වම්බටු සහ අළු කෙසෙල් ගැඹුරු තෙලේ බැදලා හදන මේ කරිය බත් පිඟානට අළුත් රසක් එකතු කරනවා සැකයක් නෑ.
අවශ්‍ය ද්‍රව්‍ය :
කොටුවට කපා ගත් අළු කෙසෙල් ගෙඩි 2
කොටුවට කපා ගත් වම්බටු ගෙඩි 2
සූදුරු තේ හැදී 1
අබ තේ හැදී 1
කුරුඳු පොතු පොඩි කැබැල්ලක්
පොඩි කර ගත් ඉඟුරු
පොඩි කර ගත් සුදුළූණු
රම්පෙ
කරපිංචා
කපාගත් ළූණු
පොඩි සේර කෑල්ලක්
කරදමුංගු කරල් 2
මිරිස් කුඩු තේ හැඳි 2
සීනි තේ හැඳි 1/2
විනාකිරි මේස හැඳි 1
බැදපු පහේ තේ හැඳි ½
උකු පොල් කිරි කෝප්ප 3/4
සාදන ක්‍රමය
01. පළමුව අබ, සූදුරු, කුරුඳු එකට ග්‍රයින්ඩ් කරගන්න.
02. වම්බටු සහ අළු කෙසෙල් වලට ලුණු සහ කහ මිශ්‍ර කරගෙන රන්වන් පැහැයක් වන තුරු ගැඹුරු තෙලේ බැද ගෙන පසෙකින් තබන්න.
03. තෙල් ටිකක් ලිපේ තියාගෙන එයට ඉඟුරු, සුදුළූණු, කරපිංචා, රම්පෙ, ළූණු, සේර, කරදමුංගු එකතු කර තෙම්පරාදු කරගන්න.
04. එයටම මිරිස් කුඩු, විනාකිරි, සීනි, බැදපු පහේ සහ කුඩු කරගත් අබ මිශ්‍රණය එකතු කර කලවම් කරගන්න.
05. එයට පොල් කිරි එකතු කර හොඳින් කලවම් කරන්න. එයට බැදගත් බටු සහ අළු කෙසෙල් එක් කරගෙන අඩු ගින්දරේ හින්දගන්න.