පිරිමියා තුළ ගැබ් වී තිබෙන නිහැඬියාව භයානකයි කියන්නේ මේ නිසයි

May 21, 2019
7,068
This is why men’s silence is dangerous
අපේ ජීවිත වල දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි දෙදෙනෙකු අතර හොඳ සන්නිවේදයක් නොමැති වීම. දෙදෙනා අතර හොඳ සන්නිවේදනයක් නොමැති විට ප්‍රශ්න ඇති වෙනවා. කෙසේ වෙතත් ප්‍රශ්නයක් පැන නැගුණු විට පෙම්වතා කිසිම දෙයක් නොකියා ඉන්නවා නම් ඇත්තටම එ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වඩා වැදගත් වෙනවා. පිරිමියෙකුගේ නිහඬතාවයෙන් කියවෙන්නේ ඔහුගේ සිතේ කිසිම හැගීමක් නැතැ‍යි කියා නම් නොවේ. අද හැඩකාරී අපි ඔයාට පිරිමියා තුළ ගැබ් වී තිබෙන නිහැඬියාවේ ගැඹුර ගැන කියලා දෙනවා. ඔයාට මේ කාරණා ටිකත් වැදගත් වේවි.

ප්‍රශ්නය දුර දිග ගෙනියන්න කැමති නැහැ

යම් කිසි අවස්ථාවක කිසියම් ප්‍රශ්නයක් හෝ මානසික පීඩනයකින් ඔයා පෙළෙනවා නම් එයට සහනයක් ලබාදීමට ඔහු  උපරිම උත්සහයක් ගන්නවා. සමහර වෙලාවට ඔහු නිහඩ වෙන්න හේතුවක් නම් ඔයාට අවශ්‍ය කරන සැනසීම ලබා දෙන්නේ කෙසේ දැයි කියා ඔහුට වටහා ගන්න බැරි වූ මොහොතක ඔහුගේ හැසිරීමෙන් හෝ වචනකින් තත්වය තවත් උග්‍ර වේ යැයි යන බිය නිසා පිරිමින් සම්පූර්ණයෙන්ම නිහඬව සිටීමට පෙළඹෙනවා. මෙවැනි අවස්ථාවක ඔයාට යම් වැරදි හැඟීමක් ඇතිවෙන්නත් පුළුවන්. ඔයාගේ දුක ගණන් ගන්නේ නැහැ කියා හිතෙන්න පුළුවන්. සමහර නිහඬතා තුළ ආදරය ගැබ් වෙලා තියෙනවා. 

පැවසිය යුත්තේ කුමක් ද වටහා ගත් නොවූ විට 

යුවතියන් පොඩි දෙයක් ගැනත් හුඟාක් දුරට හිතනවා වගේම ක්ෂණිකයෙන් තීරණ ගැනීමට පෙළඹෙනවා. හැම දෙයක් ගැනම මත වාදයන් ඉතාමත් ඉක්මනින් ගොඩනගා ගැනීමටත් පෙළඹෙනවා. යුවතියකට ඉක්මනින් මතයන් ඇති වුණත් පිරිමි පාර්ශවයන්ට අදහස් ගලාගෙන එනවා අඩුයි. ගැහැණු උදවියට වඩා පිරිමි පාර්ශවය තරමක් කාලය ගෙන තමයි හොඳ තීරණයකට හෝ මතයකට එළඹෙන්නේ. ඔහු සැබෑ ස්වරූපය වටහා ගෙන කලබල නැතිව හොඳට හිතා අදහස වලට එලඹෙනවා. 

පිරිමි පාර්ශවයන් හැම විටම උත්සාහ කරන්නේ හරිම දේ කිරීමට හෝ පැවසීමටයි. ඔහු හරි දේ කුමක්ද කියා වටහා ගන්න බැරිම තැන ඔහු නිහඬව ඉන්නවා. වැරදි දෙයක් කියනවාට වඩා කිසිම දෙයක් නොපැවසීමට පිරිමින් වැඩි ප්‍රවණතාවයක් දක්වනවා. ඉතින් ඔයා එවැනි අවස්ථාවක් වැරදියට තේරුම් ගන්න එපා. ඔයා ඔහුගෙන් කෙලින්ම උත්තරයක් බලාපොරොත්තු වෙනවා නම්, ඔහුට ඔයා බලාපොරොත්තුවෙන දේ ගැන යම් ඉඟියක් ලබා දෙන්න. ඔහුට සිතන්න කාලයක් ලබා දෙන්න. ඔහුගේ අදහස හෝ මතය නිවැරිදි නම් ඔහු අනාගතයේදී විවෘතව ඔහුගේ අදහස් පවසාවි.

ජිවිතයට එන ප්‍රශ්න හමුවේ විශ්වාස කිරීමට අපහසු දෙයක් වුණත් ඇත්තටම සමහර අවස්ථාවල පිරිමින් කොහේ හරි හිඳගෙන කිසිම දෙයක් ගැන නොසිතා ඉන්න අවස්ථතා තියෙනවා. කාන්තාවන් වන ඔයා නම් ප්‍රශ්නයක් ආ විගසම හැම මොහොතකදීම දෙයක් ගැන හිතනවා. පිරිමින් හිතන්න වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පිරිමි පාර්ශවය ප්‍රශ්න ඔළුවට ගන්නේ නැහැ. එය පිරිමින්ටම අවේණික වූ ලක්ෂණයක් හා දක්ෂකමක් කියන්න පුළුවන්. ඉතින් ඔයාගේ පෙම්වතා හෝ ස්වාමියා එක්ක ප්‍රශ්ණ ඇති කරගන්නේ නැතිව හැම විටම ඔයා කලබල නොවී ඇති වෙලා තියෙන ප්‍රශ්ණය ගැන ඔහුවත් සහභාගී කරගෙන සාකච්චා කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1333 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:25:00 AM
Script:/article/1333/this-is-why-men-s-silence-is-dangerous.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:25:01 AM
Script:/article/1333/this-is-why-men-s-silence-is-dangerous.html