වර්තමානයේ බහුතරයක් පවුල් ප්‍රශ්න වල අවසානය වෙන්නේ දික්කසාදයෙන්. අද වෙනකොට මිනිස්සුන්ට මේක බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් මේ නිසා සමාජය තුල හට ගන්න ප්‍රශ්න නම් අප්‍රමාණයි. ඇත්තටම මේ තත්වයට හේතුව වෙලා තියෙන්නේ පවුල් ජීවිතයේදී එකිනෙකාව හොදින් තේරුම් නොගැනීම වගේම ජිවිතයේ ඇතිවෙන කාර්යබහුලත්වය සමග එකිනෙකාව මගහැරී යාමයි. අපි දහසක් සිහින මැද විවාහ ජීවිතය ආරම්භ කරන්නේ කෙටි කාලයකින් ඒ සිහින හැම එකක්ම බිද දමාගෙන විවාහ ජීවිතය අවසන් කරගන්න නෙවෙයි. මේ නිසා අපේ පවුල් ජීවිතය රැකගන්න එක අපි විසින්ම කල යුතු දෙයක්. මොකද වෙන කෙනක්ට බෑ අපේ පවුල් ජීවිතය අපිට ආරක්ෂා කරලා දෙන්න. මේ අපි ඔබට කියන්න හදන්නේ හැමදාමත් ඔබේ පවුල රැක ගන්න උදවුවෙන ක්‍රම ටිකක් ගැන.
1. තේරුම් ගන්න විවාහය යනු සරල දෙයක් නොවන බව
බොහෝ දෙනෙක් විවාහ ජීවිතය අවුල් කරගන්න බලපාන මුලිකම හේතුවක් තමයි මේ කාරණාව. ඔවුන් සිතන්නේ විවාහය ඉතා සරල දෙයක් බවයි. මේ නිසා ඔවුන් නොදැනුවත්වම විවාහා ජිවිතයේ එකිනෙකා වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් ඔවුන් අතින් මග හැරෙනවා. මේ නිසා ඔබ දෙදෙනාම හොදින් තේරුම් ගත යුතුයි විවාහයේ ඇති වටිනාකම. එවිට කිසිම දිනක ඔබ දෙදෙනා අතර ගැටුම් ඇතිවෙන්නේ නැහැ.
2.ඔබ දෙදෙනා ප්‍රශ්නයකට මැදිව ඉන්නවානම් අනිවාර්යෙන්ම පවුල් උපදේශක වරයෙක් හමුවන්න
වර්තමානයේ පවුල් උපදේශනය කියන්නේ බොහොම ජනප්‍රිය කාරණාවක්. මෙමගින් පවුල් ජීවිතය ආරක්ෂා කරගන්න ලැබෙන දායකත්වයත් ඇති විශාලයි. මේ නිසා ඔබට දැනෙනවා නම් ඔබ දෙදෙනාම යම් ප්‍රශ්නයකට මැදිව සිටින බව අනිවාර්යෙන්ම පවුල් උපදේශක වරයෙකුගේ සහය බලාපොරොත්තු වෙන්න. මෙය ඔබට ප්‍රශ්නය විසදගන්න වගේම ඔබ දෙදෙනාගේ සබදතාවය ආරක්ෂා කර ගන්නත් විශාල උදවුවක් වේවි.
3. අනිවාර්යෙන්ම සතියේ එක දවසක් වත් ඔබ දෙදෙනාටම නිවාඩු දිනයක් කරගන්න
මෙය ඔබේ ජිවිතයේ අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්. මොකද සබදතාවයක් වැඩි දියුණු වෙන්න අනිවාර්යෙන්ම ඔබ දෙදෙනාටම එක්ව නිවාඩු පාඩුවේ ආදරය බෙදා හදාගන්න අවස්ථාවක් තිබිය යුතුමයි. එවිට ඔබ දෙදෙනාගේ ආදරය තව තවත් ශක්තිමත් වෙනවා. මේ නිසා ඔබ දෙදෙනා වෙනුවෙන් අනිවාර්යෙන්ම කාලය වෙන් කර ගන්න.
4. ඔබ දෙදෙනාගේ විනෝදාංශ හුවමාරු කර ගන්න.
මේ කියන්නේ ඔබ දෙදෙනාගේ හැම විනෝදාංශයක්ම හුවමාරු කර ගන්න කියලා නෙවෙයි. ඔබ දෙදෙනාම කැමති දේවල් එක්ව කරන්න. නිවාඩු දවසට දෙදෙනාම එක්ව ව්‍යායාම කරන්න, සිනමා පටයක් නරබන්න, ගීත වලට සවන් දෙන්න. මේ විදිහට ඔබ දෙදෙනාටම එක්ව කල හැකි දේවල් වල නිවාඩු දිනවලදී නිරත වෙන්න. මෙය ඔබට බොහෝ උපකාරී වේවි ඔබ දෙදෙනා අතර ආදරය වගේම විස්වාසයත් අවබෝධයත් වර්ධනය කර ගන්න.
5.එක්ව ස්නානය කරන්න
මෙය ඔබ දෙදෙනාටම හොද අවස්ථාවක් නිදහසේ කාලය ගත කරන්න. ඔබ දෙදෙනාටම පුළුවන් අවට පරිසරයෙන් මිදිලා එකිනෙකා සමග ආදරයෙන් කතාබහ කරන්න. ඒ වගේම මෙය හොද අවස්ථාවක් ඔබ දෙදෙනාගේම ආදර හැගීම් උද්දීපනය කරගෙන ඔබ දෙදෙනාගේ ලිංගික ජීවිතය අලුත් කරගන්න.
6.කිසිම හේතුවක් නිසා ලිංගික එක්වීම් නතර කරන්න එපා
ඔබ දෙදෙනාගේ ආදරය වැඩිදියුණු වෙන අවස්ථාවක් තමයි ලිංගික එක්වීම කියන්නේ. බොහෝ අය විවිධ හේතුන් නිසා ලිංගික සබදතා පැවැත්වීම නතර කරනවා නැතිනම් බොහොම කලාතුරකින් තමයි ඔවුන් ලිංගිකව එකතු වෙන්නේ. මෙය හොද පවුල් ජිවිතයක් පවත්වාගෙන යන්න විශාල බාදාවක්. ඒ නිසා නිතරම ඔබ දෙදෙනා ලිංගිකව එකතුවීම පවුලේ පැවැත්මට ඉතා අත්‍යවශ්‍යයි.