කරවල කරත්ත වෑංජනය හැදීමට අවශ්‍ය දේ :
අර්තාපල් ග්‍රෑම් 100
කරවල ග්‍රෑම් 50
බී ලූනු ග්‍රෑම් 50
රතු ලූනු (කුඩාවට කපාගත්) ග්‍රෑම් 50
මෑ කරල් ග්‍රෑම් 75
තක්කාලි ග්‍රෑම් 75
වට්ටක්කා ග්‍රෑම් 75
නිවිති කොළ ග්‍රෑම් 75
කරි කුඩු මේස හැඳි 1 1/2
කහ කුඩු තේ හැඳි 1/2
මිරිස් කුඩු තේ හැඳි 1/2
මිටිකිරි අඬු කෝප්ප 1 1/2
දියකිරි අඬු කෝප්ප 3
සුදු ලූනු බික් 6
ලුණු
කරපිංචා
අමු මිරිස්
කුරුඳු පොතු ස්වල්පයක්
කරවල කරත්ත කරිය හදමු
01. බී ලූනු සුද්ද කර හතරට පළාගන්න. අල සුද්ද කර අඟල් 1 1/2 කෑලි කපාගන්න. මෑ කරල් සහ කරවල අඟලේ කෑලි කපාගන්න. තක්කාලි හතරට පළාගන්න. වට්ටක්කා කෑලි කපන්න.
02. භාජනයක් ගෙන එයට තක්කාලි, මෑ කරල්, බී ලූනු, මිටිකිරි, නිවිති හැර අනෙකුත් සියලූ දේවල් එකට දමා භාගයට වඩා තැම්බෙන්න හරින්න.
03. දැන් මිටිකිරි එක් කොට ඊට ම මෑ කරල්, බී ලූනු, තක්කාලි දමා තම්බන්න.
04. බිමට බා ගත් පසු නිවිති කොළ එක් කරන්න.