ආදරය කරන කෙනාව කවදාවත් ඔයාගේ ආදරය ඉදිරියේ අනාථයෙක් කරන්න එපා

October 16, 2018
7,378
Don’t make them a slave infant of your love
ආදරය කියන්නේ ජිවිතයේ ලබන්න පුළුවන් මිහිරිතම අත්දැකීමක් කියලා හැඩකාරී අපි ඔයාට කීවොතින් ඔයා අනිවර්යෙන්ම අපි එක්ක එකඟ වෙවී. ආදරය සුන්දර අත්දැකීමක් කියලා ආදරය කරන ඔයත් කාලයක් ආදරය කරලා දැන් සාර්ථක යුග ජීවිතයක් ගත කරන ඔයත් හොඳින්ම දන්නවානේ. ආදරය කියන අකුරු 04 ට ලොකු අරුතක් තියෙනවා කියලා කිව්වට දැන් දැන් ආදරය කරන පෙම්වතුන්ට නම් ආදරය තියා තමන් ආදර කරන්නේ කාටද කියලවත් හරියට දන්නේ නෑ. ඒ නිසාම අද ආදරය ඉදිරියේ පෙම්වතුන් වගේම පෙම්වතිය්නද අසරණ වෙනවා. ඒ අසරණකම කොච්චරද කියලා කීවොතින් පෙමින් වෙලුණු ගොඩක් දෙනෙක් අවසානයේ සිය අතින්ම ජීවිතය නැති කර ගන්නවා. ආදරය හරියට අවබෝධ කර නොගැනීම සමාජයට මහත් ඛේදවාචයක් කියලා ඔයාට දැන් අපේ රටේ සිදු වෙන දේවල් වලින් හොඳටම තේරුම් යනවා ඇති. ඉතිං ඔයත් පෙම්වතියකට හො පෙම්වතෙකුට අවංකව ආදරය කරනවා ඒ කෙනාව ආදරය ඉදිරියේ කවදාවත් අනාථයෙක් කරන්න එපා කියලයි අද Hadakari අපි ඔයාට කියන්නේ.

ආදරය කරපු කෙනෙක්ට මරණය අත් කරන්න එපා

ආදර කතාවක් පටන් ගන්නේ දෙදෙනාගේම කැමැත්තට. ඉතිං ඔය ආදර කතාව ගලාගෙන යන අතරතුර විවිධ බාධක, ගැටළු, අත්වැරදීම් සිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේ වගේ වෙලාවට හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් හිතන අය අඩුයි. ඒ නිසා දෙදෙනාගෙන් එක් අයෙක් වත් තියෙන තත්ත්වය ඒ ගැන තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇති වී තියෙන තත්ත්වය කුමක් වුණත් ඔයා ආදරය කරන කෙනාට ඒ ගැන පැහැදිළි කරන්න උත්සාහ කරන්න. ඒ කෙනා යන්නේ වැරදි පාරක නම් ඔහේ යන්න දීලා බලාගෙන ඉන්න එපා. ඒ කෙනාව නිවැරදි මාර්ගයට ගන්න ඔයාට කරන්න පුළුවන් හැමදේම කරලා බලන්න. දෙදෙනා අතර විශ්වසනීය බැඳීමක් ඇති කර ගන්න. ආදරය නිසා දෙනොගෙන් කෙනෙක් මරණයට පත් වන තැනට කවදාවත් වැඩ කරන්න එපා.

ආදරය අයදිනකම් ඉන්න එපා

හීන ලෝක පොදි බැඳගෙන පටන් ගන්න ආදර කතාවල සමහර පෙම්වතුන්ට ඔහුගෙන් හෝ ඇයගෙන් ආදරය අයදින්න වෙනවා. සම්බන්ධතාවක් පටන් ගන්න තියෙන උවමනාව, ආදරය කරද්දී කාලය එක්ක ගොඩක් දෙනෙක්ට නැති වෙලා යනවා. නමුත් ඇත්තටම ආදරය කරපු කෙනා කවදාවත් කැමති වෙන්නේ නෑ ඒ ආදරය අත්හරින්න. ඉතිං ඒ නිසා කොහොම හරි ඒ ආදරය තමන්ගේ කර ගන්න උත්සාහ කරනවා. හිතමිතුරන්ට කියලා හෝ හිතවතුන්ගේ උදව් උපකාර ඉල්ලගෙන හරි ඒ ආදරය තමන්ගේ කර ගන්න උත්සාහ කරනවා. ඉතිං තමන්ට ආදරය කරපු කෙනෙක් ඇයි ඔයාගේ ආදරය ඉදිරියේ අසරණ කරන්නේ.

අඩුපාඩු ප්‍රසිද්ධියේ කතා කරන්න එපා

හැඩකාරී අපි ඔයාට මුලින් කිව්වා වගේ ඔයා ආදරය කරන ඇය හෝ ඔහු අතින් යම් යම් අතපසු වීම් තිබිය හැකියි. ඔයා ඇත්තටම ඒ කෙනාට ආදරය කරනවා නම් ඒ වැරදි කවදාවත් පිට කෙනෙක් ඉදිරියේ කියන්න එපා. මොකද ඒ කෙනාගේ පෞර්ෂත්වයට එය කැළලක්. ඔයා කෙනෙක්ට ආදරය කරේ අවංකව නම් ඔයාට පුළුවන් වෙන්න ඕන ඒ වැරදි හොඳින් කියලා දීලා නිවැරදි කරන්න. අඩුපාඩු හදා ගන්න උපදෙස් දේන්න. එහෙම නොකර ඔයා ආදරය කරන කෙනාව අත් හැරලා දැම්මොතින් ඔයා ඒ කෙනාගේ ජීවිතයට කරන ලොකු වැරැද්දක් අසාධාරණයක් වේවී.

කරදරයක් විදිහට දකින්න එපා

ආදරය කරන කාලය ඉතාමත් සුන්දරයි කියලා ඔයා දන්නවානේ. සම්බන්ධතාවක් පටන් ගන්න ඕනම දෙදෙනෙක් මුලින්ම තොර තෝංචියක් නැතුව ආ ගිය හැම විස්තරයක්ම කතා කරනවා. කොටින්ම කියනවා නම් අවසානයේ ඇයට හෝ ඔහුටත් වඩා අනික් කෙනා තමන් ආදරය කරන කෙනා ගැන දන්නවා. ඒත් කාලය එක්ක ඒ තරම් ලස්සනට පටන් ගත්ත ආදර කතාවලට විවිධ හේතු නිසා කණකොකා අඬන්න පටන් ගන්නවා. කාර්යබහුලයි කියලා හිතාමතා තමන්ට ආදරය කරන කෙනාව මඟ හරිනවා. ඔයා කෝල් එකක් ගත්තයි, මැසේජ් එකක් යැවුවත් අනිත් කෙනාට දැනෙන්නේ වදයක් විදිහට. ඔයාට ඕන ඔහු හෝ ඇය එකක් තියෙන සම්බන්ධතාවට තිත තියන්න නම් ඒ දේ කෙලින්ම කියලා ඈත් වෙන්න. එහෙම නැතුව ඔයාට ආදරය කරන හැම මොහොතමකට රංඩු සරුවල් වෙමන් බැණ ගනිමින් ඒ කෙනාගේ ආදරය ඔයාගේ ආදරය ඉදිරියේ අසරණ කරන්න එපා.

කළ කී දේවල් ගැන කියවන්න එපා

ආදරය පැත්තකින් තියලා ඔයා ඔයාගේ ළමා කාලයට ගිහින් එන්නකෝ. චුටි කාලේ ඔයා කා එක්ක හරි රංඩු වුණාම, උදව් කරපු දෙයක් එහෙමත් නැත්තම් ඔයා දුන්නු දෙයක් ගැන කියවලා ඇති. එහෙමත් නැති නම් ආපහු ඉල්ලලා ඇති. ඉතිං ඔයා ඔහුට හෝ ඇයට ආදරය කරන කාලයේදී කළ කී දෑ ආපහු ආපහු මතක් කරලා දෙන්න එපා. මොකද එතකොට ඔයා කරපු දෙයිනුත් වැඩක් නැති වෙනවා. ඉතිං හැම විටම තමන්ගේ කට පරිස්සම් කර ගන්න. කරපු කියපු දේවල් ගැන කියවන්න යන්න එපා. මොකද ඔයාට ඇත්තටම ආදරය කරපු කෙනෙක් නම් එයින් ඔහුගේ හෝ ඇයගේ හිත රිදෙනවා.

හිතාමතා අමතක කරන්න එපා

ගොඩක් දෙනෙක්ට ආදරය කරන්න පටන් ගන්න කලින් තියෙන මතක ශක්තිය කාලයාගේ අවෑමෙන් අමතක වෙලා යනවානේ. විශේෂයෙන්ම ආදරය කරන කෙනෙක් ජීවිතයේ සුවිශේෂි දේවල් තමන්ට ආදරය කෙනාගේ මතකයේ තියෙනවාට ගොඩක් කැමතියි. නමුත් ඉතිං සමහරු තමන් ආදරය කරන කෙනාගෙන් ඈත් වෙන්න ඕන නිසා බොරු හේතු හදා ගන්නවා. ඒ නිසා තමන් ආදරය කරන කෙනාගේ ජීවිතයේ විශේෂ දවස්, විශේෂ සිදුවීම් හා සැමරුම් හිතාමතා අමතක වෙන්න දෙන්න එපා.

වැරදි විතරක් නෙමෙයි හොඳ දේවලුත් දකින්න

ඔයා ආදරය කරන කෙනාගේ ඔයාට පෙනෙන්නේ අඩුපාඩු විතරක් නම් දැන් ඒ කෙනාට ඔයාව පේන්නේ වදයක් විදිහට වෙන්න පුළුවන්. ඇත්තටම ආදරය කරන කෙනෙක් නම් වැරැද්ද විවේචනය කර කර ඒ වෙනුවෙන් ඔට්ටු වෙන්නේ නෑ. ඔයා කෙනෙක්ට අවංකවම ආදරය කරනවා නම් හොඳ දේවලුත් දකින්න උත්සාහ කරන්න. හොඳ දේවල් අගය කරන්න. එයින් සාර්ථක සම්බන්ධතාවක් ඔයාලා දෙන්න අතරේ ගොඩ නැගේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

The fastest way to relieve bloating
   6,853
   54

බඩ පිපීම නිසා ඔබත් නිතර නිතර පීඩාවට පත්වනවාද? එසේනම් මෙන්න පහසුවෙන් සුවය ලබාගත හැකි ක්‍රම

ඉක්මන් ක්‍රම නැතිව බඩ පිපුම පාලනය කරන්න මේ ක්‍රම ටික කරලා බලන්න..
10 symptoms shows you are pregnant
   54,164
   32

කවුරුත් නොකියන ගැබ්ගත් බව අඟවන ලක්ෂණ 10ක්

ගැබ්ගත් කාන්තාවන් පීරියඩ්ස් නවතින එක, පියයුරු මෘදු වෙන එකට වඩා වෙනස් අත්දැකීම් වලට මුහුණ දෙනවා. නමුත් මේවා ගැන අනිත් අයට කියනවා අඩුයි. ඔබ මේ ලක්ෂණ දැනන් සිටින එක නුවණට හුරුයි කියලා අපි හිතුවා
Food to regulate your menstrual circle
   47,060
   17

ඔසප් වීම ප්‍රමාදයි කියලා ඔයත් වද වෙන කෙනෙක්ද? මෙන්න එය ක්‍රමවත් කරන්න ගත හැකි ආහාර ටිකක්

නිතරම ප්‍රමාද වෙන ඔසප් චක්‍රය අක්‍රමවත් වීම භයානක රෝග සඳහා මූලික හේතුව බවට පත් වෙන්න පුළුවන්. මෙම ගැටලුවට ආහාර මගින් කලහැකි පිළියම් භාවිතා කිරීමට කැමති තරුණියන්ට හා කාන්තාවන්ට අද අපි සාර්ථක ක්‍රම කීපයක් කියන්න
Are you aware of dry cracked feet?
   18,102
   15

දෙපාවල රක්තය හෙවත් ලේ දුෂණය වීම පිළිබද ඔබ සැළකිලිමත්ද?

ඔබගේ පාද අවලස්සනද? විලූඹ හා යටි පතුලේ පැලීම් හා ඉරි තැලීම් තියෙනවද? මෙවැනි රෝගී තත්ත්වයන් පිළිබදව ඔබට මෙතෙක් දැනුම්වත් බවක් අවබෝධයක් නොතිබුණා නම්, දැන් ගැන හිතන්න කාලය හරි
Do you what happens if you take cod-liver oil everyday?
   20,729
   14

දිනපතා මෝර තෙල් ගත්තොත් ශරීරයට වෙන දේ ඔබ දන්නවාද?

දවසට මෝර තෙල් පෙති 2 ගානෙ බිව්වොත් මොනවා වෙයිද? ශරීරයේ ඉන්සියුලින් මනාව පාලනය කරනවා වගේ සෑහෙන ප්‍රයෝජන ගොඩක් මෝර තෙල් වලින් ලැබෙන බව ඔබ දැනන් සිටියාද?

Latest Articles

Most Viwed