ජීවිතේට මුහුණ දෙද්දී කාන්තා ඔබට මේ දේවල් ගැනත් අනිවාර්යෙන් හිතන්න වෙයි

January 9, 2018
4,895
As a woman you should think of these too
කාන්තාවක් කියන්නේ මුළු ජිවිත කාලෙම ගොඩාක් අභියෝග වලට මුහුණ දෙන චරිතයක්. ඇතැම් වෙලාවකට ඇගේ ජීවිතය හරිම කටුකයි. තවත් වෙලාවක හරිම සංකීර්ණයි, නිතරම ප්‍රශ්න, බාධක, අභියෝග එක්ක ගැටෙනවා, දුක් වේදනාවන් වලට මුහුණ දෙනවා. හැබැයි එහෙමයි කියල ඒවායින් පැනල යන්න අපිට බැහැනේ. 

හැම තැනකදීම වගේ කාන්තාව දුර්වලයි කියල කිව්වට ඇත්තටම කාන්තාව දුර්වල නැහැ. ඒ කායික ශක්තිය අතින් විතරයි. ආත්ම ශක්තිය අතින් ගත්තම කාන්තාව පිරිමින්ට වඩා ශක්තිමත්. දුවෙක්, බිරිඳක්, මවක් විදියට කාන්තාවන් පහු කරන හැම අවදියකදිම අභිමානවත් විදියට ගෙවන්න මෙන්න මේ දේවල් ගැනත් අවදානය යොමු කරන්න වෙනවා .

1. ඔබ ඔබම වෙන්න

ඔබටම අවේණික වූ චින්තනයක් පවත්වා ගන්න. ඒ වගේම ඒක ප්‍රකාශ කරන්න කිසිම වලාවක බය වෙන්න්න එපා. අනිත් අයගේ අදහස්, මත වලටත් සවන් දෙන්න ඕන තමයි. හැබැයි හැම වෙලාවේම අනුන්ගේ මත වලම එල්බ ගෙන ඉන්න එපා. ඒ වගේම ඔයාගේ අදහස් වලට අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න අනිත් අයට ඉඩ දෙන්න  එපා. ඔබ ඔබම වෙන්න කිව්වේ ඒකයි.

2.  ලස්සනට ඉන්න  

ලස්සනට ඉන්නවා වගේම ඒ ලස්සන හැමදාටම පවත්වා ගන්න. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරු වෙන්න. ඒක ඔයාගේ නිරෝගී ජීවිතයකට හේතුවක් වෙයි. ඒ වගේම දිනපතා ව්‍යායාම් සඳහා යොමුවන්න. කාන්තාවන් ගොඩක් දෙනෙක් තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙනවනේ. ඉතින් ඒ සඳහාත් පොඩි හරි කාලයක් වෙන් කරන්න.

3. රැකියාවක් කරන්න අදහසක් නැද්ද

රැකියාවක් නොකර ගෙදර ඉන්න කෙනෙක් නම් ඔයා ඒ ගැනත් හිතන්න. ඔයාගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් වලට සරිලන රැකියාවක් එහෙමත් නැත්තන් ස්වයං රැකියාවක් කරන්න පටන් ගන්න.  ඒ මඟින් ඔයාගේ වියදම් සඳහා අවශ්‍ය මුදල් ඔයාම හොයා ගන්න උත්සාහ කරන්න. ඒක ඔයාට ලොකු ශක්තියක් වෙයි. නැත්තන් හැම දේටම මුදල් ගෙදර අයගෙන් එහෙම නැත්තන් සැමියාගෙන් ඉල්ලන්න වෙනවා. තමන්ටම කියලා පුංචිම හරි ආදායම් මාර්ගයක් හදා ගන්න. ඒ වගේම අදායම් සහ වියදම් කළමනාකරණය කර ගන්න. කාන්තාවක් ලෙස අරපිරිමැස්ම කියම දේ අනිවාර්යෙන් තියෙන්න ඕන. හැබැයි මතක තියා ගන්න අරපිරිමැස්ම කියන්නේ ලෝබකමට නෙවෙයි .

4.  අවිවාහක අය කල් තියා විවාහය සැලසුම් කරන්න

ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මුදල් කල් තියා ඉතිරි කර ගන්න. අද කාලේ ගොඩක් දෙනෙක් ලොකුවට විවාහ උත්සව අරගෙන අවුරුදු ගානක් ණය ගෙවනවා. ඒ නිසා හැම දේම කල් තියා සැලසුම් කරන්න සහ කළමනාකරණය කියන දේ හොදින්ම කරන්න ඕන. තමන්ට හැකි පමණින් උත්සවය සැලසුම් කරන්න. රටට ලෝකෙට පෙන්න බොරු වැඩ කරලා ජිවිත කාලෙටම ණයකාරයෙක් වෙන්න එපා.

5. සහකරු තෝරා ගැනීමේදී හැඟීම් වලට ඉඩ දෙන්න එපා

මෙතැනදී හදවතට වගේම බුද්ධියටත් ඉඩ දෙන්න. ඔබට අවංකව ආදරය කරන ඔබේ අදහස් වලට සමාන ඔබව තේරුම් ගත හැකි සහ ඔබේ සිහිනයන් ඉටු කරගැනීමට  සහාය වන්නකු තෝරාගන්න. ගොඩාක් තරුණියන් මෙන්න මේ තැනදී ගොඩාක් වෙලාවට වැරදි තීරණ දන්නවා. අනවශ්‍ය විදියට බොළඳ වෙනවා. සහකරු පිලිබඳ අධ්‍යයනය කර ඔහුගේ ආකල්ප පිලිබඳ අවබෝධයක් ලබාගන්න. නැතිනම් ජිවිත් කාලය පුරාවටම ඔබට ඉතිරි වන්නේ පසු තැවීම විතරයි. ආදරය එක්කම අවබෝධයත් අනිවාර්යෙන්ම එකිනෙකා ළඟ තිබිය යුතුයි.

6. ධනාත්මක චින්තනයක් ඇති කර ගන්න 

කාන්තා පිරිමි කියල වෙනසක් නැතුව අපිට ජීවිතය ජය ගන්න ධනාත්මකව සිතන එක ගොඩාක් වැදගත්. කාන්තාවක් කියන්නේ මුළු ජිවිත කාලෙම නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙන කෙනෙක්. ඉතින් ඒ දේවල් වලට මුහුණ දෙන්න  අපිට ශක්තිය තියෙන්න ඕනේ. ඒ වගේ අවස්ථා වලදී ඍණාත්මක හැඟීම්, ඍනාත්මක සිතුවිලි ඇති උනොත් හැමදාම එකම තැන තමා ඉන්න වෙන්නේ. කවදාවත් ඉදිරි ගමනක් ගැන නම් හිතන්න බැරි වෙයි. ඒ නිසා හැම වෙලාවේම ධනාත්මකව හිතන්න පතන්න පුරුදු වෙන්න .

7. පැරණි  මතකයන් අමතක කරන්න 

වැරදීම්, පසු තැවීම් අමතක කර අනාගතයට ශක්තිමත්ව මුහුණ දීමට හිතට ගන්න. හැමදාම අතීතයේ ජිවත් වෙන එක ඔයාගේ අනාගතයම නැති කරලා දාන්න හේතු වෙනවා. අතීතයේ තමන්ට වැරදුනු තැන් ගැන කල්පනා කර කර ඉන්න ගියොත් ඔයාට අනාගතයක් ගැන හිතන්න බැරි වෙයි. ඒ නිසා ජිවිතේ වැරදුනු තැන් ගැන හැමදාම හිත හිත ඉන්න එපා. ඒ වැරදි, අතපසුවීම් වලින් අපේ ජිවිත වලට අත්දැකීම් එකතු වෙනවා. තමන්ට වැරදුනු තැන් පරාජය වුනු තැන් වලින් පාඩම් ඉගෙන ගෙන තවත් ශක්තිමත් වෙන්න. ඒ අත්දැකීම් වලින් ඔයාට වඩා හොඳ අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන්.

ශක්තිමත් හා ස්වාධින කාන්තාවක් විදියට ජීවිතේට මුහුණ දෙන්න මේ දේවල් ඔයාට ගොඩාක් උදවු වෙයි.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 613 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:47:55 PM
Script:/article/613/as-a-woman-you-should-think-of-these-too.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 5:47:56 PM
Script:/article/613/as-a-woman-you-should-think-of-these-too.html