බීෆ් කට්ලට් හැදීමට අවශ්‍ය ද්‍රව්‍ය :
10 ක් සඳහා
ගතවන කාලය:- විනාඩි 45
ලොකු ලුනු (කපාගත්) ගෙඩි 1
කරපිංචා කිනිති (සිහින්ව කපාගත්) 3
සුදු ලුනු (කුඩාවට කපාගත්) බික් 3
ඉඟුරු (කුඩාවට කපාගත්) කැබැල්ලක්
තෙල් බැදගැනීමට අවශ්‍ය පමණට
හරක් මස් (කුඩාවට කපාගත්) ග්‍රෑම් 150
අර්තාපල් (තම්බාගත්) ග්‍රෑම් 100
අබ ක්‍රීම් මේස හැඳි 1
සෝයා සෝස් මේස හැඳි 2
ගම්මිරිස් කුඩු මේස හැඳි 1
මිරිස් කුඩු මේස හැදි 1
ලුණු මේස හැඳි 1/2
බිත්තර 1
පාන් කුඩු ග්‍රෑම් 200
චිලි ගාලික් සෝස් සඳහා අවශ්‍ය දේ :
තෙල් මේස හැඳි 1
සුදු ලූනු බික් (කුඩාවට කපාගත්) 2
කෑලි මිරිස් කුඩු මේස හැඳි 1
තක්කාලි සෝස් මේස හැඳි 4
ගම්මිරිස් කුඩු මේස හැඳි 1
බීෆ් කට්ලට් හදමු :
1.ලොකු ලූනු, කරපිංචා, සුදු ලූනු, ඉඟුරු වෙන වෙනම බැදගෙන තෙල් බේරාගන්න.
2. ඉන්පසු වෙනත් පෑන් එකක් ගෙන තෙල් දමා රත්කරගෙන හරක් මස් බැදගන්න.
3.එයට පාන් කුඩු, බිත්තර, තෙල් හැර කලින් බැදගත් ද්‍රව්‍ය, අර්තාපල් සහ අනෙක් සියලූම ද්‍රව්‍ය දමා විනාඩි 3ක් පමණ හොඳින් කලවම් කරමින් පිසගන්න. පසුව ලිපෙන් බාගෙන නිවුණු පසු එම මිශ්‍රණයෙන් කට්ලට් සාදාගන්න. පසුව බිත්තර හො`දින් බීට් කර සාදාගත් කට්ලට්වල තවරා පාන් කුඩු දවටා ගැඹුරු තෙලේ බැදගන්න.
චිලි ගාලික් සෝස් සාදමු :
පෑන් එකකට තෙල් දමා රත්කර එයට සුදු ලූනු එක්කර තෙම්පරාදු කරගන්න. එයටම කෑලි මිරිස්, තක්කාලි සෝ්ස් සහ ගම්මිරිස් එක්කර විනාඩි 2ක් පමණ කලවම් කරමින් පිසගෙන විනාඩි 2කට පසු ලිපෙන් බාගන්න.