අද හැඩකාරී අපි සැමන් මිශ්‍ර එලවළු රොටී ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න විදිහක් කියලා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය :
මෝලිය සඳහා;
බාර්ලි පිටි 250g
ලුනු
තෙල් මේස හැඳි 1 1/2
වතුර
පිරවුම සඳහා;
තම්බා ගත් අල
සැමන්
පොඩියට කපාගත් ළූණු
ලීක්ස්
අමු මිරිස්
තලාගත් ඉඟුරු, සුදුළූණු
කරද මුංගු, කුරුඳු
ගම්මිරිස් කුඩු
කෑලිමිරිස් කුඩු මිරිස් ටිකක්
කරපිංචා, රම්පෙ
තෙල්
සාදන ආකාරය පිටි මෝලිය :
01. පිටි ටික භාජනයකට දමා ලුනු, තෙල් ටික දාලා කලවම් කරන්න.
02. පසුව වතුර ටික ටික එක් කරමින් අනා විනාඩි 15ක් 20 ක් විතර තියන්න.
03. පසුව කුඩා බෝල වලට කඩා, උඩට තෙල් ගා පැය 6-7 හොඳට වහලා තියන්න.
පිරවුම සාදන ආකාරය :
01. භාජනයක් ලිප තබා එයට තෙල් දමා රත්වූ විට එයට ඉඟුරු සුදුළූණු කරපිංචා, රම්පෙ, කුරුඳු, එනසාල් දාන්න.
02. පසුව ළූණු, අමුමිරිස් දමා ගම්මිරිස්, මිරිස්කුඩු, ලුනු කැමති පරිදි එක් කරන්න.
03. එයටම සැමන් ලීක්ස් එක්කර, ටිකකින් අල එකතු කරන්න .
04. සදා ගත් කුඩාබෝල තෙල් ගා රවුමට තුනීකර පිරවුම දමා කැමති ආකාරයට නවා පසුව පුලුස්සා ගන්න .