සමබර බව රැක ගන්නවා කියන එක හැම දේකදිම වැදගත් වෙනවා. ඕනෑම දේක ඒ සමතුලිත බව බිඳ වැටුනොත් එක පැත්තක් හෝ දෙපැත්තම විනාශ වෙන්න ඉඩ තියෙනවා. පවුල් ජිවිතයක් ගෙනියද්දීත් අනිවාර්යෙන් සමබරතාව කියන එක තිබිය යුතුමයි. විශේෂයෙන් ඒ වගකීම පැවරෙන්නේ කාන්තාවට. ගෙදර දොරේ වැඩ, දරුවන්ගේ, සැමියාගේ අවශ්‍යතාවයන් විතරක් නෙවෙයි බැඳීම් රැක ගැනීම, පවත්වා ගැනීම වගේම රැකියාවේ වැඩ කටයුතු ආදී මේ හැම දෙයක්ම නිවැරදිව තුලනය කර ගන්න බැරි වුනොත් මේ හැම දේම අවුල් ජාලාවක් වෙනවා.
මේ දේවල් අවුල් වියවුල් කර ගන්නේ නැතුව පවුල් ජිවිතේ සමබරව පවත්වාගෙන යන්න නම් මේ දේවල් ගැන වැඩිපුර ටිකක් හිතන්න.
1. සියල්ලන්ටම සවන් දෙන්න
පවුලේ හැම දේකදිම වගේ වැඩි වගකීමක් පැවරෙන්නේ බිරිඳට. අපි හැමෝම අපේ උවමනා එපාකම් කියන්නේ අම්මටනේ. ඉතින් ඔයාටත් ඒ වගකීම ගන්න වෙනවා. දරුවන්ගේ, සැමියාගේ අවශ්‍යතාවන්වලට සවන් දෙන්න. ඒ දේවල් ඉටු කරන්න. මවකගෙන්, බිරිඳකගෙන් ඉටු විය යුතු වගකීම් ඔයාට මඟ හැරුනොත් අර කලින් කිවව සමබර බව බිඳිලා යනවා.
2. සාමාජිකයන් අතර හොඳ සබඳතාවක් ගොඩනගා ගන්න
පවුල තුල එකිනෙකා හුදකලා වෙන්න දෙන්න එපා. දරුවෝ වෙනම ලෝකෙක, සැමියා වෙනත් ලෝකෙක, ඔයා තවත් තැනක වුනොත් එකිනෙකාට නොදැනීම එකිනෙකා ඈත් වෙනවා. දරුවන්, සැමියා හා ඔබ අතර මනා සන්නිවේදනයක් පවත්වා ගන්න එක පවුලක සාර්ථකත්වයට ඉතාම වැදගත්. එකිනෙකා අතර අදහස් ප්‍රකාශ කිරීම, අදහස් බෙදා හදා ගැනීම, එකට තීන්දු තීරණ ගැනීම ඉතා වැදගත්.
3. ප්‍රශ්න වලදී පුළුවන් තරම් ඉවසන්න
ප්‍රශ්නයක් විසඳන විදියක් තියෙනවනේ. ඒ නිසා ඒ වගේ වේලාවකදී කලබල වෙලා ප්‍රශ්න තව වැඩි කර ගන්නේ නැතුව ඉවසීමෙන් වැඩ කරන එක පවුල් ජිවිතයේ පැවැත්මට ඉතා වැදගත්. එකිනෙකා අතර බැඳීම් දුරස් වෙන විදියට වැඩ කරන්න එපා.
4. දරුවන්ගේ ප්‍රශ්න වලදී නම්‍යශීලි වෙන්න
දරුවන්ගේ ප්‍රශ්න වලදීත් ඉතා බුද්ධිමත්ව තීරණ ගන්න. දඬුවම් දෙද්දී දෙතුන් පාරක් හිතන්න. දරුවන්ගේ ප්‍රශ්න වලදී කේන්ති අරගෙන වැඩ කරන්න ගියොත් දරුවොත් ඒ විදියටම ප්‍රතිචාර දක්වන්න බලනවා. දරුවන් මුරණ්ඩු හා අකීකරු වෙන්නත් පවුල තුල දරුවන්ගේ විනය නැති වෙන්නත් පවුලේ සාමාජිකයන්ගෙන් ඔවුන් ඈත් වෙන්නත් දෙමව්පියන්ගේ හැසිරීම් බලපානවා.
5. රස්සාවයි පවුලයි පටල ගන්න එපා
රැකියාවක් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ සමබරතාව කියන එක ගැන වැඩියෙන් හිතන්න ඕනමයි. ඔයාගේ රාජකාරී කටයුතු ගෙදර දොර කටයුතු එක්ක පටලා ගන්න එපා. හොඳම දේ තමයි රැකියාවේ දේවල් ගෙදරට ගේන එකෙන් වැලකීම. එහෙම නොවුනොත් ඔයාට නොදනිම ඔයාගේ ආදරණීයයන් ඔයාට මඟ හැරෙන්න පුළුවන්.
6. සියල්ලන්ගේම සෞඛ්‍ය රැක ගන්න
සෞඛ්‍ය පිරිහුණොත් ඇති වෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ නිසා දරුවන්ගේ, සැමියාගේ සෞඛ්‍ය, පෝෂණය, නිරෝගී බාවය ගැන ඔයා වැඩියෙන් හිතන්න ඕන. ඒ අතරේ ඔයා ඔයා ගැනත් හිතන්න අමතක කරන්න එපා. ගෙදර අම්ම අසනීප වුනාම ගෙදර ඇති වෙන තත්ත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැමෝම ගැනම බලන්න නම් ඔයා හොඳින් ඉන්න ඕන.