අද ලෝකයේ බොහෝ මවුවරු ලෝකයේ පවතින කාර්මිකකරණය හේතුවෙන් ඉතා කාර්‍ය බහුල තත්වයට පත්ව තිබේ. මෙම හේතුව නිසාම බොහෝ මවුවරු දරුවාට ඩයිපරයක් ඇන්දවීමට පෙළඹී තිබේ. බොහෝ දෙනෙකුගේ මතය මතය වනුයේ ඩයිපර ඇන්දවීම දරුවාට අහිතකර බවයි.
එදා ඈත අතීතයේ පටන් අපේ වැඩිහිටි පරම්පරාව ළමුන් සඳහා භාවිතා කරන ලද්දේ රෙදි කැබැල්ලක් (නැපි) දරුවාට ඇන්දවීමය. එය දරුවාට ඉතා ආරක්ෂාකාරී මෙන්ම නිරෝගී පිලිවෙතක් බව අපේ වැඩිහිටි පරම්පරවේ අදහසයි. මෙලෙස නැපි භාවිතා කිරීමේදී දරුවා විවිධ අපහසුතා රැසකට මුහුණ දෙයි.
නිදා සිටින දරුවා නැපි එකේ මුත්‍රා කළ විට සීතල දැනුන විට දරුවාගේ නිදහසට නිරන්තරයෙන් බාදාවක්. එසේ නැති නම් දරුවා මුත්‍රා මතම නින්දට වැටී සිටීමට පුරුදු වෙයි. නිතර දරුවාගේ මුත්‍රා ඇඟ පුරා ගෑවීමෙන් සෞඛ්‍ය ආරක්ෂාවට බාධා ඇති වන අතර මුත්‍රා ප්‍රදේශය නිතර සේදීම පිසීම ආදිය නිසා විවිධ ආසාත්මික තත්වයන් ඇතිවිය හැකියි. රෙදි හොඳින් සෝදා ගත නොහැකි වීමෙන්, අව්වේ වේලීම හරි ආකාරව සිදු නොවීමෙන් බැක්ටීරියා දිලීර වැනි ආසාදනද ඇති විය හැක.
නමුත් ඩ්යිපරයක් ඇන්දවීමෙන් ඉහත අපහසුතා දරුවාට ඇති නොවේ. හොඳ සුව නින්ද, සෞඛ්‍ය ආරක්ෂාවට බාධා ඇති නොවන අතර කාර්ය බහුල මවුවරුන්ට එදිනෙදා කටයුතු පහසුවෙන් කරගෙන යාමට හැකි වේ.
ඩයිපර ඇන්ද්වීමේදී මවුවරු සැලකිලිමත් විය යුතු කරුණු රැසක් තිබේ. එනම්,
1. ඩයිපරය තුල දරුවා මලපහ කර ඇද්දැයි පරික්ෂාකාරී වීම.
2. මුත්‍රා ප්‍රමාණය වැඩි වූ විට ඩයිපරය මාරු කිරීම. (බොහෝ ඩයිපර වල මුත්‍රා පිරී ඇති ප්‍රමාණය බලා ගැනීමට පිටින් ඉරක් ඇත.)
3. තම දරුවාට සුදුසු ඩයිපරය තෝරා ගැනීම. මන්ද සමහර දරුවන්ට සමේ ඇති සංකූලතා හේතුවෙන් ඩයිපර සෑම එකක්ම දරුවාට සුදුසු නොවීමට ඉඩ ඇත. මෙහිදී බිබිලි ඇති වීම, කැසීම, මුත්‍රා පෙදෙස රතු පැහැ වීමට ඉඩ ඇත. එම නිසා තම දරුවාට ඇලජි නොවන ඩයිපරයක් තෝරා ගත යුතුය.
4. ඩයිපරය මාරු කිරීමේදී මුත්‍රා පෙදෙස හොඳින් පිරිසිදු කර අලුත් ඩයිපරය ඇන්දවිය යුතුයි.
5. මුත්‍රා පෙදෙසෙහි වෙළඳපලේ ඇති ආරක්ෂාකාරී ක්‍රීම් වර්ගයක් ආලේප කර ඩයිපරය ඇන්දවීම කල යුතුය.
මෙලෙස ආරක්ෂාකාරී ලෙස ඔබේ දරුවාට ඩයිපර ඇන්දවීම, ඉතා ආරක්ෂාකාරී පිලිවෙතක් වන අතර මවුවරුන්ට ද තම හිසට සහනයක් ලබා දෙන පිලිවෙතක් වේ.