ඇත්තටම කොල්ලෙක් කෙල්ලෙක්ට පිස්සු වැටුනහම මොකද කරන්නේ?

May 18, 2017
39,488
6 things guys will only do when they are crazy about you
කතාවට වගේ හැමෝම කියන්නේ ආදරේ පිස්සුවක් කියලනේ. හැබැයි ඉතින් මේක කොච්චර පිස්සුවක් උනත් අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි. මේ නිසා තමයි අපි හැමෝම නිතරම ආදරය හොයන්නේ. කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙක් ගැන ආදරයක් ඇතිවුණාම එයාගේ පුංචි පුංචි චර්යාවන් පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. එයා හැම දෙයක් ගැනම හිතන්න පටන් ගන්නේ සුන්දර විදිහට. දවස පුරාම කරන්නේ සිහින මවන එක. මේ හින්දම වෙන්න ඇති බහුතරයක් දෙනා කියන්නේ ආදරය පිස්සුවක් කියලා. ඉතින් අද අපි ඔබට කියන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ට පිස්සු වැටුනහම කරන කියන දේවල් කිහිපයක් ගැන.

1. ඔහු නිතරම ඔබට උදවු කිරීමට උත්සහ කරනවා

ඔහුට අවශ්‍ය නිතරම ඔබ සමගම කාලය ගත කරන්න. මේ නිසා ඔබට යම් උපකාරයක් අවශ්‍ය වෙන හැම අවස්ථාවකම ඔහු ඉදිරිපත් වෙනවා ඔබට උදවු කරන්න. ඔබ වැඩ අවසන් කර නිවසට යන විට ඔහු ඔබව නිවසට රැගෙන යාමට එනවා. ඔබ සමග ගමන් බිමන් යාමට පැමිණෙනවා. මේ විදිහට ඔහු ඔබේ සෑම වැඩ කටයුත්තකටම උදවු කරන්න උත්සහ කරනවා.

2. ඔහු නිතරම ඔබ පසුපසින්ම එනවා

ඔහු නිතරම උත්සහ කරන්නේ ඔබට කරදරයක් නොවෙන්න ඔබව රැකබලා ගන්න. මේ නිසා ඔහු නිතරම ඔබත් සමග ඔබ යන එන ස්ථාන වලට යාමට පැමිණෙනවා. ඔබ කොහේ ගියත් ඔහු නිතරම ඔබ පසුපසම පැමිණෙනවා.

3. ඔහු අනාගතය ගැන ඔබත් සමග කතාබහ කිරීමට උත්සහ කරනවා

පිරිමි කියන්නේ සාමාන්යෙන් තමන්ගේ අනාගතය ගැන වැඩිය කතාබහ කරන පිරිසක් නොවෙයි. නමුත් ඔවුන්ගේ හිතේ ආදරයක් ඇතිවුනොත් ඔවුන් තමන්ගේ පෙම්වතිය සමග තමාගේ අනාගත ජීවිත සැලසුම් ගැන කතාබහ කිරීමට පෙලඹෙනවා . මොකද ඔහුට අවශ්‍ය වෙන්නේ ඔබ ඉදිරියේ ඔහු අනාගත වගකීම් දැරීමට සුදානම් අයෙක් බව පෙන්වීමටයි.

4. ඔබ කැමති විදිහට අදින්න පළදින්න උත්සහ කරනවා

බොහෝ පිරිමි වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ තමන්ගේ ඇදුම් පැළදුම් ගැන. නමුත් ඔවුන්ගේ හිතේ ආදරයක් ඇති වුනොත් ඔවුන් නිතරම උත්සහ කරනවා ටිකක් විශේෂ විදිහට අදින්න පළදින්න. ඒ නිසා ඔවුන් නිතරම උත්සහ කරන්නේ ඔබ කැමති විදිහට අදින්න පළදින්න.

5. ඔබේ අදහස් වලට ඔහු ගරු කරනවා

සාමාන්යෙන් පිරිමි වෙන කෙනෙක්ගේ අදහස් වලට එකග වෙන්නේ බොහොම කලාතුරකින්. නමුත් ඔවුන්ගේ හිතේ ආදරයක් ඇති උනොත් නම් ඔවුන් ඔබේ අදහස් වලට ගරු කරන්න පෙලඹෙනවා නිතරම.

6. ඔබේ දේවල් වලට හොදින් ඇහුන්කම් දෙනවා

පිරිමියෙක් කාන්තාවකට ආදරය කරනවා නම් ඇය කියන හැම දෙයක්ම අහගෙන ඉන්නේ බොහොම ආසාවකින්. නිතරම උත්සහ කරන්නේ ඔබත් සමග කතා බහ කරමින් ඔබේ අදහස් දැනගන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 280 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:13:32 PM
Script:/article/280/6-things-guys-will-only-do-when-they-are-crazy-about-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 12:13:33 PM
Script:/article/280/6-things-guys-will-only-do-when-they-are-crazy-about-you.html