පළමු වතාවට මවක් උනු ඔබ අතින් සිදු නොවිය යුතු වැරදි 5 ක්

January 19, 2017
4,910
5 Biggest Mistakes New Moms should not Make
ජිවිතේ පලවෙනි වතාවට මවක් උනාම හිතට දැනෙන්නේ ලොකු සතුටක් වගේම පුංචි බයක්. බයක් ඇති වෙන්නේ වෙන මොකුත් හින්ද නෙවෙයි, ජිවිතේ පලවෙනි වතාවට මවක් උනාම හිතට දැනෙන්නේ ලොකු සතුටක් වගේම පුංචි බයක්. බයක් ඇති වෙන්නේ වෙන මොකුත් හින්ද නෙවෙයි අලුතින් ලැබුණු වෙනස් ජීවිතේට ඉක්මනින්ම හැඩ ගැහෙන්නේ කොහොමද කියල තමයි අම්මල බය වෙන්නේ. කොහොම උනත් මේ අලුත් ජීවිතේට හැඩ ගැහෙනකොට අපේ අම්මලා අතින් නොදැනුවත්ව වෙන වැරදි ටිකක් තමයි මේ තියෙන්නේ. බලන්නකෝ ඔබේ අතිනුත් මේ වැරදි ටික වෙනවද කියලා.

1. නැති ලෙඩ හදා ගැනීම
මේ කතා කරන්නේ නම් ආතතිය ගැන. මොකද මෙච්චර දවසක් නිදහසේ සැහැල්ලුවෙන් හිටිය ඔබට දැන් වගකීම් දරන්න වෙලා. ඇගට දැනෙන මහන්සිය වැඩි උනත් විවේකයක් ගන්න තියෙන වෙලාව අඩු වෙලා. ඒ අතර වැඩිහිටියන්ගේ එහෙන් මෙහෙන් අවවාද අරක කරන්න එපා මේක කරන්න එපා කියලා. ලස්සනට තියාගෙන හිටිය ඇග ටිකක් වෙනස් වෙලා. මේ දේවල් ගැන ඔබ ඕනෙවට වඩා හිතන්න ගියොත් නම් ඔබ ඉක්මනින්ම ආතතියට පත් වෙලා නැති ලෙඩ ගොඩක් හදා ගනීවි. ඒ නිසා හොදම දේ තමයි අනවශ්‍ය දේවල් ගැන වැඩිය හිතන්නේ නැතුව සැහැල්ලුවෙන් ඉන්න බලන එක.

2. ඔබේ අවශ්‍යතාවයන් මගහරවා ගැනීම
අලුත් පැටියත් එක්ක වෙනදට වඩා ඔබේ වැඩ කටයුතු ටිකක් වැඩි වෙලා තමයි. හැබැයි ඉතින් එහෙම කියල ඔබ වෙනුවෙන් ඔබ ඉටු කරගත යුතු දේවල් නම් මග හරවාගෙන හරියන්නේ නෑ. මොකද මේ කාලයේදී ඔබ මානසිකව වගේම කායිකවත් යහපත්ව සිටිය යුතුයි. ඒ නිසා දරුවාගේ කටයුතු සිදු කරන අතරවාරයේ අනිවාර්යෙන්ම ඔබ ඔබේ කටයුතු ගැනත් අවදානය යොමු කල යුතුයි.

3. කරන්න බැරි තරම් වැඩ බදා ගැනීම
ඕනේ අම්මා කෙනෙක් කැමතියි තමයි අලුත ඉපදුනු දරු පැටියාගේ වැඩ ටික තමන්ගේ අතින්ම කරන්න. නමුත් ඔබ ටිකක් කල්පනා කරන්න ඕනේ මේ දරුවට වගේම ඔබටත් විවේකය හොදින් ඕනේ වෙන වෙලාවක්. ඒ නිසා මේ කාලයේදී ඔබට කරන්න පුළුවන් වැඩ ටික විතරක් කරලා. ඉතුරු වැඩ ටිකට ගෙදර උදවුවෙන් කර ගත්තොත් තමයි හොද.

4. නෑදෑ හිතමිතුරන් කියන හැම දෙයක්ම කරන්නට යෑම
මේ කාලයේදී දරුවයි ඔබයි බලන්න ගෙදරට එන හැම දෙනෙක්ම ඔවුන් දන්නා කියන අහලා දැකලා තියන ගොඩක් දේවල් ඔබට කියාවි පිළිපදින්න කියලා. මේ හැමෝම මේ දේවල් කියන්නේ දරුවට වගේම ඔබටත් ඔවුන් ආදරේ නිසයි. නමුත් ඔබට හොද දැනුවත් බාවයක් තිබිය යුතුයි මේ දේවල් කරන්න යනකොට ඒ නිසා හොදම දේ තමයි හැමෝම කියන දේවල් කරන්න යන්නේ නැතුව හොදට හිතල බලලා අවශ්‍යම දේවල් ටික කර ගත්තොත් අනවශ්‍ය ගැටළු නම් ඇතිවෙන්නේ නැති වෙයි.

5. හැම දෙයක්ම අරගෙන තියා ගැනීම
කාන්තාවන් කොහොමත් කැමතිනේ එක එක දේවල් අරගෙන එකතු කර ගන්න. ඉතින් අම්මලා තමන්ගේ අලුතින් ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙනුත් ගොඩක් දේවල් අරගෙන එකතු කර ගන්නවා. හැබැයි පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම අරගෙන තියෙන්නේ ඕනේ කරන බඩු විතරක්ම නෙමෙයි කියලා. පස්සේ ඉතින් මේ දේවල් ගැන හිතුවට වැඩක් නෑ මොකද එතකොට ඔබට ලොකු මුදලක් වියදම් වෙලා වගේම කාමරයේ ඉඩ ටිකත් ඇහිරිලා. ඉතින් ඔබ දරුවා වෙනුවෙන් වගේම ඔබ වෙනුවෙනුත් දේවල් මිලදී ගන්නකොට හොදට හිතලා බලලා මිලදී ගත්ත නම් පස්සේ දුක් වෙන්න ඕනේ වෙන එකක් නෑ.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-10-27 00:00:00' and A.id <> 1 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:44:04 PM
Script:/article/1/5-biggest-mistakes-new-moms-should-not-make.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, October 28, 2025 at 11:44:05 PM
Script:/article/1/5-biggest-mistakes-new-moms-should-not-make.html