job එකට ගියපු ගමන්ම ඒක එපා වෙලාද?

October 25, 2017
3,608
Are you already fed-up with the new job?
රස්සාවක් කරනවා කියන එක හිහන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඒක හරියටම දැන ගන්න නම් job එකක් කරලම බලන්න ඕන කොහොමද කියලා. ඒ වගේම තමයි අපිට ඕන ඕන විදියට වැඩ කරන්නවත් හිතෙන හිතෙන විදියට කැමති දේවල් කරන්නවත් පුළුවන් තැනක් නෙවෙයි. job එකක් කරන ඕනෑම කනෙකුට පැවරෙන අනිවාර්ය වැඩ කොටසක් තියෙනවා. නිසි වෙලාවට ඒවා ඉටු කරන එක අපේ වගකීම.

නමුත් ඕනෑම කෙනෙක් කාලයක් යද්දී මේ වැඩ රාජකාරි එක්ක, වගකීම් එක්ක හති වැටෙනවා, එපා වෙනවා, තවත් සමහර අයට job එකට ගිය ගමන්ම එපා වෙනවා. රස්සාව කරා ඇති කියලා හිතෙනවා. එහෙම වෙන්නේ නැතුව හැමදාම උද්යෝගයෙන් වැඩ කරන්න මේ දේවල් එක්ක රාජකාරි වැඩ පටන් ගන්න.

1. පැවරෙන වගකීම් නිවැරදිව අවබෝධ කර ගන්න

ඕනෑම තනතුරකට අදාළව වගකීම් පැවරෙනවා. ඒ වගකීම් ඉටු කරන එක අනිවාර්යයි. ඔයත් ඔයාගේ රැකියාවට අදාලව පැවරෙන ඒ වගකීම් අවබෝධ කර ගන්න. අපැහැදිලි තැන් ප්‍රධානීන්ගෙන් විමසලා පැහැදිලි කර ගන්න. ඒ වගේම නිසි පරිදි ඒ වගකීම් ඉටු කරන්න. සමහර අය job එකට ගිහින් කරන්නේ අනිත් අයගේ වැඩ, එහෙම වෙද්දී කෝ ඔයාගේ වැඩ ටික ඉවර කරන්න වෙලාවක්. අනිත් අයගේ වැඩ කරන්න කලින් ඔයාගේ වගකීම් ඉටු කරලා ඉන්න.

2. තමන්ට අදාළ නොවන දේවල් කරන්න යන්න එපා

තවත් සමහර අය ලකුණු දා ගැනීමේ අරමුණෙන් තමන්ට අදාළ නැති තමන් දන්නේ නැති දේවල් පවා හරි උවමනාවෙන් කරන්න යනවා. එහෙම කරන්න ගියාම වෙන්නේ තමන්ට පැවරුණු වගකීම් මඟහැරෙන එක. නිතරම ඒ වැරැද්ද ඔයා අතින් වෙද්දී අනිවාර්යෙන් ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. එතකොට ඉතින් හිතත් රිදෙනවා, ප්‍රධානින් ගැන කලකිරෙනවා, කාලයක් යද්දී job එකත් එපා වෙනවා.

3. වැඩ කරන්න පහසුම විදිය හොයා ගන්න

සමහර අය වැඩ කරද්දී එක වැඩේ දෙක කර ගන්නවා. එහෙම නැත්තන් එක දවසින් කරන්න පුළුවන් වැඩේට දවස් 10 ක් ගන්නවා. එහෙම වෙද්දී අනවශ්‍ය විදියට කාලය අපතේ යනවා. ඒ වගේම ඔයා තෙහෙට්ටු වෙනවා. ඒ නිසාම කාලෙකින් රස්සාවත් එපා වෙනවා. එහෙම වෙන්නේ නැතුව වැඩ කරද්දී කෙටි හා සරල මාර්ග අනුගමනය කරන්න.

4. කාල කළමනාකරණය

මේක නම් අනිවාර්යම කාරණාවක්. එදා දවසේ පැවරෙන වැඩ කොටස සම්පුර්ණ කරන්න පුළුවන් විදියට වෙලාව කළමනාකරණය කර ගන්න. එහෙම නැති වුනොත් අද ඉතුරු වෙන වැඩ හෙටත් කරන්න වෙනවා. එතකොට හෙට වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා. දිගටම මෙහෙම වෙද්දී වැඩ ගොඩගැහිලා ඔයාව නිකන්ම වෙහෙසට පත් වෙනවා.

5. සර්ව සම්පුර්ණ කිසිවෙක් නැහැ

එදිනෙදා වැඩ කරද්දී අපි අතින් ඕන තරම් වැරදි, අතපසුවීම් වෙනවා. job එකේදී වුනත් එහෙමයි. එහෙමවෙන වැරදි ගැන හිතලා දුක් වෙන්න අවශ්‍ය නැහැ, එක වැරද්දක් ගැන හිත හිතා ඉද්දි ඔයා අතින් තවත් දේවල් ගොඩාක් මඟහැරෙන්න පුළුවන්. එහෙම නොවී ඒ දුර්වල තැන් හදා ගන්න ගමන් ඔයා අතින් වැරදි වෙන්න තියෙන අවස්ථාවන් අඩු කර ගන්න එක තමයි කරන්න ඕන.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 467 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:42 PM
Script:/article/467/are-you-already-fed-up-with-the-new-job.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 2:15:42 PM
Script:/article/467/are-you-already-fed-up-with-the-new-job.html