට අයින් කරලා දාන්න නෙමෙයිනේ. ඕනම කෙනෙක් ඩෙනිමක් තෝරන කොට පළමුවෙන්ම බලන්නේ ඩෙනිම ටික කාලයක් අඳින්න පුළුවන්ද කියලා. ඔයාගේ සිරුරේ ස්වභාවය ගැන හිතලා ඔයාට පුළුවන් ඩෙනිමක් තෝරන්න. ඩෙනිම් රෙද්ද තරමක් ඇදෙන සුළු නම් එවැනි ඩෙනිම් කකුල් ටිකක් මහත අයට ගැළපෙනවා. ඒත් stretch එක වැඩි ඩෙනිම් කකුල් කෙට්ටු අයට එතරම් ගැළපෙන්නේ නෑ. මොකද එයින් ඔවුන්ගේ කකුල් පේන්නේ තවත් කෙට්ටුවට. ඉතිං ඩෙනිමක් ඇඳලා ඔයා මුළු දවසෙම කාලය ගත කරනවා නම් ශරීර සෞඛ්‍යයට ගැළපෙන ඩෙනිම් රෙද්දකින් මහලා තියෙන ඩෙනිමක් තෝරා ගන්න.

අවස්ථාවට උචිත වෙන විදිහට ඩෙනිම තෝරන්න







අද ගොඩක් දෙනෙක් බෝහෝ අවස්ථාවලට ඩෙනිම් අඳිනවා. එදිනෙදා ගමන් බිමන් වලට වගේම පාටිවලටත්, රාජකාරීවලටත් ගොඩක් දෙනෙක් ඩෙනිම් අඳින්න පුරුදු වෙලා ඉන්නවා. ඉතිං ඔයාට විවිධ අවස්ථාවන්ට ගැළපෙන විදිහට ඩෙනිම් ස්ටයිල් එක වගේම ඩෙනිමේ පාට වෙනස් කරලා අඳින්න පුළුවන්.

ඇඳලා බලලා ගන්න



ඩෙනිමක් විතරක් නෙමෙයි අපි ඕනෑම අඳුමක් ගන්නකොට ඇඳලා බලන්න අමතක කරන්නේ නෑනේ. ඉතිං ඔයා කැමතිම ස්ටයිල්වලින් ඩෙනිම් කිහිපයක් තෝරගෙන ඇඳලා බලලා ඔයාට ගැළපෙනම ඩෙනිම තෝරා ගන්න. ඔයා යම් මුදලක් වැය කරලා ඩෙනිම් කලිසමක් තෝරා ගන්න නිසා හොඳ තත්ත්වයේ ඩෙනිමක්, බ්‍රෑන්ඩ් එක, ඩිසයින් එක මෙන්ම ඩෙනිම් රෙදි වර්ගය හා පාට ගැන අවධානය යොමු කර තෝරා ගැනීම ඉතා වැදගත්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 999 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:51:16 PM
Script:/article/999/how-to-find-the-perfect-denim-jeans.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 10:51:17 PM
Script:/article/999/how-to-find-the-perfect-denim-jeans.html