ඇස් අන්ධ කරන ග්ලුකෝමා රෝග තත්වය හඳුනා ගනිමු

March 1, 2017
11,020
Types, Causes, Symptoms, Diagnosis, and Treatment of Glaucoma
කුඩා කලසිටම දරුවා අන්ධ වීම දරුවාගේ මුළු ජීවිතයම මුළු අනාගතයම අඳුරු වී යාම අප කොතරම් පීඩාවට පත් කරන්නේද? දරුවා එසේ වීමත් ඔහුගේ හෝ ඔහුගේ දෙමව්පියන් සහෝදර සහෝදරිය නෑදැයන් අන්ධභාවයට හෝ ඊට සමාන දෘෂ්ටි ආබාධයකින් පෙලේනම් ඒ පවුලට ආලෝකයක් ඒ අයුරින්ම නොලැබේ.

ඇස් අන්ධ කරන ග්ලූකෝමා තත්ත්වය හඳුනා ගනිමු

පුද්ගලයෙකු නිහඬවම නොදැනුවත්වම අන්ධභාවට පත් කරන ග්ලූකෝමා රෝගය බරපතල රෝගි තත්ත්වයකි. මෙම රෝගය නිසා අන්ධ වුවහොත් නැවත පෙනුම ලබාගත නොහැකියි. එහෙත් අපේ රටේ බොහෝ දෙනා ඇසේ සුද නිසා පෙනුම නැති බව මිස එවැනි රෝගයක් තිඛෙන බවවත් නොදනිති.

ග්ලූකෝමා රෝගය බොහෝ විට වැළදෙන්නේ වයස අවුරුදූ 40 න් පසුව වීම විශේෂත්වයකි. මෙයට හේතුව ඇසේ රුධිර පීඩනය වැඩි වීමයි. මෙය වයස 40 න් පසු ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඕනෑම කෙනෙකුට වැළදිය හැකියි.

මෙම රෝගය බරපතලම කාරණය වන්නේ රෝගයට ගොදුරු වී ඇසේ පෙනීම අඩු වීමයි. එහෙත් රෝගියාට මෙය නොදැනෙයි. එසේ පෙනුම අඩු තත්වයට පත්වන විට රෝගයේ බරපතලම අවස්ථාව රෝගියා නොදැනුවත්වම පසු කරමින් සිටියි. එම තත්ත්වයට පැමිණීමට කලින්ම රෝගය වළක්වා ගැනීම කල යුතුය. එසේ නොමැතිව නැවත පෙනුම ලබාගැනිමට නොහැකිය.

හතළිස් ඇඳිරිය ඇති වීම

වයස අවුරුදු 40 න් පසු බොහෝ පුද්ගලයින්ට හතළිස් ඇඳිරිය ඇති වේ. එම වයසට පෙනුමේ අඩු බවක් ඇති වී නම් කණ්නාඩි පැළඳීම කළ යුතු වේ. එසේ කණ්නාඩි පැළඳීමට පෙර සුදුසු අක්ෂි වෛද්‍යවරයෙකු ලවා ඇසේ පීඩනය මැන ඇස් පරීක්ෂා කරගත යුතුය.

ග්ලූකෝමා රෝගයට ගොදුරු වීමේ වැඩී අවධානමක් ඇති පුද්ගලයන්.

පවුලේ අයෙකුට ග්ලූකෝමා රෝගය තිබේ නම් මව පියා සහෝදර සහෝදරියන් වැනි අයට රෝගය වැළඳි ඇත්නම් පවුලේ අන් අයට රෝගය වැළඳීමේ අවදානම සියයට 40 කින් වැඩියි.

දියවැඩියා රෝගියෙකු නම් එම රෝගය නිසි ලෙස පාලනය නොකර සිටිමෙන් මෙම රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතී.

සමහර අය දුර නොපෙනීම නිසා කණ්ණාඩි පැළඳ සිටින්නේ නම් ඒ අයට වයස අවුරුදු 40 න් පසු මෙම රෝගයට ගොදුරු විය යැකිය.

යම් අනතුරක් හෝ ඇසේ තැලීමක් වුනොත් එය ප්‍රතිකාර වලින් සුව වුවත් වයස අවුරුදු 40 පසු මෙම රෝගය ගැන සැලකිලිමත් විය යුතුය. එවැනි අය විශේෂයෙන්ම ඇසේ පීඩනය බැලීය යුතුය. වයස අවුරුදු 40 පසු වසරකට වරක්වත් ඇසේ පීඩනය බැලිය යුතු බව මතක තබාගන්න.

මේ රෝගයට ගොදූරු වීමෙන් ඇසේ පෙනීම අඩු වී යන්නේ ඉතා සෙමිනි.

මෙහිදි රෝගියාගේ ඇසේ පෙනීම අඩු වී යන්නේ දෙපැත්තේ සිටය. එසේ පෙනිම අඩු වී යන විට හඳුනා ගැනීම අපහසු වේ. රෝගය රෝගියාට දැනෙන්නේ රෝගය නිසාම ඇසේ ස්නායු ආබාධ ඇති වු පසුවය. ඒ නිසා වයස අවුරුදු 40න් පසු වසර දෙකකට වරක් ඇසේ පීඩනය මැනීම ඉතාම වැදගත් වේ. එසේම අවුරුදු 70ට පසු මාස 6 කට වරක්වත් ඇසේ පීඩනය මැනිය යුතුය.

ඇසේ පීඩනය බැලීම, ඇස් පරීක්ෂා කරන්නේ කෙසේද?

සෑම රජයේ රෝහලකම පවත්වන අක්ෂි සායනවල මෙම පරික්ෂාව නොමිලයේ කරනු ලැබේ. මෙහිදි කරන්නේ ඇසේ පීඩනය මැනීමයි. ඇසේ පීඩනය මැනීම පළපුරුදු අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් කලයුතුය.

නිරෝගී අයෙකුගේ ඇසේ පීඩනය

සාමාන්‍ය තත්ත්වයේ පවතින නිරෝගි අයෙකුගේ ඇසේ පීඩනය රසදිය මිලි මීටර් 21 ට වඩා අඩුය. එවැනි අයෙකුගේ අක‍ෂි ස්නායුවේ වෙනස්කම් නොමැත.

රසදිය මිලිමීටර් 22 ට වඩා වැඩි 26 ට අඩු නම් ඒ අයට අක‍ෂි ස්නායුවේ ග්ලූකෝමා වෙනස්කම් තිබීමට හෝ නොමැති වීමට ඉඩ තිබේ. මෙවැනි පුද්ගලයන් නැවතත් පරීක්ෂා කල යුතු වේ.

මෙවැනි අයට ස්කෑන් පරික්ෂාවක් කරනු ලැබේ. එසේ ඇසේ පරාසය මැනීම (UISUAL FIELDS) කළු ඉංගිරියාවේ ඝනකම (CCT) මැනීම කරනු ලැබේ. එමගින් ඔබට ග්ලූකෝමා රෝග තත්ත්වය තිබේද? නොමැතිද? යන්න ස්ථීරවම දැනගත හැකිය. එවැනි කෙනෙකුට ග්ලූකෝමා නැති යැයි නිගමනය වුවත් එම අය නැවත මාස හයකට වරක්වත් ඇස් පරීක්ෂා කර ගැනීම වැදගත් වේ.

මෙවැනි අය ජීවිතාන්තය දක්වා ඛෙහෙත් දැමිය යුතු වේ. අතපසුවීමකින් බෙහෙත් දැමීම නතර නොකල යුතුය. රෝගයට ගොදූරු වු පසු සුවකල නොහැකිය.

එහෙත් නියමිත ලෙස ඖෂධ ඇසට දැමීමෙන් හා නිසි වෛද්‍ය ප්‍රතිකාර මගින් ඔබට පෙනුම සාමාන්‍ය ලෙසට මුළු ජීවිත කාලය පුරාවට හැකිය.

මෙම රෝගයට ප්‍රතිකාර, ඖෂධ දැමීමයි

උදේ-සවස හෝ එක් වරක් (වෛද්‍යවරයා අනුමත කල පරිදි) ඖෂධ බිංදු බැගින් ඇස් දෙකට දිනපතා අනාවාර්යයෙන් දැමීම කළ යුතු වේ. එම නිසා මාසයකට වරක් සායනකට යාම ඉතාම වැදගත්ය. අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුත්තේ වෛද්‍ය සායන වලින්ම පමණයි.

මෙම රෝගයට ගොදුරු වුවහොත් සැත්කමක් කල යුතුමද?

මෙම රෝගයට ගොදුරු වු පසු සැත්කමක් කල යුතුය. සමහර අය අතර වැරදි මතයක් පවති. එසේම සැත්කමින් සම්පුර්ණ සුවය ලැඛෙන්නේ යයිද සමහරු සිතයි. නමුත් එය එසේ නොවේ.

ඇසේ සුද සැත්කමකින් නැති කල හැකිය. එහෙත් මෙම රෝගයට එවැනි ප්‍රතිකාර කලත් පෙර පරිදි පෙනුම නොලැබේ. මෙම රෝගයට සැත්කම කරන්නේ ඉතා සුළු පිරිසකටය. නිසි ලෙස ඖෂධ භාවිතයෙන් සම්පුර්ණයෙන්ම රෝගය පාලනය කල හැකිය.

ඇදුම සහ හදවත් රෝග ඇති අයට ඖෂධ දැමීම අපහසුයි.

මෙම රෝග වැළදි ඇති අය ඖෂධ දැම්ම අපහසුය. එම ඖෂධ වලට ඇඳුම වැඩි විය හැකිය. ඒ නිසා එවැනි රෝගීන්ට විශේෂ ඖෂධ තිබේ. ඒවා මිල අධික දිනපතා පාවිච්චි කිරීම අපහසුයි. එවැනි අයට සැත්කම කරන අවස්ථා තිබේ. බොහෝ විට මෙම රෝගය නොදැන තිබීමෙන් ඇසේ ප්‍රධාන ස්නායු දූර්වල වේ. එවිට කිසිදූ ඖෂධයක් හෝ සැත්කමකින් පෙනුම ලබාගත නොහැකියි. එවිට රෝගියා සම්පුර්ණයෙන්ම අන්ධ වේ. එවැනි අවාසනාවන්ත තත්ත්වයකට පත්වුවහොත් ලෝකයේ කිසිම ඖෂධයකින් පෙනුම ලැබිය නොහැකියි.

නොදැනීම අන්ධ භාවයට පත්වෙන මෙම රෝගය ගැන සැලකිලිමත් වන්න.

වයස අවුරුදූ 40 පසු ඕනෑම කෙනෙක් ඇසේ පීඩනය පරීක්ෂා කරගන්න. යම් අවදානම් සහිත අයෙකු නම් වෛද්‍ය උපදෙස් මත නැවත පරික්ෂා කර ඖෂධ ලබා ගැනීමෙන් වැඩිහිටි වියේදි අන්ධ භාවයට පත්වීමෙන් වැළකිය හැකිය.

කුඩා දරුවන් ලක්ෂ හතරක් අක‍ෂි ආබාධ වලින් පෙලෙයි.

අපේ රටේ කුඩා දරුවන්ගෙන් ලක්ෂ හතරක් අක්ෂි ආබාධ වලින් පෙලෙයි. එයින් 15,000ක් අන්ධ භාවයට පත්ව සිටිති. එය ඉතාම අභාග්‍ය තත්ත්වයකි. දරුවා ලෝකය දෙස බැලීමටත් පෙරම මුළු ලොවම දරුවාට අහිමිව යයි.

අඩු වයසින් දරුවෙකු බිහිවීමත් අක්ෂි රෝගයකට ගොදුරු වීමට ප්‍රධාන හේතුවක් වේ. ඊට හේතුව අඩු වයසින් බිහි වීම නිසාම නොවේ. නොමේරු දරුවෙකු බිහි වීම නිසා කරන ප්‍රතිකාර හේතුවෙනි.

ළදරු ඒකකයට දැමීම

දරුවෙකු බිහි වු පසු දරුවා වැඩෙන තෙක් නොමේරු ළදරු ඒකකයට දමයි. එහිදි දරුවාට ප්‍රතිකාර කරන විට අක්ෂිවල සියුම් රුධිරනාල පුපුරා යාමට ඉඩ තිබේ. එම නිසා නොමේරු ළදරුවෙකු බිහි කල මවක් ඒ ගැන දැනුවත් විය යුතුය. එය වෛද්‍ය ඒකකයේ වරද නොවේ. නොමේරු ළදරුවා තබන ඒකකයේදී සිදුවන තත්ත්වයකි.

එම නිසා කුඩා දරුවන්ගේ අක‍ෂි රෝග අක‍ෂි අන්ධ භාවයට මෙයත් එක් හේතුවක් වී තිබේ. ගර්භණී මවක් නිසි කාලයේදි දරු ප්‍රසුතිය සිදු කර නිරෝගි දරුවෙකු ලබාගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්

උපදෙස් : කොළඔ අක‍ෂි රෝහලේ අක‍ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මංගලා ගමගේ

සටහන : අනුරාධා දිලිනි ඉලන්කෝන්

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 91 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:48:50 AM
Script:/article/91/types-causes-symptoms-diagnosis-and-treatment-of-glaucoma.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 11:48:50 AM
Script:/article/91/types-causes-symptoms-diagnosis-and-treatment-of-glaucoma.html