මේ දවස්වල හැම දෙනාම විපරම් කරන්නේ කොරෝනා කියන මේ දරුණු වෛරසයෙන් අපි ආරක්ෂා වෙන්නේ කොහොමද කියන තොරතුරු ගැනයි. සමාජ දුරස්ථබව වගේම අපේ ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන ගැනත් ඒ අතරේ ආරංචි වෙනවා. වෛද්‍ය ක්‍රිස්ටිනා ගොන්සාලස් විසින් කොවිඞ් 19 වෛරසයට එරෙහිව සටන් කළ හැකි ජීවන රටාව සහ ආහාර පිලිබඳව ලබා දෙන දැණුවත්වීම් ගැනත් සලකා බලමු. ඇගේ උපදෙස් අනුව
• පෝෂ්‍යාදායී ආහාර,
• ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම,
• විවේකය සහ නින්ද,
• ව්‍යායාම,
• ඖෂධීය තෛල සමග හුමාලය ඇල්ලීම
• අනුන් වෙනුවෙන් සංවේදීව කටයුතු කිරීම
• හිරු එළියේ ව්‍යායාමයන්හි නිරත වීම
• ආගමික වතාවත්වල යෙදීම ඒ අතර වැදගත්. ඊට අමතරව වෛද්‍යවරිය විසින් හඳුන්වා දෙන ලද ඖෂධීය තේ එකක් අපට නිවසේදීම සකස් කර ගන්න පුලුවනි.
අවශ්‍ය දේ :
ගෙවත්තේ සාදාගත් හෝ විශ්වාසදායී ලෙසින් හඳුනා ගත් වස විස නැති කහ කැබැලි ලොකු ප්‍රමාණයෙන් 2 ක්
අඟල් තුනක පමණ ඉඟුරු කැබැල්ලක්
සුදුලූණු ගෙඩියක්
වතුර තේ කෝපප් 3 ක්
නාරං හෝ ලෙමන් ගෙඩි දෙකක යුෂ
සාදන අන්දම :
01. වතුර කෝප්ප තුන රත්වෙන්න තබන්න.
02. කහ සහ ඉඟුරු පොතු ඉවත් කර සිහින් කැබලිවලට කපන්න.
03. වතුර කෝප්ප තුන නටන විට කපාගත් කහ, සුදුලූණු සහ ඉඟුරු එකතු කරන්න.
04. ලිපෙන් ඉවතට ගෙන නාරං හෝ ලෙමන් යුෂ එකතු කරන්න.
05. මෙය විනාඩි පහළොවක් පමණ වේලා වසා තබා පානයට ගන්න.
දිනකට තුන්වතාවක් පානය කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවට හේතු වෙන බව වෛද්‍යවරිය සඳහන් කරනවා.
මෙම තේ පානයෙන් ප්‍රතිශක්තිය වර්ධනය වෙනවා. දැවිලි ගතිය නැති වීම වගේම උණ, ප්‍රතිශ්‍යාව සහ උගුරට සහනයක් ලබා දෙනවා.
එන්.ඒ.පි.සි