තායිලන්ත අන්නාසි බත්

June 10, 2019
4,385
Thai Pineapple Rice Recipe
විශේෂ අවස්ථාවන්ට නෑදෑ හිත මිතුරන්ගේ හිත පුරවන්න පුළුවන් විදිහේ බතක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය :

ශීතකරණයේ තබා ගත් බත් කෝප්ප 8
කපා ගත් අන්නාසි කෝප්ප  2
වියළි මිදි කෝප්ප 1/2
තම්බා ගත් ග්‍රීන් පීස් කෝප්ප 1
සිහින්වට කපාගත් රතු ළුණු ගෙඩි 2
තලාගත් සුදු ළූණු බික් 6
කපා ගත් අමු මිරිස් කරල් 2
ඉස්සන් කෝප්ප 2
ගසා ගත් බිත්තර 2
ෆිෂ් සෝස් මේස හැඳි 6
සීනි තේ හැඳි 2
චිකන් ස්ටොක් මේස හැඳි 6
රෝස්ට් කර ගත් කජු කෝප්ප 1
කොත්තමල්ලි කොළ කෝප්ප 1
කපා ගත් ළූණු කොළ කෝප්ප 1/2
තෙල් අවශ්‍ය පමණට

සාදන ක්‍රමය :

01. පිසගත් බත් එකට තෙල් මේස හැඳි ⁣02ක් දමා ඇඟිලි තුඩු වලින් කලවම් කර ගන්න. 

02. භාජනයකට තෙල් ටිකක් දමා රත් වුනාම එයට රතු ළුණු, සුදු ළුණු, අමු මිරිස්, ඉස්සෝ දමා බැදගෙන බිත්තරද දමා මිශ්‍රණය කලවම් කරන්න.

03. භාජනයකට ෆිෂ් සෝස් ,සීනි ,චිකන් ස්ටොක් දමා හොඳට මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය තෙම්පරාදුවට දමා කජුද එකතු කර ගෙන විනාඩි 2ක් මිශ්‍ර කරන්න.

04. පසුව බත් ටික දමා තෙම්පරාදුව හොඳට බත් එක්ක එකතු වෙන්න මිශ්‍ර කරන්න.

05. පසුව අන්නාසි, වියළි මිඳි, ග්‍රීන් පීස් දමා විනාඩි 3ක් නැවත මිශ්‍ර කර ලිපෙන් ඉවතට ගන්න.

06. අවසානයට ළුණු කොළ ,කොත්තමල්ලි කොළ එක් කරන්න.

Related Articles

Featured Articles

Trending Articles

අපේ ජනප්‍රියම ලිපි

Database Error
Message:MySQL Query fail: SELECT count(Distinct B.IP) as count,A.id,A.s_title,A.e_title,A.summary,A.image,A.hits from h_articles A, h_articles_stats B where A.id = B.article_id and article_date > '2025-09-15 00:00:00' and A.id <> 1347 group by A.id order by count DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:07 PM
Script:/article/1347/thai-pineapple-rice-recipe.html

Latest Articles

Most Viwed

Database Error
Message:MySQL Query fail: SELECT count(distinct(IP)) as Tot,article_id FROM `h_articles_stats` group by article_id order by Tot DESC Limit 5
MySQL Error:Table 'h_articles_stats' is marked as crashed and should be repaired
Date:Tuesday, September 16, 2025 at 4:26:08 PM
Script:/article/1347/thai-pineapple-rice-recipe.html