මේ දේවල් කවදා හරි දවසක ඔබේ දරුවාගේ ජීවිතේ ආරක්ෂා කරයි

July 2, 2017
5,974
6 Essential Pieces of Advice for How To Protect Your Child
දෙමාපියන්ට දරුවන් තරම් වටින තවත් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. පුංචිම කාලේදී නම් ලඟින්ම තියාගෙන පරිස්සමට දරුවන්ව බලාගන්න පුළුවන්. හැබැයි දරුවන් ටිකක් ලොකු වෙලා පාසල් යන්න පටන් ගත්තට පස්සේ අපිට කලින් වගේ නිතරම ඔවුන් ගැන අවධානයෙන් ඉන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ නිසා තමයි මේ කාලයේදී අපි ලගම නොසිටියත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනේ. අපි දුරදිග හිතලා බලලා මේ දේවල් කරොත් අපිට පුළුවන් ප්‍රශ්නයක් නොවෙන්න දරුවන්ව පරිස්සමට රැකබලා ගන්න.

1. දරුවාගේ නම දරුවට අයිති කිසිම දෙයක ලියන්න එපා

අපිට උනත් අපේ නමින් කවුරු හරි කතා කරනවා නම් ඒ කෙනා ගැන සමීප හැගීමක් ඇති වෙනවා. මේ නිසා ඔබේ දරුවාගේ පොත් බෑගයේ ඇදුමේ දරුවාගේ නම ලියලා කිසිම අවස්ථාවක එල්ලන්න එපා. මොකද මේක ඔබේ දරුවට අනතුරක් කරන්න බලාගෙන ඉන්න පුද්ගලයන්නට හොද අවස්ථාවක් ඔවුන්ට සමීප වෙන්න. අද පාසල් වල වගේම පෙර පාසල් වලත් දරුවන්වන්ව පහසුවෙන් හදුනාගන්න ඔවුන්ගේ නම ලියලා ඇදුමේ එල්ලනවා. නමුත් අපි තෙරුම් ගන්න ඕනේ මේ නිසා දරුවන්ගේ නම දැනගන්නේ දරුවට හිතවත් අයම විතරක් නොවෙන බව.

2. වාහනයක් ඔවුන් පසුපසින් එනවා නම් විරුද්ධ දිශාවට ගමන් කල යුතු බව

දරුවන් කොහොමත් කැමතියි වාහන වලට. මේ නිසා මුලින්ම ඔබ ඔවුන්ට කියලා දෙන්න ඕනේ කිසිම අවස්ථාවක පවුලේ වාහනයකට ඇරෙන්න වෙනත් කිසිම වාහනයකට නොනගින ලෙස. ඒ වගේම තමයි වහනයක් ඔවුන් පසුපස එන බව දැනුනොත් ඉක්මනින් විරුද්ධ දිශාවට දිව යායුතු බව සහ ලගම සිටින පුද්ගලයෙකුට ඒ පිළිබදව දැනුම් දිය යුතු බව.

3. දරුවාට පවුලේ password එකක් කියාදීම

ඔබත් දරුවාත් පමණක් දන්නා වචනයක් පවුලේ password එක ලෙස දරුවාට උගන්වන්න. දෙමාපියන් ඇරෙන්න පිටස්තර කවුරුන් හෝ ඔවුන්ට කිවුවොත් දෙමාපියන් ඔහුව නිවසට ගෙනයාමට ඔවුන්ව එවුව බව ඒ වෙලාවට අදාල පුද්ගලයාගෙන් පවුලේ password එක විමසන ලෙස. නමුත් දරුවට කියන්න කිසිම අවස්ථාවක මේ password එක කිසිම කෙනෙකුට නොපවසන ලෙස. ඒ වගේම තමයි කාලයක් එකම වචනය භාවිතා කරන්නේ නැතිව නිතර එය වෙනස් කරන්න. මේ නිසා ඔබට පුළුවන් දරුවාව ආරක්ෂා කරගන්න.

4. කිසියම් පුද්ගලයෙක් ඔවුන්ට කරදර කරන්නට පැමිණියහොත් දරුවාට කෑ ගැසීමට උපදෙස් දෙන්න

දරුවා නොදන්නා කෙනෙක් දරුවාව ගෙනයාමට හෝ දරුවට කරදර කරන්න උත්සහ කරොත් උස් හඩින් එම පුද්ගලයාව තමන් නොදන්නා බව කියමින් කෑ ගැසීමට සහ උදවු ඉල්ලීමට දරුවාට උපදෙස් දෙන්න.

5. තාක්ෂණය භාවිතා කරන්න

අද දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ම නිපදවූ තාක්ෂණික උපකරණ බොහොමයක් අද තිබෙනවා. මේ නිසා හොද නිෂ්පාදනයක් තෝරාගෙන එය දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරන්න.

6. දරුවන් නොහදුනන අය සමඟ කතාබහ නොකරන ලෙස

දරුවන්ට උපදෙස් දෙන්න ඔවුන් නොහදුනන අය සමග කතාබහ නොකරන ලෙස. ඒ වගේම ඔවුන් සමග කතාබහ කරන විට යම් දුර ප්‍රමාණයක සිට කතාබහ කරන ලෙස. මේ නිසා ඔබේ දරුවට පුළුවන් හදිසි අවස්ථාවක් ඔහු අසලින් ඉක්මනින් ඉවත් වෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 335 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:22 AM
Script:/article/335/6-essential-pieces-of-advice-for-how-to-protect-your-child.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:31:22 AM
Script:/article/335/6-essential-pieces-of-advice-for-how-to-protect-your-child.html