රස ගුණ ඇති කොමඩු ගෙඩියක් තෝරන්න tips 05 ක්

October 19, 2018
7,180
5 tips to choose a good watermelon
පළතුරු කන්න කොයි කවුරුත් එක වගේ කැමතියිනේ. අපේ රට පිහිටලා තියෙන්නේ වියළි කලාපයක කියලා ලොකු කුඩා කවුරුත් හොඳින්ම දන්නවා. ඒ නිසා සෞම්‍ය, සීත දේශගුණයට වඩා වෙනස් වු උණුසුම් දේශගුණයෙන් යුක්ත පරිසරයක තමයි අපිට වැඩිපුර කාලයක් ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. ඉතිං අද හැඩකාරී මේ කියන පළතුර වැඩිපුර අපේ රටේ ආහාරයට ගන්නේ උණුසුම් කාලගුණයකදී. කොමඩු කියන්නේ ලොකු කුඩා කවුරුත් කන්න කැමති පළතුරක්. විශේෂයෙන්ම මේ පළතුර වගා කරන්නත් පුළුවන් වෙන්නේ උණුසුම් කාලගුණයක් තියෙන ප්‍රදේශවල. ඔන්න ඉතිං වියළි දේශගුණයක් තියෙන පළාත්වල ඉන්න ඔයාට තමන්ගේ ගෙවත්තේ වුණත් හරිම පහසුවෙන් කොමඩු වැලක් හදාගෙන කොමඩු ආහාරයට ගන්න පුළුවන්. ඒත් මේ පහසුකම හැමෝටම නැති නිසා කොමඩු කන්න ආස ගොඩක් දෙනෙක්ට කඩයකින් එහෙමත් නැතිනම් මාර්කට් එකෙන් හෝ පළතුරු මැස්සකින් තමයි කොමඩු ගෙඩියක් අරගෙන යන්න වෙන්නේ. ඔයාටත් කොමඩු ගෙඩියක් මිලදි ගන්න ගියාම අනන්ත හිතල ඇති හොඳ කොමඩු ගෙඩියක් තොර ගන්නේ කොහොමද කියලා. ඔන්න ඉතිං අද හැඩකාරී අපි තීරණය කළා ගුණයෙන් වගේම රසයෙන් සපිරි කොමඩු ගෙඩියක් තෝරා ගන්න හැටි ඔයාට කියලා දෙන්න.

පිටපොත්ත මත ඇතිවන සලකුණ



සමාන්‍යයෙන් කොමඩු වැල් ව්‍යාප්ත වෙන්නේ පොළව මතුපිටනේ. එහෙම නැතිනම් කොමඩු වැල් ගස්වල හෝ ඉනිවලත් වර්ධනය වෙන්න ඉඩ හරිනවා. ඒත් ගොඩක්ම සාර්ථක ක්‍රමය තමයි පොළොව මතුපිට කොමඩු වැල් වර්ධනය වීමට ඉඩහැරීම. ඔයා කොමඩු මිලදී ගන්නකොට හොඳට දැකලා ඇති කොමඩු ගෙඩියේ කුමන හෝ එක් ස්ථානයක් කහ හෝ සුදු පැහැ වෙලා තියෙනවා. සමාන්‍යයෙන් මේ වර්ණය කොමඩු ගෙඩියේ සමස්ත වර්ණයට වඩා හාත්පසින්ම වෙනස්. ඉතිං ඔයාට නැවුම් වගේම ගුණයෙන් පිරි, රසයෙන් පිරි කොමඩු ගෙඩියක් ආහාරයට ගන්න ඕන නම් මේ විදිහට මතුපිට පොත්ත ක්‍රී‍ම් පැහැයට හුරු කහ පැහැයක් තියෙන කොමඩු ගෙඩියක් තෝරා ගන්න. මේ විදිහට කොමඩු ගෙඩියේ එක තැනක් විතරක් මෙවැනි වර්ණයක් ගන්නේ ඇයිද කියලත් ඔයාට අපි කියලා දෙන්නම්කෝ. ගොඩක් වේලාවට මුලින් කිව්වා වගේ කොමඩු වැල් පොළොව මතුපිට ව්‍යාප්ත වීමේදී කොමඩු ගෙඩිය පොළවට ස්පර්ශ වෙලා තමයි තියෙන්නේ. අන්න ඒ නිසා තමයි පොත්ත මතුපිට මෙවැනි වර්ණයක් ඇති වෙන්නේ. ඉතිං දැන් ඔයාට හිතේ හැටියට තෝරලා අතේ ඇති මුදල් අපතේ නොයවා රසයෙන් වගේම ගුණයෙන් පිරි කොමඩු ගෙඩියක් තෝරා ගන්න පුළුවන්.

කොමඩු පොත්ත මත ඇතිවන සියුම් පැල්ලම් (සියුම් පැලුම්)



ඔයා දැකලා ඇති සමහර කොමඩු ගෙඩිවල සියුම් පැල්ලම් එහෙමත් නැතිනම් සියුම් පැලුම් ඇති වෙලා තියෙනවා. ඉතිං ඕනෑම කෙනෙක් හිතන්නේ මෙවැනි කොමඩු ගෙඩියක් ඇතුළෙන් නරක් වෙලා ඇති කියලා. එහෙම නැතිනම් මේ කොමඩු ගෙඩිය පැහිලා නැති නොමේරු කොමඩු ගෙඩියක් කියලා. මේ කතාව ඇහුම ඔයා පුදුමයටත් පත් මෙයි. මෙවැනි ලක්ෂණ කොමඩු ගෙඩියේ පොත්ත මත තියෙනවා නම් දෙපාරක් හිතන්නේ නැතුව කොමඩු ගෙඩිය මිලදී ගන්න. මේ අවලස්සනක් කොමඩු ගෙඩියට ඇති වෙලා තියෙන්නේ මී මැස්සන් නිසා. මොකද වැඩිපුර කොමඩු මල් මී මැස්සන් විසින් පරාගණය කළාම තමයි මේ විදිහේ පැල්ලම් ඇති වෙන්නේ. ඉතිං මෙවැනි කොමඩු ගෙඩියක් අනෙක් කොමඩුවලට වඩා වැඩියෙන් රසවත් වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත් වැඩියි.

නටුව පරීක්ෂා කරන්න



කොමඩු ගෙඩියක් නැවුම් වෙන තරමට ඒ කොමඩු ගෙඩියේ ප්‍රණීත බව ඉතාමත් වැඩියි. ඉතිං කොමඩු ගෙඩියක් කපලා බලලා ගෙදර ගෙනියන එක ප්‍රායෝගික දෙයක් නම් නෙමෙයි. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා මේ වගේ පුංචි ටිප්ස් ටිකක් භාවිත කරන්න. ඔයා හැඩකාරී අපි කිව්ව මේ ලක්ෂණ තියෙන කොමඩු ගෙඩියක් මිලදී ගන්න කලින් එහි නටුව පරීක්ෂා කරන්න. ඔයා අතට ගන්න කොමඩු ගෙඩියේ නටුව ටිකක් වියළිලා නම් ඒ කොමඩු ගෙඩිය ටිකක් පරණ කොමඩු ගොඩියක්. ඔයා දන්නවානේ ඔයා අතට කොමඩු ගෙඩියක් පත් වෙන්නේ අතරමැදි කරුවන් කිහිප දෙනෙක් ළඟට ගිහින්. ඉතිං කල් වැඩියෙන් ඉකුත් වුණාම කොමඩු ගෙඩියේ ප්‍රණීත බව අඩුවෙලා වතුර රසය විතරක් දැනෙන් පටන් ගන්නවා. ඉතිං ඔයාට ගුණයෙන් වගේම රසයෙනේ පිරි කොමඩු ගෙඩියක් තෝරන්න ඕන නම් නටුව වියලුණේ නැති අමු පැහැයෙන් තියෙන කොමඩු ගෙඩියක් තෝරා ගන්න අමතක කරන්න එපා.

ගැහැණු පිරිමි කොමඩු



මේ කතාව ඇහුවම ඔයාට හිනත් යනවා ඇති නේද. ඒත් ඔයාට හැඩකාරී අපි මේ කියන කතාව බොරු කියලා හිතෙනවා නම් කොමඩු වගාවේ දීර්ඝ කාලයක් නියැළිලා ඉන්න ගොවි මහත්තයෙකුගෙන් අහලා බලන්නකෝ. ඔවුන් ගැහැණු පිරිමි කියලා කොමඩු හොඳින් වෙන් කර ගන්නවා. සමාන්‍යයෙන් පිරිමි කොමඩු දිගින් වැඩි වන අතර ගැහැණු කොමඩු දිග ප්‍රමාණයෙන් අඩුයි වගේම වටකුරු ස්වභාවයක් ගන්නවා. ඉතිං මේ පිරිමි කොමඩු ගෙඩි විශාල ප්‍රමාණයකින් තිබුණට ඒවායේ රසය ඉතාමත් අඩුයි. වතුර රසයක් තමයි වැඩිපුර තියෙන්නේ. ගැහැණු කොමඩු ගෙඩි පොඩි වුණත් එවායේ වතුර රසය අඩුවෙන් තමයි තියෙන්නේ. ගොඩක් වේලාවට ගැහැණු කොමඩු ගෙඩිවල ප්‍රණීත රසය වැඩියි. ඔන්න දැන් ඔයාට ගැහැණු පිරිමි කොමඩු ගෙඩි නිසි ලෙස හඳුනාගෙන රසයෙන් පිරි කොමඩු ගෙඩියක් තෝරා ගන්න පුළුවන්.

කොමඩු ගෙඩියේ ප්‍රමාණය



කොමඩු ගෙඩියේ ප්‍රමාණය අනුවද ඔයාට තීරණය කරන්න පුළුවන් ඔයා තෝරා ගන්නා කොමඩු ගෙඩිය ඉතාමත් රසවත්ද නැද්ද කියලා. ගොඩක් වෙලාවට ඔයා කොමඩු මිලදී ගන්න ගියාම ඔයාට විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත කොමඩු ගෙඩි තියෙනවා දැක ගන්න පුළුවන්. ඉතිං ඔයා කොමඩු ගෙඩියක් තෝරනකොට පුංචිම නොවන වගේම විශාලත්වයෙන්ද නොවන මධ්‍යස්ථ ප්‍රමාණයේ කොමඩු ගෙඩියක් තෝරා ගන්න කටයුතු කරන්න. එවිට ඔයාට රසයෙන් පිරි කොමඩු ගෙඩියක් තෝරා ගන්න හැකි වේවී.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1130 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 8:55:26 AM
Script:/article/1130/5-tips-to-choose-a-good-watermelon.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 8:55:26 AM
Script:/article/1130/5-tips-to-choose-a-good-watermelon.html