උදේට බීලා යන්න ශක්තිජනක අඹ ජූස්

October 31, 2018
2,353
Energy Boost Mango Juice
අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ උදේට තේ එකක් කෝපි එකක් බොන්නනේ. ඒත් ඒකෙන් සතියට දවස් තුනක් වත් අයින් වෙලා පළතුරු ටිකක් කන්න, බොන්න පුරුදු උනොත් ඔයාගේ, ඔයාගේ පවුලේ අයගේ යහපත් සෞඛ්‍යයට හොඳ ආරම්භයක් වෙයි.

අඹ වාරෙට මේ ජූස් එක අනිත් පළතුරු ජූස් බොන අතරට සතියට දෙතුන් වතාවක් බිව්වට කමක් නෑ. ජූස් එක ගොඩක් කූල් එකට ඔනේ නම් කලින් දවසේ අඹ කෑලි කපලා අධිශීතකරනයේ දාලා උදේට ගන්න. උදේට බිඳින පොල් ගෙඩියේ වතුර ටික විසිකරන්න එපා. ශීතකරනයේ දාලා තියාගන්න. ජූස් හදනකොට වතුර වෙනුවට ඒවා පාවිච්චි කරන්න. පොල් වතුර යහපත් සෞඛ්‍යයට හොඳ රුකුලක්.

අවශ්‍ය ද්‍රව්‍ය :

කෑලි කපාගත් ලොකු අඹ ගෙඩි 1
කෙසෙල් ගෙඩි 1
වැනිලා යෝගට් 1
පොල් හෝ තැඹ්ලි වතුර කෝප්ප 1 1/2 (පොල් වතුර වෙනුවට වතුර හෝ යොදා ගත හැක )

සාදන ක්‍රමය :

01. අඹ, කෙසෙල්, යෝගට් සහ පොල් වතුර එකට බ්ලෙන්ඩ් කරගන්න.

02. කෑලි නොසිටින සේ හොඳින් ගසා ගත යුතුයි.

03. දෙදෙනෙකුට සෑහෙන ජූස් සාදා ගන්න පුලුවන්.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Face packs for mix face skins
   2,864
   2,211

මිශ්‍ර සමක් සහිත යුවතියකගේ පෙනුම ඔප් නංව​න යෝගට් ෆේස් පැක්

සමේ පෙනුම ඔප් නංවන්න හැකි අමුද්‍රව්‍යයක් තමයි යෝගට් ෆේස් පැක් කීපයක් ගැන අපි කියන්නම්
2020 fashion trends
   268
   213

2020 වසරේ හිට් වුණු ෆැෂන් ට්‍රෙන්ඩ්ස්

අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන මේ විලාසිතා ප්‍රවණතාවය සමඟ ඔයාගේ ඇඳුම් ආයිත්තම් කට්ටලය 2020 අවුරුද්දට ගැලපෙන්න අප්ඩේට් කරගන්න
Do you see the difference between BB, CC foundation creams?
   245
   182

ෆවුන්ඩේශන්, BB සහ CC Cream අතර වෙනස සහ ඒවා ඔබේ මුහුණට කරන වෙනස දන්නවාද?

නිවැරදි පැහැයක්, පරිපූර්ණ ආවරණයක් සහ මුහුණට යෝග්‍ය මේක් අප් එකක් සඳහා ඔබ භාවිතා කරන ෆවුන්ඩේශන් වර්ග භාවිතය පිළිබඳව ඔබ දැනගන්න වටින කරුණු කීපයක් මෙන්න
Essential 3 vitamins for glowing skin
   9,216
   164

සමේ ස්වාභාවික අලංකාරය සඳහා ඔබ අනිවාර්යයෙන් ගත යුතු විටමින් 3 ක්

ඔබට සමේ සෞඛ්‍ය සම්පන්න බවත් දීප්තිමත් බවත් ඉහ​ළ නංවා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ගන්න අත්‍යාවශ්‍ය විටමින් වර්ග 3ක් ගැන අපි ඔබට කියන්නම්. ටික කාලෙකින් ඒවා ඔබේ සමේ මැජික් එකක් වගේ වැඩ කරන ආකාරය ඊට පස්සේ ඔබම දකින්න...
Carrot Soup
   242
   141

කැරට් සුප් වට්ටෝරුව

නැවුම් රසයන්ගෙන් පිරුණු පහසු, සෞඛ්‍ය සම්පන්න, රසවත් කැරට් සුප්, කාර්යබහුල දිනයේ රාත්‍රි සංග්‍රහයක් සඳහා සුදුසුයි

Latest Articles

Most Viwed