ප්‍රශ්න වලින් පීඩා විඳලා ඔයත් හෙම්බත් වෙලාද ඉන්නේ?

November 26, 2017
5,684
Are you tired of problems in life
ප්‍රශ්න කියන දේවල් නැති කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඇහුවොතින් හැමෝටම මොනවම හරි දෙයක් කියන්න තියෙනවා. විවිධ ප්‍රශ්න විවිධ ස්වරුපයෙන් අපේ ජිවිත වලට එනවා. අපි ඒවාට මුහුණ දෙනවා. ඒ වගේම ඉතින් හැමදාම ඔලුව උඩට ප්‍රශ්න කඩා වැටෙද්දී ඕනෑම කෙනෙක් ඒවායින් හෙම්බත් වෙනවා, හති වැටෙනවා. ජිවිතේ ගැන කලකිරෙනවා, එපා වෙනවා, ජිවිතේ අතහරින්නත් සමහර අය හිතන්නේ ප්‍රශ්නත් එක්ක අපිට ඇති වෙන මානසික ආතතිය, කාංසාමය නිසා. එහෙමත් නැත්තන් මානසිකව ඇති වෙන අතිශය වෙහෙසකර බව නිසා.

මනසට ඇති වෙන මේ වෙහෙස අඩු කර ගන්න, අමතක කර ගන්න මේ වගේ පොඩි පොඩි විනෝදාංශ වලට හුරු වෙන්න. එදිනෙදා මනසට දැනෙන වෙහෙසකර බව තරමක් දුරට හරි ඔයාට අඩු කර ගන්න පුළුවන් වෙයි.

1. මේ වගේ වෙලාවක ඔබේ නිර්මාණශීලී පැත්තට එක් වෙන්න. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා අහලා ඇතිනේ. චිත්‍ර අඳින්න, ගායනය, වාදනය, කවි ලියන්න, නටන්න, විවිධ නිර්මාණය කරන්න මේ වගේ මොනවම හරි කලාත්මක දේවල් වලට ඔයාට මොනවම හරි හැකියාවක් ඇතිනේ. ප්‍රශ්න නිසා හති වැටිලා ඉන්න වෙලාවක මේ වගේ දෙයකට අවදානය දෙන්න.

2. ඔයාගේ සුරතලා එක්ක ටිකක් විනෝද වෙන්න. සමහර විට ඔයා ඒ ගැන විශ්වාස කරන එකක් නැහැ. එත් මානසික ආතතියෙන් මිදෙන්න ඒකත් ඉතා හොඳ අවස්ථාවක්.

3. හිතේ ප්‍රශ්නෙකින් ඉන්න වෙලාවක පොඩ්ඩක් එළියට යන්න, ඇවිදින්න. එහෙමත් නැත්තන් ව්‍යායාම වල නිරත වෙන්න. ඔලුවේ හිර කරන ඉන්න පීඩනය ගොඩක් දුරට අඩු කර ගන්න පුළුවන්.

4. ඔයා අතීතය ගැන හිත හිතා දුක් වෙන කෙනෙක් නම් දැන් වත් ඒකට තිත තියන්න. අතීතයේ රැඳී සිටීම හෝ අනාගතය ගැන අනවශ්‍ය විදහට සිහින දැක දැක ඉන්න ගියාම ඔයාගේ ශක්තිය ඔයාටමත් නොදනී වැය වෙලා යනවා. වර්තමානයේ ජිවත් වෙන්න.

5. සිතට ධනාත්මක ස්වයං යෝජනා ඉදිරිපත් කරන්න. ස්වයං යෝජනා වලට ජිවිතයට විශාල බලපෑමක් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ බලපෑම යහපත් එකක් හෝ අයහපත් එකක් වෙන්නේ ඔයාගේ අදහස් වල ස්වභාවය අනුවයි. ඒ නිසා ඍණාත්මක, උදාසීන ආකල්ප වලින් ඈත් වෙන්න.

6. හොඳ පොතක් කියවන්න. ඒ සඳහා නිදහස් පරිසරයක් තෝරා ගන්න. ඒ මඟින් ඔබේ ශරීරය ලිහිල් කර ගන්නත්, ඔබේ හෘද ස්පන්දනය අඩු කර ඔබේ මාංශ පේශි ලිහිල් කර ගන්නත්, ආතතිය අඩු කර ගන්නත් පුළුවන්. කියවීමේ මඟින් 68% ක් දක්වා මානසික පීඩනය අඩු කරනවා.

7. හිත මිතුරන් සමඟ කාලය ගත කරන්න. ඔබගේ සමීපතම මිතුරන් කිහිපදෙනෙකු සමඟ සාප්පු සවාරියක්, විනෝද ගමනක්, එහෙමත් නැත්තන් film එකක් බලන්න යන්න, ඒ ගිහිල්ලත් ප්‍රශ්න ගැන හිත හිතා මූඩ් ගහගෙන ඉන්න එපා. ආවේ හිත සැහැල්ලු කර ගන්න නම් ප්‍රශ්න අමතක කරන්න.

8. පුළුවන් තරම් busy වෙන්න. එහෙම වෙද්දී ඔයාට ප්‍රශ්න ගැන හිතන්න වෙලාවක් නැතුව යනවා. ඒ අතරේ කාලය ප්‍රශ්න වලට විසඳුම් හොයලා දෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 539 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:51 PM
Script:/article/539/are-you-tired-of-problems-in-life.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:45:52 PM
Script:/article/539/are-you-tired-of-problems-in-life.html