සම පිරිසිදු කරන්නත්,පැහැපත් කර ගන්නත් කවුරුත් නොකී ආයුර්වේදීය රහස්

March 29, 2018
40,328
Ayurvedic secrets for a beautiful skin
ලස්සන වෙනවා නම් සුදු වෙනවා, ඕනෑම දෙයක් කරන්න අපේ ගොඩක් අය යොමු වෙනවා. ඒ නිසාම ගොඩක් අය තියෙන පෙනුමටත් හානි කර ගන්නවා. විශේෂයෙන් සම සුදු කරන ආහිතකර ආලේපන පවා ගල්වන්න ගොඩාක් දෙනෙක් යොමු වෙලා කියලා කට්ටියගේ මූණු බැලුවම පේනවා. ඒවාගේ පසු කාලින අහිතකර බලපෑම් වලටත් මුහුණ දෙන්න බලාගෙන ඒ දේවල් කරාට කමක් නෑ. එකට අකමැති අයට මෙන්න තියෙනවා ස්වාභාවිකව තමන්ගේ සුන්දරත්වය වැඩි කර ගන්න රහස් ටිකක්. නොවරදවාම try කරලා බලන්න.


1. සම පැහැපත් කර ගන්නත් නිරෝගී බාවය ආරක්ෂා කර ගන්නත් එහි පිරිසිදුව අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඒ සඳහා ඔබට ස්වාභාවික දේවල් භාවිතා කරන්න පුළුවන්. එදිනෙදා ගෙදර දොරේදී හමුවන දෙහි යුෂ, පිපිඤ්ඤා යුෂ, අර්තාපල් යුෂ ආදිය භාවිතා කරලා මුහුණ පිරිසිදු කරන්න. එයින් සම පිරිසිදු වෙනවා වගේම සමට පෝෂණයත් ලැබෙනවා.

2. සමට පෝෂණය ලබාදීම සඳහා සතියකට දෙවරක් වත් ස්වාභාවික ඖෂධ වලින් සාදන face mask එකක් යොදන්න. ඒ වගේම ඔයාට ඒකට පළතුරු වර්ග යොදා ගන්නත් පුළුවන්. මේ සඳහා අලිගැටපේර, ගස්ලබු, කොමඩු, බෙලි, ලෙමන් යුෂ මේ සඳහා ඉතා හිතකරයි.

ඊට අමතරව මේ face pack ටිකත් පුළුවන් වෙලාවට try කරලා බලන්න. සිංහල බෙහෙත් බඩු කඩයකින් මේ දේවල් ඔක්කොම පහසුවෙන් සපයා ගන්නත් පුළුවන්.

3. කඩල පිටි ස්වල්පයක් දෙහි ඇඹුලින් අඹරා paste එකක් මෙන් පිළියෙළ කර ගෙන පිරිසිදු කර ගත මුහුණේ හා බෙල්ලේ ආලේප කර මිනිත්තු පහලවලින් පමණ පමණ සෝදා හරින්න. කළු සහ සුදු ලප වලට හොඳ විසඳුමක්.

4. දෙහි යුෂ සහ පිපිඤ්ඤා යුෂ තේ හැඳි ½ බැගින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මිනිත්තු දහයකට පසු පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. තෙල් සහිත සමට හා සමේ තෙතමනය ආරක්ෂා කර ගන්නත්, සමට පෝෂණය ලබා ගන්නත් පුළුවන්.

5. සුදු හඳුන් ඇල් දියෙන් ගලගා ශරීරයේ ආලේප කර මිනිත්තු විස්සෙන් පමණ පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. සුදු හඳුන් කියන්නේ සමේ තෙතමනය ආරක්ෂා කර ගන්න තියෙන හොඳ ක්‍රමයක්.

6. කොකුම් පොතු, වැල්මී, වදකහ ඇල් දියෙන් මිශ්‍ර කර මුහුණේ සහ බෙල්ලේ, අත්, පා වල ආලේප කරන්න. සතියට දෙවරක් කිරීමෙන් පැහැපත් සමක් ලබා ගන්න.

7. වියලි සමක් ඇති අයට තමයි මේ සත්කාරය වඩාත් යෝග්‍ය. බිත්තර කහ මදය, ඔලිව් තෙල් හා දෙහි ඉස්ම තේ හැන්දක් බැගින් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මිනිත්තු විස්සකින් පමණ සෝදා හරින්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 730 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:19:09 AM
Script:/article/730/ayurvedic-secrets-for-a-beautiful-skin.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 8:19:09 AM
Script:/article/730/ayurvedic-secrets-for-a-beautiful-skin.html