බලාගෙනයි! එක පිට එක ලෙඩ හැදෙන්නේ මේ නිසා වෙන්න පුළුවන්

May 22, 2018
6,562
Be aware! These may cause continues illnesses
අපි හැමෝම කැමති කිසිම කරදරය නැති නිරෝගී ජිවිතයක් ගත කරන්න. හැබැයි ඉතින් අපි කොච්චර නිරෝගීව ඉන්න කැමති උනත් කොයි වෙලාවේ මොන වගේ ලෙඩක් හැදෙයි ද කියලා අපි කාටවත් විස්වාස කරන්න බැහැ. සමහර අයට නම් ලෙඩක් දුකක් හැදෙන්නේ බොහොම කලාතුරකින්. හැබැයි තවත් කට්ටියක් ඉන්නවා මේ අයට නම් එක පිට එක ලෙඩ. ඒ මදිවාට ලෙඩ හැදෙනකොට පෝලිමේ හැදෙන්න තියෙන ලෙඩ ඔක්කොම ටික හැදෙනවා. හොඳට ඉන්න දවස් වලට වඩා ජීවිතේ තියෙන්නේ ලෙඩ වෙලා ඉන්න වෙන දවස්. මෙහෙම වෙන එක ඉතින් මොන වගේ ප්‍රශ්නයක් ද කියලා අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ නේ. ඒ නිසා ඔබත් නිතර නිතර ලෙඩ වෙන කෙනෙක් නම් ප්‍රශ්නේ තියෙන්නේ මේ දේවල් වල වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් මේ දේවල් පාලනය කරගන්න උත්සහ කරොත් ඔබටත් පුළුවන් හැමදාම හැදෙන ලෙඩ වලට බායි කියලා සතුටින් සැහැල්ලුවෙන් නිරෝගීව ජිවත් වෙන්න.

01. පාලනයක් නැති ආහාර

ඒක කන්න එපා මේක කන්න එපා මේ දේවල් හොඳ නැහැ කියලා කොච්චර කිවුවත් ජම්මෙට වඩා පුරුද්ද ලොකු උන අයට නම් තමන්ගේ කට පාලනය කරගන්නම බැහැ. ඒ නිසා කිසිම පාලනයක් නැතුව කන්න තියෙන කෑම වර්ග හැම දෙයක්ම කනවා. මේ වගේ අයට කෑම පාලනය කරගන්න කියලා කිවුවත් ඒ අය ඒකට උනන්දු වෙන්නේ නැහැ. තව දෙයක් කට්ටිය හිතන්නේ කෑම බීම පාලනයක් නැතිකම බලපාන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ බෝ නොවන රෝග වලට විතරයි කියලා. හැබැයි ඉතින් සීනි තෙල් පාලනයකින් තොරව ආහාරයට ගන්නවා කියන්නේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරන හැකියාව හිතාගන්න බැරි විදිහට අඩු වෙන්න හේතුවක්. ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුයි කියන්නේ බෝ නොවන රෝග වගේම බෝ වෙන රෝගත් එක පිට එක හැදෙන්න හේතුවක්. ඒ නිසා කවුරු කවුරුත් තරම දැනගෙන ගුණ අගුණ දැනගෙන කනවා බොනවා නම් ප්‍රශ්නයක් නැතුවම නිරෝගීව ඉන්න පුළුවන්.

02. ව්‍යායාම නොකිරීම

අද අපි ගෙවන ජිවන රටාව ඇතුලේ අපි අපේ ඇඟ වෙහෙසන්නේ හරිම අඩුවෙන්. ගොඩක් දෙනෙක් තමන්ගේ දවස ගත කරන්නේ office එකේ පුටුවක් උඩට වෙලා. මේ වගේ ජිවන රටාවක් ගත කරන අයට ව්‍යායාම කියන්නේ එදිනෙදා ජීවිතයේදී අවශ්‍යම වෙන දෙයක් හැබැයි ගොඩ දෙනෙක් බරපතල විදිහට මේ දේ මඟ හරිනවා. මොකද වැඩි දෙනෙක් හිතන්නේ ව්‍යායාම කියන්නේ සල්ලි තියන මිනිස්සු fashion එකට කරන දෙයක් කියලා, මෙහෙම හිතන අය ඒ අයට හිනා වෙනවා හැබැයි ඉතින් ඇත්තම දේ තමයි අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වය මානව පවත්වාගෙන යන්න වගේම එක පිට එක හැදෙන ලෙඩ වලින් බේරෙන්නත් ව්‍යායාම නම් අවශ්‍යමයි.

03. ප්‍රමාණවත් නින්දක් නොලැබීම

කතාවට නම් කියන්නේ වැඩිපුර ටිකක් නිදාගන්නේ කම්මැලියෝ කියලා. මේ හින්ද ඉතින් අපිට උනත් ටිකක් වැඩිපුර නිදා ගත්තොත් දැනෙන්නේ වරදකාරී හැඟීමක්. හැබැයි ඉතින් සමාජෙට බයේ වත් වැඩ වැඩි නිසා වත් ප්‍රමාණවත් නින්දක් ලබාගන්නේ නැහැ කියන්නේ ලෙඩ ගොඩකට අත වැනීමක්. දන්නවද නින්ද අඩු වෙන්න අඩු වෙන්න අපේ ශරීරයේ හෝර්මෝන නිපදවීම වැඩි වෙනවා. අනවශ්‍ය විදිහට ශරීරයේ හෝර්මෝන නිපදවෙනවා කියන්නේ ලෙඩ රෝග රැසක් ඉක්මනින් ඉක්මනින් හැදෙන්න හේතුවක්. ඒ විතරක් නෙවෙයි මානසික රෝග උනත් නින්ද ප්‍රමාණවත් නොමැතිකම නිසා ඇතිවෙන්න පුළුවන්.

04. මානසික ආතතිය

ජීවත් වෙනවා කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයකට උත්තර ලියනවා වගේ වැඩක් තමයි. හැබැයි ඉතින් ඕනෙවට වඩා ප්‍රශ්න ඔලුවට ගත්තොත් අන්තිමට වෙන්නේ ලෙඩෙක් වෙන්න. මොකද කෙනෙක් සැලකිය යුතු කාලයක් මානසික ආතතියෙන් ඉන්නවා කියන්නේ එයාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ටික ටික අඩු වෙනවා. ඊට පස්සේ ඉතින් ඇඟ ලෙඩ වලට ඔරොත්තු දෙන්නේ නැතුව ගිහින් ඉක්මනට ඉක්මනට ලෙඩ වෙනවා.

05. හුදෙකලාව සිටීම

අද ඉතින් පවුලේ හැමෝම එකට හම්බවෙන්නේ බොහොම කලාතුරකින්. වෙලාවකට හැමෝම ගෙදර හිටියත් එක එක්කෙනා ඒ ඒ අයගේ ලෝක වල තනි වෙලා. සමහර වෙලාවල් එනවා තනියම ඉන්න එක අපිට හොඳයි කියලා හිතෙන. හැබැයි ඉතින් තනි උනාම තමයි දැනෙන්නේ තනියම ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියලා. අපි තනිවීම නැත්නම් හුදෙකලා වීමත් ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩු වෙන්න බලපානවා. ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා කියන්නේ ඉතින් ඕනෙම ලෙඩක් අපිට පහසුවෙන්ම හැදෙන්න පුළුවන්. මේ නිසා තමයි ඉවරයක් නතු ලෙඩ රෝග හැදෙන්නේ. මේ දේවල් පුළුවන් තරම් පාලනය කරගන්න පුළුවන් නම් අපිට ලේසියෙන්ම නිරෝගිව ඉන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 826 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:12:36 PM
Script:/article/826/be-aware-these-may-cause-continues-illnesses.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:12:36 PM
Script:/article/826/be-aware-these-may-cause-continues-illnesses.html