ඔයත් මනසින් ශක්තිමක් කෙන්ක්ද? එහෙනම් මේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවද බලන්න

October 26, 2017
6,984
Are you a mentally strong person?
අපි හැමෝගෙම මානසික මට්ටම් එකම විදිහට පිහිටන්නේ නැහැ. මානසිකත්වය කියන එක එකිනෙකාගෙන් වෙනස් වෙනවා. එකිනෙකාගේ මානසික තත්ත්වය අනුව තමයි කරන කියන දෑ තීරණය වෙන්නේ. මානසිකත්වය එකිනෙකාගෙන් වෙනස් වෙන නිසා තමයි මනසින් ශක්තිමත් අය වගේම මනසින් දුර්වල අයත් අපි අතර දකින්න ලැබෙන්නේ.

කවුරු වුනත් කැමති නැහැනේ දුර්වලයෙක් වෙන්න. මනසින් ශක්තිමත් කෙනෙක් ළඟ දකින්න පුළුවන් පොදු ලක්ෂණ කිහිපයක් තමයි මේ. බලන්න මේ ලක්ෂණ ඔයා ළඟත් තියෙනවද කියලා. එහෙනම් ඔයා අනිවාර්යෙන් ශක්තිමත් කෙනෙක්. ඒ වගේම ඔයා ළඟ නැති ලක්ෂණ වර්ධනය කර ගන්න උත්සාහ කරන්න. එය ඔයාගේ සාර්ථකත්වයට ඍජුවම බලපානවා.

1. අත් වැරදීම් මත රැඳී කාලය නාස්ති නොකිරීම

මිනිස්සු අතින් ඕන තරම් අත් වැරදීම් වෙනවා. ඒ දේවල් ගැන හිත හිතා ලත වෙනවා වෙනුවට වැරැද්දට හේතුව හොයා ගැනීමත් අයෙත් ඒ වැරැද්ද තමන් අතින් නොවෙන්න වග බලා ගැනීමටත් ඔවුන් දක්ෂයි.

2. තමන් පිළිබඳව ඇති විශ්වාසය කිසිම වෙලාවක සුළු කොට තකන්නේ නැහැ

ඒ කියන්නේ ඉතා ඉහල ආත්ම විශ්වාසයක් ඔවුන් තුල පවතිනවා කියන එකයි.

3. සමාව දෙන්න සමාව අයදින තුරු බලා හිඳින්නේ නැහැ

තවත් කෙනෙක් අතින් වැරද්දක් වුනාම ඒ ගැන මතක් කර කර නිතරම ඒ කෙනාට රිදවන්න, පෙලන්න ඔවුන් උත්සාහ කරන්නේ නැහැ. හරි වැරැද්ද පෙන්වා දී සමාව දෙන එක ශක්තිමත් මානසිකත්වයක් ඇති අයගේ හොඳ ලක්ෂණයක්.

4. ඍණාත්මක අදහස් ඇති පුද්ගලයින් තමන්ගෙන් ඈත් කොට තබනවා

මේ වගේ අයගෙන් තමන්ට කිසිම වෙලාවක යහපතක් වෙන්නේ නැහැ කියන එක ඔවුන් හොඳින් දන්නවා. ඒ නිසා ඒ වගේ අයගේ ඇසුර ඔවුන් හිතා මතාම සිමා කරනවා.

5. ප්‍රවීණයන්ගේ උපදෙස් පිළිගැනීම

මේ තුලින් තමන්ගේ සාර්ථකත්වයට රුකුලක් ලැබෙනවා කියන එක ඔවුන් හොඳින් හඳුනා ගත් දෙයක්. අත්දැකීම් ලත් ප්‍රවීනයන්ගේ උපදෙස්, අවවාද වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඔවුන් දක්ෂයි.

6. කිසිවෙකුට තමන්ගේ සතුට සිමා කරන්න දෙන්නේ නැහැ

තමන්ගේ අයිතීන් වලට බලපෑම් කරන්න කිසි විටක ඉඩ දෙන්නේ නැහැ. කොටින්ම කියනවා නම් අනුන්ගේ පදේට නටන කෙනෙක් නෙවෙයි.

7. අනිත් අයගේ සතුට සිමා කරන්නෙත් නැහැ

තමන්ගේ සතුට නිදහස තමන්ට මොනතරම් වටිනවද කියන එක තේරුම් ගත් කෙනෙක් තවත් කෙනෙක්ගේ සතුටට, නිදහසට බාධාවක් කරන්නේ නැහැ.

මේ කිව්වේ මනසින් ශක්තිමත් කෙනෙක් ළඟ තියෙන ලක්ෂණ වලින් කීපයක් විතරයි. මේ ලක්ෂණ ඔයා ළඟත් තියේද කියලා ස්වයං පරීක්ෂාවක් කරලා බලන්න. තවත් දේවල් ගැන ඊළඟ ලිපියකින් ඔයාව දැනුවත් කරන්නම්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 474 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:01:29 PM
Script:/article/474/are-you-a-mentally-strong-person.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 3:01:30 PM
Script:/article/474/are-you-a-mentally-strong-person.html