ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්නේ මෙහෙමයි

January 18, 2019
9,042
How to look after your eyes
ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගත්තේ නැති වුණොත් ඔයාට මුළු ජීවිත කාලයේම ජීවත් වෙන්න වෙන්නේ පසුතැවිල්ලෙන්. තවත් කෙනෙක් ඔයාව දකින කැඩපත තමයි ඔයාගේ මුහුණ. ඔයා චුට්ටක් මෙහෙම හිතලා බලන්නකෝ ඔයාගේ ඇස්වල නිරෝගී බව අඩු වෙලා කියලා. ඔයාගේ මුහුණ කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ ඔයාගේ ඇස් දෙක නිරෝගී නැත්තම්. ඔයාගේ බාහිර ස්වරූපය ලසස්න කරන්න වගේම අවලස්සන කරන්නත් ඇස් දෙකට පුළුවන්. අන්න ඒ නිසා තමයි හැඩකාරී අපි ඔයාට කියන්නේ ඔටයාගේ ඇස් දෙක ඇස් දෙක වාගේ රැක ගන්න කියලා. ඇස් දෙකේ සුන්දරත්වය වගේම නිරෝගී බව රැක ගන්න ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ගැන ඔයාට අද හැඩකාරී මේ ලිපිය මගින් කියලා දෙන්න තීරණය කළා. ඔයා මේ ලිපිය කියවලාම බලන්නකෝ. ඔයාගේ ඇස් දෙකත් ඇස් දෙක වාගේ රැක ගන්න ඔයා කරන්න ඕන පිළියම් මොනවාද කියලා.

ඇස් අවට කළු වෙලා නම්

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි ඇස් අවට කළු පැහැ ගැනීම. මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බලපාන සාධක කිහිපයක්ම තියෙනවා. ඔයා ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නේ නැති නම්, මානසික ආතතිය හා පීඩනය වැඩි නම්, අධික ලෙස වෙහෙසට පත් වෙන කෙනෙක් නම්, වතුර බොන්නේ අඩුවෙන් නම් ඔයාගේ ඇස් යටත් කළු පැහැ වෙලා එහෙමත් නැතිනම් අවපැහැ වෙලා ඇති දැනටමත්. ඉතිං මේ වගේ ගැටළුවකට ඔයා ප්‍රතිකාර කළ යුත්තේ හරි පරිස්සට. මොකද ඔයා අතින් වෙන පුංචි අත් වැරැද්දකින් ඔයාගේ ඇස් දෙකේ පෙනීම නැති වෙලා යන්න පුළුවන්. ඔන්න අද හැඩකාරී ඔයාට මේ වෙනුවෙන් ගෙදර ඉඳලම කරන්න පුළුවන් සත්කාර කිහිපයක් කියලා දෙනවා.

01. තක්කාලි කියන්නේ ඔයාගේ සමට වටිනා සත්කාරයක් කියලා ඔයා දන්නවා. ඉතිං තක්කාලි යුෂ වලට කහ යුෂ ටිකක් මිශ්‍ර කරලා ඇස් වටේ ආලේප කරන්න. ටික වේලාවක් තියලා සිසිල් වතුරෙන් සෝදා ඉවත් කරන්න.

02. අර්තාපල් යුෂත් ඔයාගේ දෙනෙත් අවට තියෙන කළු පැහැය අවම කරගත හැකියි. අර්තාපල් බ්ලෙන්ඩර් කරලා යුෂ ටික ඉවත් කරගන්න. හොඳින් ඇස් අවට ආලේප කරලා සිසිල් වතුරෙන් සෝදලා ඉවත් කරන්න. මෙයින් ඔයාගේ ඇස් අවට අවපැහැය ඉවත් වෙලා යනවා.

03. මී කිරි වලිනුත් ඔයාගේ ඇස් අවට තියෙන අවපැහැ ගතිය ඉවත් කළ හැකියි. ඔයා කරන්න ඕන මෙච්චරයි. මුලින්ම මුහුණ පිරිසිදු කර ගන්න. පසුව ඇස් වටා හොඳින් මී කිරි ආලේප කරලා විනාඩි 20 ක් විතර තියලා සෝදා හරින්න.

04. ආමන්ඩ් ඔයිල් වලිනුත් ඔයාගේ දෙනෙත් වල අවපැහැය අඩු කරලා මුහුණේ සමේ පැහැයට සමාන වෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඉතාමත් සුළු දෙයක්. ආමන්ඩ් ඔයිල් ඔයාගේ ඇස් වටේ ආලේප කරලා මිනිත්තු 30 ක් විතර තියලා සෝදා ඉවත් කරන්න.

මළානික දෙනෙත්වලට විසඳුමක් හොයා ගන්න

හැඩකාරී අපි මුලින් කිව්වා වගේ දෙනෙත් ඔයාගේ මුහුණට එකතු කරන අපූරු සුන්දරවය රෝගී වු ඇස් දෙකකින් ඔයාට ලැබෙන්නේ නෑ. කායික වගේම මානසික හේතු සාධකයන්ගේ අඩු වැඩි බලපෑම නිසා ඔයාගේ ඇස්වලට මළානික පෙනුමක් එකතු විය හැකියි. ඉතිං ඔයා ඔයාගේ ඇස්වල මළානික පෙනුමට විසඳුම් හෙව්වේ නැති වුණොත් ඔයා බලාපොරොත්තු වෙන ලස්සන මුහුණට ලබා ගන්න බෑ.

01. ඔයා රෑට නිදා ගන්න කලින් කපු පුළුන් බෝල දෙකක් අයිස් වල පොගවලා ඇස් දෙක මත තියාගෙන ඉන්න. විනාඩි 10 ක් විතර හැමදාම ඔයා මේ සත්කාරය කරලා බලන්නකෝ. එතකොට ඔයාගේ ඇස්වල මළානික පෙනුම අඩු වෙලා යනවා.

02. අර්තාපල් සහ පිපිඤ්ඤා යුෂත් ඔයාගේ ඇස්වල මළානික බව අඩු කරලා නිරෝගී පෙනුමක් එකතු කරනවා. අර්තාපල් හා පිපිඤ්ඤා පෙති වශයෙන් කපා ගන්න. ඉන් පසු විනාඩි 15 ක් විතර ඇස් මතුපිට තියාගෙන ඉඳලා ඉවත් කරන්න.

03. ඔයාගේ දෙනෙත්වල මළානික බව අඩු කර ගන්න කෝමාරිකා සහ පිපිඤ්ඤා අයිස් කියුබ් යොදා ගන්න පුළුවන්. කෝමාරිකා සහ පිපිඤ්ඤා යුෂ අරගෙන තමයි ඔයා මේ අයිස් කියුබ් හදා ගන්න ඕන. පසුව ඔයාට පුළුවන් මේ අයිස් කියුබ්වලින් ඔයාගේ ඇස් හොඳින් ස්ක්‍රබ් කරන්න. මේ සත්කාර කෙටි කාලයක් කළාම ඔයාගේ ඇස්වල මළානික බව අඩු වෙලා යනවා.

ඇස් යටට ගිලීම නතර කර ගන්න

ගොඩක් දෙනෙක්ට තියෙන ගැටළුවක් තමයි දෙනෙත් ඕනවටත් වැඩියෙන් ඇස් ගිලුණු ස්වරූපයකින් දිස් වීම. මෙවැනි තත්ත්වයක් ඔයාගේ දෙනෙත්වලට සිදු වුණොත් ඔයාගේ මුහුණට අවලස්සනක් තමයි එකතු වෙන්නේ. අධිකව නිදි වැරීම, අඳුරේ පොත් කියවීම හා පරිඝණක භාවිත කරනවා නම් ඔයාට මෙවැනි තත්ත්වක් දැනටමත් ඇති වෙලා ඇති. මෙවැනි තත්ත්වයකින් ඔයාගේ මුහුණට වයසක පෙනුමක් තමයි එකතු වෙන්නේ. ඉතිං මේකට සාර්ථක විසදුමක් ඔයාට හොයා ගන්නම සිදු වෙනවා. මෙවැනි ගැටළුවකට සාර්ථක විසදුමක් තමයි මී පැණි සහ ආමන්ඩ්. මී පැණි සහ ආමන්ඩ් සම සමව අරගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. පසුව දෙනෙත් අවට හොඳින් ආලේප කරන්න. ඔයා මේ සත්කාරය කරන්න ඕන රාත්‍රී‍ර නින්දට පෙර. පසු උදෑසන සෝදා ඉවත් කරන්න. මෙවැනි සත්කාරයක් කරන්න කලින් ඔයාගේ දෙනෙත් පිරිසිදු කර ගැනීම ඉතාමත් වටිනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

chore lists for kids
   70,592
   26

දරුවන් නිවසේ කටයුතු සඳහා එක්කර ගැනීමට කුඩා වියේ සිට යොවුන් විය දක්වා දරුවන්ට සුදුසු වැඩකටයුතු ලැයිස්තුවක්

එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමෙන් දරුවන්ගේ ජීවන කුසලතා වැඩි දියුණුව, දරුවන්ගේ බුද්ධි වර්ධනයට සහ මනා හැසිරීමටද හේතු වෙනවා. දෙමවුපියන් නිවසේ එදිනෙදා කටයුතු සඳහා දරුවන් එක්කර ගැනීමට ඒ ඒ වයස් කාණ්ඩ වල දරුවන්ට පැවරිය හැකි වැඩ ලැයිස්තුවක් ගැනයි අද සටහන
How to get vitamin E for healthy skin and hair
   71,008
   25

විටමින් E මගින් ඔබගේ සම සහ හිසකෙස් සදහා ලබාදෙන පෝෂණය සහ පහසුවෙන් විටමින් E ලබා ගත හැකි ප්‍රභව

ඔබ දන්නවාද ඔබගේ ආහාර වේලේ අඩංගු වෙන විටමින් E සම, හිසකෙස් සහ මාංශ පේශී නීරෝගිව පවත්වාගැනිමට ඉතා වැදගත් බව
Foods to you should never give your kids
   75,014
   25

ඔබේ දරුවාට කිසිදා ලබාදීමට නුසුදුසු ආහාර වර්ග

වර්තමානයේ වෙළඳපොලේ ඇති ආහාර වර්ග අතර දරුවන්ට අහිතකර ආහාර වර්ගද රාශියක් තිබෙන නිසා දරුවන්ට ලබාදීමට නුසුදුසු ආහාර පිළිබඳව ඔබ දැනුවත් විම ඉතාමත් වැදගත් වනවා..
How to reduce under arm sweating
   46,500
   25

අත් යට දාඩිය දාන එක පාලනය කරගන්නෙ කොහොමද!

ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන එකට අමතරව, මේ හුරු පුරුදු වලින් අනවශ්‍ය විදිහට අත් යට දහඩිය දාන එක පාලනය කරගන්න පුලුවන්
10 remedies for dry skin
   31,944
   21

වියලි සමට ස්වාභාවික ප්‍රතිකාර 10ක්

හැඩකාරි මෙම ලිපිය මගින් ඔබට කියලා දෙනවා වෛද්‍ය ප්‍රතිකාර වලටත්, විවිධ රූපලාවන්‍ය ආලේපන කිරීමටත් වඩා පහසුවෙන් ඔබට නිවසේදීම සොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද වියලි සමට ප්‍රතිකාර කරන්නේ කියලා..

Latest Articles

Most Viwed