අවශ්‍ය ද්‍රව්‍ය :
පාන් පෙති 6
චීස් 50g (චෙඩර් හෝ මොසරැල්ලා)
තම්බා පොඩි කරගත් කුකුල් මස් 250g
කපා ගත් ළූණු 100g
සුදු ළූණු මේස හැඳි 01
ගම්මිරිස් මේස හැඳි 01
අමු මිරිස් කරල් 02
ලුණු රස පදමට
තම්බා පොඩි කරගත් අල 300g
බිත්තර 03
කිරි කෝප්ප 01
තක්කාලි සෝස් මේස හැඳි 05
සාදන ක්‍රමය :
01. උදුන 400F / 200C ප්‍රී හීට් වෙන්න හරින්න. බටර් තැවරූ බේකින් පෑන් එකක් ගෙන වාටි ඉවත් කළ පාන් පෙති අතුරා ගන්න.
02. ඉන්පසු ග්‍රේට් කළ චීස්වලින් ටිකක් පාන් මත අතුරන්න.
03. බිත්තර තුන ගසා ගෙන එයට කිරි කෝප්පය එකතු කරන්න.
04. එයට ගම්මිරිස් කුඩු මේස හැඳි භාගයක් හා ලුණු ස්වල්පයක් එක්කර ගන්න. ටිකක් සැරට කන්න කැමති නම් කෑලි මිරිස් තේ හැඳි 1කුත් එකතු කරගන්න.
05. තම්බා පොඩි කරගත් මස්වලට ළූණු, සුදු ළූණු, ගම්මිරිස්, තක්කාලි සෝස් මේස හැඳි 02 ක් හා අමු මිරිස් එකතු කර එම මිශ්‍රණය පාන් පෙති මතට දමන්න. කැමති නම් තම්බාගත් එළවලුත් (ග්‍රීන් පීස් / කැරට්) එකතු කරන්න පුළුවන්.
06.මිශ්‍රණය උඩින් නැවතත් චීස් ඉසින්න.
07. තම්බා පොඩි කරගත් අල දමා නැවතත් චීස් ඉසින්න.
08. අවසානයට බිත්තර හා කිරි මිශ්‍රණය උඩින්ම දමා ඉතිරි සෝස් ද එක්කර විනාඩි 45ක් පමණ බේක් කරගන්න