ගර්භනී මවකට අනිවාර්යෙන් ෆෝලික් ඇසිඩ් ලබා දෙන්නේ ඇයි? හේතුව දන්නවද?

November 23, 2017
17,411
Why a pregnant woman is given folic acid?
ෆෝලික් ඇසිඩ් කියන්නේ විටමින් B වලට කියන තවත් ආදේශක නාමයක්. එහෙමත් නැත්තන් විටමින් B වල අඩංගු තවත් පෝෂණ කොටසක්. රතු රුධිරාණු හා ශරීරයේ සෛල වල වර්ධනය සඳහා එය අනිවාර්යෙන් අත්‍යවශ්‍ය වෙනවා. මේ මඟින් ස්නායු ක්‍රියාකාරිත්වයට විශාල දායකත්වයක් සපයන අතරම විශේෂයෙන් රතු රුධිරාණු සෑදීම සඳහා විටමින් B12 සමග ෆෝලික් ඇසිඩ් වැදගත් වෙනවා. මේ පෝෂ්‍ය පදාර්ථයන් ලබා නොගැනීමෙන් රක්තහීනතාවය ඇති වෙන්න පුළුවන්.

ගර්භනී සමයේදී මවකට විශේෂයෙන් අතිරේක ෆොලික් ඇසිඩ් ලබා දීමක් සිදු කරනවා. ඒ වගේම එය අනිවාර්යෙන්ම ගර්භනී මවකට අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක්. එය කුස තුල වැඩෙන දරුවාගේ කායික වර්ධනයට වගේම බුද්ධි වර්ධනයට අනිවාර්යෙන් අත්‍යාවශ්‍ය වන්නක්. ඒ වගේම ගර්භනී සමයේ ඇති වන ලෙඩ රෝග හා වෛරස් වලට එරෙහිව සටන් කරනවා. ඒ නිසා මවත් විශේෂයෙන්ම දරුවාත් ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගන්න ෆෝලික් ඇසිඩ් දායක වෙනවා.

දරුවාගේ මධ්‍යම ස්නායු පද්ධතිය වර්ධනය වීම සදහා ෆෝලික් ඇසිඩ් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඒ මඟින් ස්නායු වල ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගෙන යනවා. ඒ වගේම ස්නායු ආබාධ ඇති වීම වළක්වනවා. ඒ නිසා ගර්භනී සමයේ සහ ගැබ් ගැනීමට පෙර ඉඳලම ෆෝලික් අම්ලය ලබා ගැනීම ඉතාමත් වැදගත්.

දරුවාගේ මොළයේ වර්ධනය සඳහා මේ මඟින් ඉතා ඉහල දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම නොමේරූ උපත් වැළැක්වීම සඳහාත්, අඩු බර උපත් වැලැක්වීම සඳහාත්, ගබ්සා වීම් අවම කිරීමටත් එය වඩා ප්‍රයෝජනවත්. තවද මේ මඟින් ගර්භනී සමයේ ඇති වන විවිධ සංකුලතා අවම කරනවා.

මේ නිසා මුළු ගර්භනී කාලය පුරාවටම ඔබට ලබා දෙන අතිරේක ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම මඟහරින්න එපා. ඒ වගේම ගැබ් ගැනීමට පෙර මාස තුනක පමණ කාලයක් අත්‍යාවශ්‍ය පෝෂණ කොටස් ලබා ගන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒ වගේම දරු උපතින් පසුවත් මවගේ පෝෂණය, නිරෝගී බාවයට වගේම මව් කිරි දෙන කාලය අතර තුරත් ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි කියන එක තමයි වෛද්‍ය මතය.

මෙන්න මේ හේතු නිසා තමයි ගර්භනී සමයේ ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ඒ තරම් වැදගත් වෙන්නේ. හැබැයි කිසිම වෙලාවක ආහාර වලින් ලැබෙන පෝෂණයට අමතරව අතිරේකව ගන්න ෆෝලික් ඇසිඩ් ඇතුළු සියළුම අතිරේක පෝෂණය හිතෙන හිතෙන විදියට ගන්න යන්න එපා. අනිවාර්යෙන් වෛද්‍ය නිර්දේශ, උපදෙස් මත ඒවා ලබා ගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 535 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:32 PM
Script:/article/535/why-a-pregnant-woman-is-given-folic-acid.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:18:33 PM
Script:/article/535/why-a-pregnant-woman-is-given-folic-acid.html