බඩ ඇවිත්ද? මෙන්න අඩු කර ගන්න කැමති අයට සාර්ථකම විසඳුමක්

December 25, 2017
26,771
Here is a solution for big fat stomach
හොඳට නරකට දෙකට කටමය කියල ඔයාල අහල ඇතිනේ. මේ කියන්නේ කටට පාලනයක් නැති අයට වෙන දෙයක් ගැන. දැනටමත් ඔයාව අපහසුතාවය පත් වෙලා තියෙන උදරය ඉදිරියට නෙරා එන එක ඇත්තටම ඔයාට කරදරයක් නේද? ඒ වගේම ඔයාගේ ලස්සනටත් ඒක බාධාවක්. ඔයාගේ සෞඛ්‍යයටත් එය අහිතකරයි.

අපි ගන්න ආහාර වලින් ශරීරයට එකතු වෙන අතිරික්ත මේද කොටස් අපේ ශරීරයේ ස්ථාන කීපයකම තැම්පත් වෙනවා. මුලින්ම ඉන දෙපැත්තේ තමයි මේදය තැම්පත් වෙන්නේ. අපි ඔය ටයර් පැනල කියන්නේ එතකොටනේ. ඊළඟට උදරයේ. ඊළඟට තට්ටම් ප්‍රදේශ වල, ඊළඟට අත් ගොබ වල ආදී වශයෙන් ශරීරයේ විවිධ ස්ථාන වල තැම්පත් වෙන මේදය දහනය කරන්න දිනපතා ව්‍යායාම කිරීම වගේම ඔයාගේ ආහාර රටාවේ වෙනසකුත් ඇති කල යුතුමයි. මේ අනිවාර්ය දේවල් වලට අමතරව මේ පොඩි පොඩි ප්‍රතිකර්ම භාවිතයෙන් ඔයාට අනවශ්‍ය මේදය දහනය කර ගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය.

කපා ගත් අන්නාසි අඬු කෝප්පයක්
දෙහි ගෙඩි එකක්
කුඩා ඉඟුරු කැබැල්ලක්
මිංචි කොළ කීපයක්
වතුර කෝප්ප 2ක්

මේ සියල්ලම බ්ලෙන්ඩර් කරලා පානයක් විදියට හදා ගෙන දිනපතා රාත්‍රී පානය කරන්න පුළුවන් නම් ආහාර රුචිය පාලනය වෙන නිසා නිතර නිතර අහාර ගැනීම පාලනය වෙනවා.

ඒ වගේම ග්‍රීන් ටී වලට මේදය අඩු කිරි වර්ගයක් එකතු කරලා පානය කරන්න. මාස දෙකක පමණ කාලයක් කිරීම ප්‍රමාණවත්. ඒ මඟිනුත් ආහාර රුචිය පාලනය කිරීමක් සිදු වෙනවා වගේම ඔයාගේ නිරෝගී බවටත් උදවු වෙනවා.

උණු කර ගත ජලය කෝප්ප 1ක්
කුඩු කර ගත් සූදුරු මේස හැඳි 1ක්
දෙහි ලෙලි දෙකක් වියලා ලබා ගත කුඩු
කුරුඳු කුඩු මේස හැඳි භාගයක්
මී පැණි මේස හැන්දක්

උණු වතුර කෝප්ප එකකට මේ කියපු දේවල් ඔක්කොම එකතු කරලා හොඳින් මිශ්‍ර කරලා දිනකට එක් වතාවක් පානය කරන්න. මේ මඟිනුත් ඔයාට උදරයේ ඇති අනවශ්‍ය මේදය දහනය කට ගන්න පුළුවන්.

මේ හැම දෙකටම වඩා වැදගත් වෙන්නේ නිවැරදි ආහාර රටාවකට හුරු වෙන එක. ඒ වගේම ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි සිරුරට ව්‍යායාමයක් ලබෙන ක්‍රියා වල නිරත වෙන්න. ක්‍රමානුකුලව ව්‍යායාම වල නිරත වෙන්න. වැඩි වතුර බොන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 592 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:31 AM
Script:/article/592/here-is-a-solution-for-big-fat-stomach.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 9:53:32 AM
Script:/article/592/here-is-a-solution-for-big-fat-stomach.html