ඔබටත් ජිවිතේ ගැන කළකිරීමක් දැනෙනවා නම් ඉක්මණින්ම මේ දේවල් කරන්න

June 6, 2017
9,705
6 Life Saving Tips For When Your Life Gets Too Crazy
අපි කායිකව වගේම මානසිකවත් නිරෝගී උනාම විතරයි අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ. නමුත් අපි හැම කෙනෙක්ටම එක වගේ මානසික තත්වයක් නැහැ. මොකද විවිධ විවිධ අවස්ථාවන් වලදී පුද්ගලයන් ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය එකිනෙකට වෙනස් වෙනවා. මේ නිසා අපි අපේ මානසික සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කල යුතුයි.

ඇත්තටම අපි හිතනවට වඩා ඇතැම් පුද්ගලයන්ගේ මානසික තත්වය පවතින්නේ ඉතා දුර්වල මට්ටමක. මේ වගේ අයට ජිවිතේ නොහිතන ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වුනාම ඔවුන් මානසිකව තව තවත් දුර්වල වෙනවා. මේ නිසා ඔවුන් බොහෝ විට ජීවිතය ගැන වැරදි තීරණ ගන්නවා. මේ නිසාම තමයි අද වන විට දිවිනසාගැනීම් වගේ දේවල් සමාජයේ සුලභ දේවල් බවට පත්වෙලා තියෙන්නේ.

අපි හැමෝටම ජිවිතයේ යම් යම් අවස්ථාවන් වල ජීවිතය ගැන කළකිරීමක් ඇතිවෙන්න පුළුවන්. අපිට ශක්තිමත් මානසික තත්වයක් තියෙනව නම් මේ සිතුවිල්ල පාලනය කරගන්න අපිට පුළුවන්. නමුත් විෂාදය, කාංසාව වැනි මානසික රෝග වලින් පීඩා විදින කෙනෙක්ට මේ තත්වය තනිවම පාලනය කර ගැනීමේ හැකියාවක් නැහැ. මේ නිසා හැම කෙනෙක්ම තමන්ගේ කායික තත්වය ගැන වගේම මානසික තත්වය ගැනත් නිතරම හොද අවධානයකින් සිටිය යුතුයි. අද අපි ඔබට කියන්නේ ඔබේ මනස ආරක්ෂා කරගන්න ඔබ කලයුතු කාර්යන් කිහිපයක් ගැන.

1. වැඩ ගොඩක් එකවර කරන්න උත්සහ කරන එක නතර කරන්න

ඔබ දන්නවද ඔබ අනවශ්‍ය විදිහට කාර්ය බහුල වීම ඔබේ මනස ඉක්මනින්ම දුර්වල වීමට හේතුවක්. හිතන්න ඔබ වැඩ කිහිපයක් එකවර කරන්න ගිහින් එයින් වැඩ දෙක තුනක්ම අසාර්ථක වෙනවා කියලා. මේ වෙලාවට ඔබට දැනෙන්නේ විශාල පීඩනයක් සමහර විට එය ඔබේ මනසට දරාගැනීමට පවා නොහැකියි. මේ නිසා හැකි සෑම අවස්ථාවකම උත්සහ කරන්න ඔබට ඉටු කිරීමට හැකි වැඩ පමණක් තෝරාගන්න. එය ඔබට අනවශ්‍ය මානසික පීඩනයක් ඇතිවීම වළක්වනවා.

2. සුදුසු පියවර සුදුසු අවස්ථාවන් වලදී ගන්න

අපිට ඉබේම දැනෙන්න ගන්නවා අපේ මානසික තත්වය දුර්වල වෙන විට. මේ වෙලාවට ඔබ කරන්න ඕනේ තව තවත් ඒ ගැන හිත හිත කාලය ගත කරන එක නෙවෙයි. ඔබ උත්සහ කරලා බලන්න මේ තත්වය මග හරවා ගන්න පුළුවන් ක්‍රමයක්. ඔබට තනිවම විසදුමක් සොයාගත නොහැකි නම් ඔබට විශ්වාස සමීප අයෙකුගෙන් උපදෙස් ගන්න. නැතිනම් සුදුසුම දෙය තමයි මානසික උපදේශකයෙකුගේ සහය ලබාගැනීම. එවිට ඔබට පුළුවන් තත්වය අයහපත් වෙන්න කලින් ඔබේ ප්‍රශ්නය විසදා ගන්න.

3. ඔබ ආදරය කරන ඔබට ආදරය කරන අය සමඟ වැඩි කාලයක් ගත කරන්න

ආදරය කියන්නේ අපේ මනසට හොද ප්‍රතිකාරයක්. මේ නිසා ඔබට මානසිකව යම් අපහසුතාවයක් දැනෙනවා නම් තනිවෙන්න උත්සහ කරන්නේ නැතුව ඔබ කැමති පුද්ගලයන් සමග කාලය ගත කරන්න. මෙය ඔබට විශාල සහනයක් ගෙන දේවී නැවත මානසික තත්වය යහපත් මට්ටමකට ගෙන එන්න.

4. මනස සැහැල්ලු කරන දේවල් වලට යොමුවෙන්න

අපේ මනස සැහැල්ලු කරගන්න පුළුවන් සරල ප්‍රතිකාර බොහොමයක් තියෙනවා. සරලවම කරන්න පුළුවන් දෙයක් තමයි භාවනාව කියන්නේ. ඔබට මානසිකව යම් වෙනසක් දැනෙනවා නම්, හැකි සෑම අවස්ථාවකම උත්සහ කරන්න මනස සැහැල්ලු වෙන දේවල් කරන්න. මෙහිදී ඔබ කැමති ක්‍රමයක් හෝ මනෝ උපදේශක වරයෙකුගේ සහය ඔබට මේ සදහා ලබාගන්න පුළුවන්.

5. ඔබ අකමැති දේවල් වලින් ඉවත් වෙන්න

ඔබ යම් ප්‍රශ්නයක් නිසා ඉන්නේ මානසික පිඩනයකින් නම් ඔබට තවත් ප්‍රශ්න ඇති කරන දේවල් වලින් ඉවත් වෙන්න. නැතිනම් වෙන්නේ ඔබේ මනස තව තවත් පිඩාවට පත් වීමයි. ඔබ අකමැති පුද්ගලයන් හමුවීම, අකමැති කාර්යන් සිදුකිරීම වගේ දේවල් වලින් පුළුවන් තරම් ඈත් වෙන්න. එවිට ඔබට පුළුවන් තරමක් දුරට හෝ මානසික සැහැල්ලුවක් ඇති කර ගන්න.

6. මානසික උපදේශක වරයෙක් හමුවන්න

මානසික උපදේශක වරයෙක් හමුවීම බොහෝ දෙනෙක් හිතන්නේ ලජ්ජාවට කාරණාවක් කියලා. නමුත් ඔබට යම් මානසික ගැටළුවක් තිබෙනවා නම් ඔබ මානසික උපදේශක වරයෙක් හමුවෙනවා කියන්නේ එය ඔබට ඔබගේ ජීවිතය ආරක්ෂා කරගන්න ලැබෙන හොද අවස්ථාවක්. මේ නිසා ඔබට අවශ්‍යතාවයක් දැනෙනවා නම් අනිවාර්යෙන්ම මානසික උපදේශක වරයෙක් හමුවෙන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 302 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:37 PM
Script:/article/302/6-life-saving-tips-for-when-your-life-gets-too-crazy.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 1:17:37 PM
Script:/article/302/6-life-saving-tips-for-when-your-life-gets-too-crazy.html