මේ රෝග ලක්ෂන පහළ වෙනවානම්, ඔබේ අක්මාවත් ලෙඩ දෙන අක්මාවක්

March 20, 2019
4,855
If you have these signs, your liver might not be in danger
ඔබේ සිරුරට මහඟු සේවයක් කරන අභ්‍යන්තර අවයවයක් විදියට අක්මාව හඳුන්වන්න පුළුවන්. ආහාර දිරවීම පහසු කරවන්න වගේම ඇඟට අහිතකර දේවල් පෙරීමෙන් ඉවත් කරවන්නත්, සිරුරට අවශ්‍ය ශක්තිය සපයාගැනීම වෙනුවෙන් ග්ලූකෝස් ගබඩා කරගන්නටත් මෙමගින් උදවු දෙනවා. ඒ සියල්ල සිද්ධ වෙන නිසාම අක්මාව හොඳින් තියාගන්න එක අපි හැමෝටම වැදගත්. ඒත් අක්මාව නරකින් කියලා ඔබට දැනගන්න ලැබෙන්නේ මොනවගේ වෙලාවකද? අපි මේ කියන්නෙ ඒ ගැන.

බඩ දැඟලිල්ල සහ ඔක්කාරය කියන දේවල් මිනිස්සු සාමාන්‍යයෙන් දෙහි එකක් බීලා, මග හැරගත්තත් ඒ දේ නිරන්තරයෙන් සිද්ධ වෙනවානම් ඒක සුළුවෙන් තැකිය යුතු දෙයක් නෙමෙයි. ඒ වගේම එය සියුම් ඔලුවේ කැක්කුමක් සමග පැමිණෙනවා නම් එය සැබවින්ම අක්මාවේ හෝ වකුගඩුවේ රෝගී තත්ත්වයක් විය හැකියි.

ඔබට නිතරම මහන්සි ගතියක් දැනෙනවානම් හෝ සාමාන්‍ය ලෙසින් ජීවත් වීම අපහසු ගතියක් දැනෙනවානම් එය අක්මාවේ රෝගී තත්ත්වයක් වන්නට හැකියි. ඔබේ සිරුරට වැඩි වශයෙන් මහන්සි දැනෙන්නේ ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සිදුකරන්නට අක්මාව රෝගී වූ පසු සිරුරේ අනෙකුත් ඉන්ද්‍රියන් වැඩි වෙහෙසක් දරන නිසායි.

අක්මාව රෝගී වූ පසු ආහාර ජීර්ණය නිසියාකාරව සිද්ධ නොවන නිසා ඔබට ආහාර රුචියේ අඩුවක් දැනෙන්නටත් ඉඩ තිබෙනවා. මෙවන් අවස්ථාවක වෛද්‍යවරයා හමුවීම යෝග්‍යයි. ඒ වගේම පාචන රෝගී තත්ත්ව හෝ නිසියාකාරව මළපහ පිට නොවීම, මළවල වර්ණය වෙනස් වී​ම වැනි ඕනෑම අහඹුවක් මෙම ආහාර ජීර්ණය නිසියාකාරව සිද්ධ නොවීම හරහා ඇති විය හැකියි.

ඔබේ අක්මාව රෝගී යැයි පෙන්වන තවත් සාධකයක් වන්නේ ඔබ අවශ්‍ය තරම් දියරමය ජාති පානය කළත් සැමදාම තද වර්ණයන්ගෙන් පිටවන ඔබේ මුත්‍රා වෙයි. එය තැඹිලි හෝ දුඹුරු පැහැයක් වන්නට ඉඩ ඇත.

දිව, නිය, ඇස්, හම කහ පැහැ ගැනීමත් මෙහි රෝග ලක්ෂණයක් විය හැකියි.

යටි බඩ අවට වර්ණය වෙනස් වීමද යම් හේතුවක් විය හැකි අතර එය ඇතැම් විට සිරෝසීස් වැනි දැඩි අවදානමක් සහිත රෝගී තත්ත්වයක්ද වන්නට හැක. එසේම සමේ කැසීම් වැනි තත්ත්වයන්ද ඇති වන්නට ඉඩ තිබෙනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-07-19 00:00:00' and A.id <> 1284 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:29:23 AM
Script:/article/1284/if-you-have-these-signs-your-liver-might-not-be-in-danger.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Sunday, July 20, 2025 at 10:29:23 AM
Script:/article/1284/if-you-have-these-signs-your-liver-might-not-be-in-danger.html