Wedding එකට කලින් කුරුලෑ ඉවත්කර ගන්න

March 23, 2017
11,216
How to Get Rid of Pimples
හෙට දවසේ මනාලියක වන්නට පෙරුම් පුරමින් සිටින ඔබගේ මුහුණේ කුරුලෑ ඇත්නම් එය ඔබේ මනසට මොනතරම් නම් වදයක්ද? කුරුලෑ ගැටලුව විසඳා ගෙන මනාලියක් වන්නයි මේ අපේ ඔවදන් පෙළ.

මාස කිහිපයකට පෙර සූදානම් වන්න

විවාහ වීමට මාස 6 කට පමණ පෙර සිට මනාලිය එයට සූදානම් වීම ඉතාම වැදගත්. මේ වෙනුවෙන් ඇය භාවිත කරන ෆේෂ් වොෂ්, සබන් පිළිබඳ මනාලියගේ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා පළමුවෙන්ම ඇය තමාගේ සම වියළිද සාමාන්‍ය ද නැතහොත් තෙල් සහිත සමක් ද කියා හඳුනාගෙන එයට ගැළපෙන පරිදි ෆේස් වොෂ් භාවිත කළ යුතුයි. සාමාන්‍යයෙන් යුවතියක දිනකට තෙවරක්වත් ෆේස් වොෂ් යොදා තම මුහුණ පිරිසුදු කළ යුතුවෙයි

හොඳ රූපලාවණ්‍ය ශිල්පියෙකු හෝ ශිල්පිනියක තෝරාගන්න

මනාලියක වන්නට සූදානම් වන යුවතියක් පළමුවෙන්ම කළ යුත්තේ රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනිය තෝරා ගැනීමයි. ඉන්පසු ඔහුගෙන් හෝ ඇයගෙන් ඔබගේ කුරුලෑවල ස්වභාව මුහුණට කරන ප්‍රතිකාර පිළිබඳත් ඔබ අවධානය යොමු කළ යුතුයි.

පිරිසිදු බව ගැන සැලකිලිමත් වෙන්න

මුහුණෙහි පිරිසුදු බව ගැන නම් ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුමයි. ඒ වගේම කුරුලෑ සහිත සමක් තිබෙන යුවතියක් මුහුණෙහි විවිධ ආලේපන වර්ග ගැල්වීම සුදුසු වන්නේ නැහැ. එසේම කුරුලෑ සහිත සමක් ඇති යුවතියක් මනාලියක වන්නට මාස හයකට පෙර තමන් තෝරාගත් රූපලාවණ්‍ය ශිල්පිනිය හෝ ශිල්පියා සමග කතා කොට එය කුරුලෑවක්මද යන්න විමසීමක් කළ යුතුයි. එසේ නැතිව ඔබට කුරුලෑ සහිත සමක් ඇති බව සිතා හිතුමතේ සත්කාර කිරීමට පෙළඹීම වැරැදියි. ඒ වගේම රූපලාවණ්‍ය ශිල්පියා හෝ ශිල්පිනියද තමන් කළ යුත්තේ කුමක්ද කියා දැනගෙන කුරුලෑවලට අවශ්‍ය ප්‍රතිකාරය කළ යුතුයි. එය කුරුලෑවක් නොවේ නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට තම සේවා දායකයා වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට ඉතාම වැදගත්.

සම තදවීම සහ සුමුදු කිරීමට භාවිත කරන ෆේෂ් පැක් එකක් යොදාගන්න

ඔබ නිතරම මේක් අප් යොදන යුවතියක නම් ඩීප් ක්ලෙන්සර් සහ ටෝනර් භාවිතයද නිතරම සිදු කළ යුතුයි. විශේෂයෙන්ම ඔබට කුරුලෑ සහිත සමක් ඇත්නම් ස්ක්‍රබ් භාවිතය නුසුදුසු බැවින් ඒ සඳහා සම තදවීම සහ සුමුදු කිරීමට භාවිත කරන ෆේෂ් පැක් එකක් යොදාගත හැකිය. ඒ වගේම නිතරම මුහුණ පිරිසුදු කර ගැනීම සඳහා වෙනම තුවායක් භාවිත කළ යුතු අතර එය නිතරම ඇල් වතුරෙන් තෙමා මිරිකා භාවිතයට ගත යුතුයි. තෙල් සහිත සමක් ඇති ඔබට සමේ ඇති තෙල් එමගින් ඉවත් කරගත හැකිය. එලෙසම ඔබට කුරුලෑ සහිත සමක් ඇත්නම් ස්ක්‍රබ් නොකර ෆේෂල් කිරීම වඩා සුදුසු වන අතර රාත්‍රී කාලයේදී ආලේපන භාවිතයෙන් තොර විය යුතුයි. ඒ වගේම නිතරම ඇඟිලි තුඩුමගින් මුහුණ පිරිමැදීම සහ ඇල්ලීම නොකළ යුතු අතර උණු ජලයෙන් වාෂ්ප විනාඩි 3 – 4 ක් පමණ ඇල්ලීම වඩාත් සුදුසුයි. එම උණු වතුරට දෙහි ස්වල්පයක් දමා මුහුණ සේදීම පිරිසුදු කිරීමට වඩාත් සුදුසුයි.

තෙල් හා පැණිරස ආහාර පාලනය කරන්න

කුරුලෑ ඇති වීම වළක්වා ගැනීමට එවැනි දෑ කිරීමෙන් පමණක් හැකි නොවන අතර ආහාර පාලනයද සිදු කළ යුතුය. තෙල් සහිත පැණි රස ආහාර වැඩිපුර නොගැනීම සහ තමන්ගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය පිළිබඳ වෛද්‍යවරයකු හමුවී දැන ගැනීමද වඩාත් සුදුසුයි. එසේම වතුර වැඩිපුර පානය කිරීමත් කුරුලෑ අඩුකර ගැනීමට උදව්වක් බව ප්‍රකාශ කළ හැකියි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 144 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:29 PM
Script:/article/144/how-to-get-rid-of-pimples.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:16:29 PM
Script:/article/144/how-to-get-rid-of-pimples.html