හැමදාම නිකන්ම නිකන් බත් කනවට වඩා ඉඳලා හිටලා වෙනසක් කරලා රසට කහ බතක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය :
කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1
ලොකු පොල් ගෙඩි 1/2ක පොල් කිරි
කරඳමුංගු කරල් 1
කහ කුඩු තේ හැඳි 1
කරාඹුනැටි 2
සිහින්ව කපාගත් රතු ලූණු ගෙඩි 6
උම්බලකඩ තේ හැඳි 2
රම්පෙ කෑල්ලක්
කරපිංචා ඉති 1
කුරුඳු පොතු කෑල්ලක්
මාගරින් මේස හැඳි 5
තලාගත් අමු ඉඟුරු පෙති 1
තලාගත් සුදුලූණු බික් 3
ලුණු කුඩු මේස හැඳි 1
සාදන ආකාරය :
01. හාල් ටික සෝදා දිය බේරෙන්න පසෙකින් තබන්න.
02. බඳුනකට මාගරින් දමා පිල තබා කරපිංචා, රතු ලූණු, සුදුලූණු, අමු ඉඳුරු හා රම්පේ දමා තැම්බීගෙන එන විට උම්බලකඩ, කුරුඳුපොතු, කරඳමුංගු, කරාඹුනැටිත් එකතු කර ලූණු දුඹුරු පැහැය වන තෙක් බැදගන්න.
03. පොල් කිරි ටිකට කහ සහ ලුණු මිශ්‍ර කර, එයට එකතු කර කලවම් කර හැඳි ගාන්න.
04. කිරි රත් වන විට එයට හාල් දමන්න.
05. හාල් තැම්බෙන ප්‍රමාණයට කිරි මදි බව පෙනේ නම් නට වතුර ටිකක් එකතු කර අඩිය අල්ලන්න නොදී දෙතුන් වතාවක් හැඳි ගාන්න.
06. කිරි සිඳුනු පසු ලිප නිවා පිලිගන්වන තෙක් බත ලිප මතම තබා වසා තබන්න.
07. පිස ගත් කහ බත් සමඟ සීනි සම්බෝල, වම්බටු මෝජු, මාළු මස් ව්‍යෑංජන, අච්චාරු ආදිය සමඟ උණුවෙන් පිළිගන්වන්න.