කැමතිම පාටින් ඔබ ගැන දැනගන්න

May 9, 2017
10,235
Your Favorite Color: What It Says About You
ඔබ කැමතිම පාටින් ඔබේ ඇතුලාන්තය ගැන කියවෙනවා කියලා දන්නවද? හිත ආසා කරන පාටින් ඔබ ඔබවම මැනගන්න. එහෙමත් නැතිනම් වෙන කෙනෙක්ගේ කැමතිම පාට දැනගෙන ඔහු/ඇය ගැන අවබෝදයක් ලබා ගන්නත් ඔබට පුළුවන්.

01. කළු පාට

බලය සහ පාලනය ලබා ගන්න ලොකු ආසාවකින් ඉන්න කෙනෙක් ඔබ. කලාකාමී අදහස් හිත ඇතුලේ තියෙනවා. තමන්ගේ දෙයක් වෙන කෙනෙක් එක්ක බෙදා හදා ගන්න මේ අය හරිම අකමැතියි.

02. සුදු පාට

හරිම පිළිවෙලකට වැඩ කරන කට්ටිය කැමතිම පාට තමයි සුදු. නිදහසේ තමන්ගේ දේවල් කරගෙන ඉන්න හරිම ආසයි. ඒ වගේම ප්‍රශ්නයක් විසඳන්නේ හරිම තර්කනුකුලව හිතලා බලලා.

03. අළු පාට

ඕනෙම කෙනෙක්ට විශ්වාසය තියන්න පුළුවන් චරිතයක් ඔබ. සරල අදහස්, ගති පැවතුම් තියන ඔබ හරිම සාමකාමී වැඩ වලට කැමැත්තක් දක්වනවා.

04. දම් පාට

ජිවිතේ හැමදේම හරියටම කරන්න ඕනේ කියල අදහස් කරන අය කැමතිම දම් පාටට. දුකේදී හරිම ඉක්මනින් හිත උණු වෙලා, ඉක්මනින්ම උදව් කරන්න එන්නෙත් මේ අය තමයි.

05.රෝස පාට

සීමා මායිමක් නැති ආදරයක් හොයා ගන්න එක තමයි මේ අයගේ මුලිකම දේ. ඕනේම දෙයක් ගැන වැඩිපුර හිතන්න යන්නෙත් නෑ.

06. තැඹිලි පාට

ලොකු පිරිස් බලයකට කැමති කෙනෙක් ඔබ. කට්ටිය එක්ක සෙට් වෙලා කණ්ඩායමක් විදිහට බෙදා හදාගෙන කටයුතු කරන්න හරිම දක්ෂයි වගේම ආසයි.

07. කොළ පාට

හරිම අවංක අදහස් ඇති ඔබේ ජිවිතයේ තමන්ගේ ආත්ම ගෞරවය රැක ගැනීම තමයි ප්‍රධානම දේ විදහට සලකන්නේ. ඒ වගේම හිතේ තියෙන දේ කෙලින්ම කියල දානවා. වටේ යන්නේ නෑ.

08. කහ පාට

අනිත් අයත් එක්ක එකතු වෙලා ඉගෙනගන්න, දේවල් බෙදා ගන්න හරිම ආසාවකින් ඉන්න අය කහ පාටටයි වැඩිපුරම ආසා. තමන් ගැන අනිත් අය ඉහලින් කතා කරනවා අහන්නත් හරි ආසයි.

09. දුඹුරු පාට

හරිම හොඳ යාළුකම් හිතේ තියෙන්නෙ මේ අයට. ජීවිතේ තේරුමක් නැති මහා ලොකු ලොකු දේවල් පස්සේ යනවට වඩා, හරිම සරලව ගත කරන්න තමයි ආසම.

10. නිල් පාට

හැංගුන සරාගී අදහස් ඇති අය නිල් පාටටලු ආසම. හොඳම ආදරවන්තයෝ මේ අය කිව්වොත් නිවැරදියි. ඒ වගේම හරිම අවංකව ආදරය කරනවා.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 263 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:48:00 PM
Script:/article/263/your-favorite-color-what-it-says-about-you.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:48:01 PM
Script:/article/263/your-favorite-color-what-it-says-about-you.html