පෝර්ක් ස්ටූ හැදීමට අවශ්‍ය දේ :
ඌරු මස් (පෙති කපාගත්) ග්‍රෑම් 450
ලොකු ලූනු (කුඩා කොටු කපාගත්) ගෙඩි 1
කරාබු නැටි (කුඩාවට කපාගත්) 5
මාළු මිරිස් (හරස් අතට පෙති කපාගත්) කරල් 3
ගම්මිරිස් (පොඩිකර ගත්) මේස හැඳි 1
විනාකිරි මේස හැඳි 1
සෝයා සෝස් මේස හැඳි 1
ලුණු රස පදමට තේ හැඳි 1
කුරුඳි කැබැල්ලක්
කරඳමුංගු 2 (පොඩිකරගත්)
කහ කුඩු තේ හැඳි 1 1/2
පෝර්ක් ස්ටූ හදමු
01. ගැඹුරු භාජනයකට ඌරු මස්, කහ, සෝයා සෝස්, විනාකිරි, ගම්මිරිස්, ලුණු, කුරුඳු, කරඳමුංගු දමා හොඳින් කලවම් කර විනාඩි 30 ක් පමණ මුඩියකින් වසා පදම් වනතුරු තබන්න.
02. දැන් පියනකින් වසා මද ගින්නේ තබා එයට වතුර අඬු කෝප්ප එකක් දමා විනාඩි 15 ක් පිසගන්න.
03. ලූනු හා සුදු ලූනු වලින් භාගයක් එකතු කර හොඳින් කලවම් කර තවත් විනාඩි 10ක් පමණ පිසගන්න.
04. දැන් එයට මාළු මිරිස් එක්කර හොඳින් කලවම් කර තවත් විනාඩි 5ක් පමණ පිසගන්න.
05. මාළු මිරිස් තැම්බීගෙන එන විට එයට ඉතිරි ලූනු හා සුදු ලූනු එක්කර හොඳින් කලවම් කර ගින්දර නිවා විනාඩි 2ක් පමණ පසෙකින් තබා පිළිගන්වන්න.