පිළිකාවට එරෙහිව සටන් වදින මේ ආහාර අනිවාර්යෙන් ඔබේ ආහාර වේලට එක් විය යුතුයි

April 17, 2018
8,465
Eat these to prevent cancer
පිළිකාව කියන්නේ අද වෙද්දී වසංගතයක් වගේ පැතිරෙන භයානක රෝගී තත්ත්වයක්. දවසින් දවස එක එක විදියේ රෝගී තත්ත්වයන් ගැන අහන්න ලැබෙනවා. වැරදි ආහාර රටාව හා ජිවන රටාව නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ ජීවිතය තමන් විසින්ම අනතුරේ හෙලා ගන්නවා. තව දුරටත් එහෙම නොවී ඔබේ ආහාර රටාව ගැන දැන්වත් ටිකක් සැලකිලිමත් වුනොත් අද වෙද්දී බොහෝ දෙනෙක් භීතියට පත් කර තියෙන මේ පිළිකා තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්. පිළිකා සෛල විනාශ කරමින් පිළිකා කාරකයන්ට එරෙහිව සටන් කරන මේ වටිනාම ආහාර වර්ග දැන්මම ඔබෙත් ආහාර වේලට එක කර ගනිමින් පිළිකා අවදානමෙන් ගැලවෙන්න.

1. අනෝදා

අනෝදා කියන්නේ රසවත් පළතුරක්. අනෝදා වලට පිළිකා සෛල විනාශ කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. බඩවැලේ පිළිකා, පෙනහළු පිළිකා අග්න්‍යාශයේ පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීම සඳහා අනෝදා කියන්නේ කදිම ඔසුවක්. විශේෂයෙන් පිලිකා සෛල විනාශ කිරීමේ හැකියාවත්, පිළිකා වර්ධන වේගය අවම කරන්නත් හැකියාව තියෙනවා.

2. සුදුලූණු

ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පිළිකාවට එරෙහිව ස්වාභාවික ආරක්ෂාවන් උත්තේජනය කිරීමට උපකාර වන සල්ෆර් සුදුලූණු වල යහමින් අඩංගුව තියෙනවා. ඒ මඟින් සුදුලූණු පිළිකා වර්ධනය අඩු කිරීමට සහ ආමාශ පිළිකා ඇති වීම වලක්වනවා. පිළිකා සෛල ස්වාභාවිකව මරා දැමීමට උදව් වෙනවා.

3. බීට්රූට්

කැල්සියම්, මැග්නීසියම්, පොස්පරස්, මැංගනීස්, කොපර්, සෝඩියම් යකඩ බහුලව අඩංගු බීට්රූට් වල පිළිකා නසන ගුණය තියෙනවා. පිළිකා වර්ධන වේගය අඩු කර පිළිකා සෛල නැති කරනවා. ඒ වගේම අක්මාව හා වකුගඩු ආරක්ෂා කරමින් අධික තරබාරුව නැති කරනවා.

4. ඇපල්

ඇපල් තුළ ඇති ස්වාභාවික කෙඳි හා පෝෂ්‍ය පදාර්ථයන් පිළිකා සෛල ගොඩනැගීම වැලක්වීම සඳහා සටන් කිරීමට උපකාර වනවා. ඒ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය නිපදවනවා. හැබැයි ඉතින් ලංකාවේ අපිට කන්න ලැබෙන ඇපල් වල නම් මේ හැකියාව තියේද කියන එක හරිම සැක සහිතයි. මොකද අද වෙළඳපොලේ තියෙන්නේ සම්පුර්ණයෙන්ම විෂ පොවන ලද පලතුරු. ඒවා කෑවොත් පිළිකා සුව වෙන එක කෙසේ තවත් ලෙඩ හැදෙන්න පුළුවන්.

5. දූරියන්

දුරියන් කියන්නේ හැම ලෙඩකටම වගේ ගුණ දෙන ඉතාමත් පෝෂ්‍යදායි ආහාරයක්. විශේෂයෙන් කාන්තා රෝග වලට දුරියන් ඉතාමත් ගුණදායකයි. පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, කාබෝහයිඩ්‍රේට් හා ප්‍රෝටීන් බහුල දූරියන් පිළිකා සඳහා හොඳ විසඳුමක්.

මේ ආහාර වර්ග ඔබේ ආහාර වේලට එකතු කරන ගමන්ම ඔබ ලබා ගන්න ආහාර පාන ගැන දැන්ම ඉදලම වැඩිපුර සැලකිලිමත් වෙන්න. ලෙඩ රෝග වැළඳෙන්න කලින් ආරක්ෂා වුනොත් ජීවිතය අනතුරක හෙලන්නේ නැතිව රැක ගන්න පුළුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 778 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:42 AM
Script:/article/778/eat-these-to-prevent-cancer.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:43:43 AM
Script:/article/778/eat-these-to-prevent-cancer.html